Posts

තොරතුරු තාක්ෂණය ගැන අසා දැන ගන්න

Image
මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණයහදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු  මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණය හදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු  පොඩ්කාස්ට් එහෙම නැත්නම් අන්තර්ජාල හරහා විසුරුවාහරින සාකච්ඡා කිහිපයක් ගැන. 1. Security Now  -  මෙතනින් බාගත කරන්න 2.  Home Network and Computer Help -   මෙතනින් බාගත කරන්න 3. dotcom security weekly -  4. Twit  5. Wall Street Journal - 6. Real Deal  මීට අමතරව ටෙක්කතා පොඩ්කාස්ට් මාලාව තොරතුරු තාක්ෂණය ගැන සිංහලෙන් සොයන ඕනෑම කෙනෙකුට මහගු සම්පතකි

අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා

Image
අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා නොව, ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හැසිරීම නිසාවෙනි. ක්‍රීඩකයන්ටත් වඩා රවි ශාස්ත්‍රී වැනි පක්ෂග්‍රාහී නිවේදකයින්ගේ කුණු කටවල් වැහෙන්න අපේ කොල්ලෝ මේ දුන්න පිළිතුරනම් අතිවිශිෂ්ඨයි. ඉදිරි තරගත් ජනගෙන පළමු වරට මෙම තරගාවලිය ජයගන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා.......

වින්ඩොස් 8 Consumer Preview

Image
මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති  Steven Sinofsky  Windows 8  හදුන්වා දෙමින් මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද මනාව පවතිනවා.ස්මාට් ෆොන්වල අතුරුමුහුණතට සමාන Metro (Tile Icon) සහිත අතුරු මුහුණතක් වින්ඩොස් 8 වල දකින්න ලැබෙනවා. වින්ඩොස් වල මීට පෙර පැවති Start Button එක මීට පසු වින්ඩොස් වලින් සමු ගැනීමද මේ සමග සටහන් වුනා.මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමග තමන්ගේ මොබයිල් ,ටැබ්ලට් සහ ඩෙස්ටොප් සදහා එකම මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙන අතර, අලුතින්  වෙලද පොලට පැමිනෙන, Dual Core හෝ  Quad core processors සහිත ජංගම දුරකතන සහ ටැබ්ලට් සදහා මෙය යොදා ගත හැක. ඒ සමගම අලුතෙන් හදුන්වාදෙන වින්ඩොස් 8 App Store එක මගින් තමන්ට කැමති Application එකක් මයික්‍රොසොෆ්ට්...

Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

Image
අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries  වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries  වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන open විදිහක් තියනවා. මුලින්ම Shortcut එකක් හදාගන්න   දැන් ඔයාලගේ Office Package එක, install වෙලා තියන තැන හොයාගන්න ඕන. Default  Location  C:\Program Files\Microsoft Office\Office14      3.  අදාල shortcut location  එකට මෙන්න මෙහෙම දෙන්න. “C:\Program Files\Microsoft Office\Office14\WINWORD.EXE” /q 4. Shortcut එකට නමක් දීල වැඩේ Finish කරන්න Microsoft Excel වලට Microsoft Power Point  කරල බලල comment එකක් දාගන්න

Outlook PST Password එක Recover කරගන්න

මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst)  එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම   NirSoft PstPassword 2010 . මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට දාන password  එක ඉතාම අනාරෂිත විදිහට තමයි  store  වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතාම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව pst password එක recover කරගන්න පුලුවන්. මෙන්න ලින්ක් එක

Google Chrome Mobile (Beta) ඇවිල්ලා

Image
අද Google Chrome Mobile බ්‍රව්සර් එක release   වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ. දැනට ගොඩක් වල බ්‍රව්සර් එක විදිහට බාවිතාකරන Opera Mini වල තිබෙන response time එක ඉතාමත් ඉහල වීම එහි ඇති ප්‍රධාන ගැටලුවකි. මේ ගැටලුවට විසදුමක් සමගම ඉදිරිපත් චු chome mobile වෙබ් බ්‍රව්සරයයේ බීටා වෙලුම ක්‍රියාත්මක වන්නේ Android Version 4.0 ( Icecream Sandwich)  සමග පමණයි. Chrome Desktop වෙලුමට සමාන interface , features වලින්සමන්විත chrome mobile , වල ප්‍රධාන ලක්ෂණ ලෙස Tab Browsing , Speed Rendering හැදින්විය හැක.Tab Browsing ගැන කතා කිරීමෙදී වෙන වෙන Tabs සදහා වෙන වෙනම Process ක්‍රියාත්මක වීම තුල Tab එකක් crash වීම නිසා මුලු බ්‍රව්සරයම crash වීම සිදුනොවීමද මෙහි විශේෂත්වයකි. ඊට අමතරව Google cloud එක තුල Sync වීමේ ගුණාංගය මෙහි තවත් වැදගත් ලක්ෂණකි, මේ නිසා Google Books marks සමග synchron...

ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ

Image
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම  බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පන...