Posts

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක් - මහාචාර්ය රොහාන් සමරජීව

Image
  [මෙම ලියවිල්ල කෙටුම්පතකි; සාකච්ඡාවට සහ සංවාදයට විවෘතයි] අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි. බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහල යමින් පවතී. රාජ්‍ය දත්ත (CCPI) අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර මිල උද්ධමනය 46.6% දක්වා වැඩිවී තිබේ. වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීමට ගෑස් හොයාගැනීම දුෂ්කරය, දෙගුණයක් මිලය. දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත. විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත. ෂෙඩ් ළඟ පෝලිම් රට පුරා දකින්නට ඇත. බෙහෙත් හිඟය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. පෝලිම්වල මිනිසුන් මියැදෙති. අසාධාරණයනට විරුද්ධව හඬ නගන මිනිස්සු පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙති. මේ පිළිබඳව ත්‍රෛනිකායික මහනායකවරුන් පවා ජනාධිපතිවරයා වෙත යොමු කල සංදේශයක් මගින් තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත. සිදු කරන සියලු දේ වරද්දා ගත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රශ්න තවත් උග්‍ර කරන ලදි. එයට උදාහරණ එමටය. # ලංකාව සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් කිරීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, අවසානයේ රටට සිදු වුයේ භාවිතා කළ නොහැකි ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක
Image
මැරී මැරී ජීවත්වෙන අපේ නායකයෝ                   දේශයක් පාලනය කරනවා කියන්නෙ මහ උතුම් කාර්යයක්. මහා පෞරුෂයක් තියන නායකයො තමයි ලෝකෙ දියුණුයි කියන හැම රටකම සාර්ථකත්වය පිටුපස හිටියේ. ඒ වගේම තවත් සමහර රටවල් විනාශය කරා අරන් ගියෙත් ඒ කාලකන්නි හොර දේශ පාලන කොට්ටාශම තමයි. ලෝක ඉතිහාසය පුරා එහෙම උදාහරණ අනත්තවත් තියනවා. අවාසනාවකට අපේ රටටත් ඒ නරක කාලය උදාවෙලා. දශක දෙක තුනක් තිස්සෙ ‍කල මිනිස්සුම ගත්ත වැරදි තීරණ වල ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා. මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක එක කඩා වැටෙන කොට ජීවිත ඉල්ලා අරගල කරන්න සටන් වදින්න මිනිස්සුන් අද පාරට ඇවිත්. අගමැති ගේ නිලනිවාසේ සුදුකොඩි වැටෙන තරමට මිනිස්සු දේශ පාලුවන්ට වෛර කරනව.  අවසානයේ කියන්න තියෙන්නෙ සමහර දේශ පාලකයො, නායකයො මැරුනත් මිනිස්සුන්ගේ හිතේ ජීවත් වෙනවා, ඒත් තවත් අය ජීවත් වෙද්දීත් ම්නිස්සු මරණය සමරන්න තරම් තත්වෙට වැටිල. 

මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න

මෛත්‍රි ව්‍යවස්ථාව ඇති කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක් අවශ්‍යමය.ඒ සදහා මන්ත්‍රිවරු 150 ක් අවශ්‍යය.එම ගනන මෙම මොහොතේ සන්ධානයෙන් ගත යුතුමය.ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රට තුළ මැතිවරණ ක්‍රමය වෙනස් වනු ඇත.ඉන්පසු පනින රිලවුන්ට දූෂිතයින්ට එරෙහිව ඔබේ ඡන්දය භාවිතා කර හොද්ද රස වූ පසු ගොරකා ඉවත් කරන්නාක් මෙන් ඔවුන්ව ඉවත් කර දමන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුව ගෙනියන්න කවර හෝ පක්ෂයකින් හෝ එකතු වලින් හෝ මේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් අවශ්යය.ව්‍යවස්ථා සංශෝධන සඳහා 150 ක් අවශ්‍යය  ඒ එක්සිය දහතුන අතර කිරෙන් නැහවු සුවඳ විහිදෙන සමන් පිච්ච මල් දහයකට පහලොවකට වඩා නැත සියයකට ආසන්න පිරිස සොයාගන්න වන්නේ මඩ වලෙ නැටූ ඌරන් අතරින්මය  ඔබටත් මටත් ලෙහෙසියෙන්ම කතාවෙන් සුපිරිසිදු පුද්ගලයින් බලාපොරොත්තු විය හැකි නමුත් යථාර්තය නම් දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ එවැනි පුද්ගලයින් නොවේ.එම නිසා දින සියය යථාර්ථය කරගැනීමට ඔලු ගෙඩි සම්පූර්ණ කර ගැනීමට අප අකමැති වුවත් විවිධ පුදගලයින්ට  තාවකාලිකව හෝ තනතුරු ලබාදීමට සිදුවනු ඇත එහෙත් අපට මෛත්‍රී හා රනිල් කෙරෙහි දිගුකාලීනව බලාපොරොත්තු රැඳවිය හැකිය .ජාතික හෙල උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ පක්

මෙත්තානිසංස සූත්‍රය

මෙත්තානිසංස සූත්‍රය තෙරුවන් සරණයි යාලුවනේ. අදත් ඔයාලට ඉතාම වැදගත්වන සූත්‍ර දේශනාවක් තමයි මම ඉදිරිපත් කරන්න යන්නෙ. ඊට කලින් සදහන් කරන්න ඕනි මේ ගොඩක් ලිපි මම යම් යම් තැන්වලින් උපුටාගෙන තමයි නිරමාණය කරන්නෙ. මගෙ ලිපියට සුදුසු කොටස් එ‍හෙමම ගන්න වෙලාවලුත් තියෙනව. මට සුවිශාල දැනුම් සම්භාරයක් තියෙනව කියල හිතන්න එපා. ඒක මට පවක් වෙන්න පුලුවන්. අනිත් කාරණේ මේ ලිපි බලල මට සහයෝගය දක්වන ඔබට විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕනි. ඔබ මේ ලිපි බලන නිසයි මම මේව පල කරන්නෙ. ඒවගේම ලිපි බලල මට දෙමාලියො වගේ ආදරය කරන අයත් ඉන්නව. ඔයාලටත් ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා.  හොදයි මෙත්තානිසංස සූත්‍රය සූත්‍ර දේශනාව මම ප්‍රායෝගිකව අත්විදපු සූත්‍ර දේශනාවක්. මෙහි සදහන්වන සියල්ලක්ම නොවුනත් කොටසක් හරි මට හොදින්ම දැනිල තියෙනව. ඒ නිසා මේ මෙත්තානිසංස සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය කියන සූත්‍ර දෙකෙහිම සත්‍යතාවය පෙන්නන්න මට වෙන කිසිම සාක්ෂියක් ඕනි නෑ. මම සහතික කරල කියනව මේ සූත්‍ර දෙක ඔබේ ජීවිතේ ප්‍රායෝගික විදිහට යොදාගන්න පුලුවන් හැබැයි අවංක ශ්‍රද්ධාවෙන් යුක්තව කරනවනම්. සමහර කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නොහැකි උවත්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”

Image
මේ ලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්. පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප‍්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ඒ නිසා යහපත් වැඩක් කරන්නට හදන විටත්, එය කඩාකප්පල් කරන අදහසින් යහපත් පුද්ගලයාට පවා නින්දා අපහාස කරනවා. ගරහනවා. අභූත චෝදනා කරනවා. එවැනි පුද්ගලයන්ගේ ඇසුර ඉතාමත්ම භයානකයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ලෝකයේ කාටවත් යහපතක් සිදුවන්නේ නැහැ. තමාටත් අයහපතක් සලසන, අනුන්ටත් අයහපතක් සලසන එවැනි පුද්ගලයන්ව හඳුනාගෙන දුරින්ම දුරු කළ යුතුයි. පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඉතින් එබඳු පුද්ගලයන් හැම තිස්සේම කල්පනා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා ලබාගෙන ජීවත් වෙන ආකාරය විතරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙ

ජීව්තයට බුදුදහමෙන් බිදක්

ඉතාම වටිනා ධර්මදේශනා කිහිපයක් ෂෙයා කරන්න හිතුනේ අද සමාජයේ අපිට නියම බුදුදහම ඇහෙන්නේ නැති කාලයක නියම බුදු දහම කුමක්දැයි පෙන්වාදෙමින් සන්දිට්ඨික වු මේ ධර්මයේ වටිනාමකම කියාදෙන අතිපුජ්යය කිරිබත්ගොඩ ලොකුස්වාමින්වහන්සේගේ මෙහෙවරට පුංචි ශක්තියක් වීමටය. Download form Google Drive https://drive.google.com/?tab=mo&authuser=0#folders/0B_yBDRNe7oGTT1NibHNXWGpEXzA