FROYO වලින් GINGERBREAD වලට
මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ. පළමුවෙන්ම මම අත්දැකපු ප්‍රධාන වෙනස්කම තමයි බැටරි ආයුකාලය Android 2.2 (Froyo)වලට වඩා ඉතාම හොද තත්වයේ තිබීම.මෙහිදී Background Processes සහ Tasks මනාව හැසිරවීම මගින් බැටරියේ ආයුකාලය මනාව කළමණාකරණය කල ගැනීම සිදුකරයි.ඒ සමගම නව Themes සමූහය සහ User Interface එක බැටරියේ ආයුකාලය ඉහළ දැමීමට හේතුවේ. මම අත්දුටු දෙවන ප්‍රධාන වාසිය වන්නේ text , Copy සහ Paste කිරීමේ හැකියාවයි. ඒ හැරෙන්න මම අත්නොදුටු නව වෙනස්ක්කම් අතර 1. NFC (Near -Field Communication) මෙය ඇන්රොයිඩ් සහිත දුරකථනවල ඉතාම ආසන්නයේ සිට වේගවත් දත්ත හෝමාරුවකට ඉඩ සලසන නවීන දත්ත හෝමාරු ක්‍රමයකි.මෙහිදී ඉතාම ආසන්නයේ පවතින දුරකථන දෙකක් (4cm) අතර චුම්භක ක්ෂ්ත්‍රයක ආධාරයෙන් ඉතාම වේගයෙ...