Posts

ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?

Image
දයාබර යාලුවනේ , බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි , සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීම … ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය , කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් , ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) ‍පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි , පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් මොකක් ම හරි හේතුවන් හින්ද , ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම් , එතැන බුදු දහම නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි. ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන ...

නමෝ බුද්ධාය!

Image

මරණය සුන්දර කරගන්නේ කොහොමද?

Image
මරණය සුන්දර කරගන්නේ කොහොමද?  ධර්මය තුළ ජීවත්වන පිංවත් ඔබට, ඔබගේම ජීවිතය දෙසට හොඳින් සිත යොමුකරලා බැලුවහොත්, වැරැද්ද, නිවැරැද්ද හොඳින්ම පෙනෙනවා. ධර්මය කියලා කියන්නේ අනිත්‍යයට. යමක්‌ අනිත්‍ය යෑයි අපි නුවනින් දකින කොට, ඒ කෙරෙහි බිය සකස්‌ වෙනවා. මොකද ඒ වෙනස්‌ වන දෙයක්‌. මේ වෙනස්‌වීම නොදන්නා කෙනා, ස්‌වභාවයෙන්ම වෙනස්‌ වන දෙයක්‌ වෙනස්‌ නොවී පවත්වා ගැනීමට වෙහෙස ගන්නවා. එතැනදියි දුක සකස්‌ වෙන්නේ. සද්ධර්මයෙන් ඈත්වීම නිසා නිත්‍ය සංඥාවන් තුළින් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මයන් ගැනීමෙන් වර්තමාන සමාජය ලෝභය, ද්වේෂය, මෝහය තුළින් ඔද්දල් වෙලයි තියෙන්නේ. විනාශය දැක දැකත්, විනාශය ගැන කථා කරමින්ම, එහි ආදීනව දකිමින්ම විනාශය දෙසටමයි සැවොම ගමන් කරන්නේ. තෘෂ්ණාව, ඔබට ලස්‌සනට පාර පෙන්වනවා තව වේගවත්ව ඉදිරියට යන්න. ද්වේෂය ඔබට ඇති තරම් ආත්මශක්‌තිය ලබාදෙනවා, හිරි ඔතප් හීන කරලා දෙනවා, ඇති වන ඕනෑම බාධකයක්‌ මැඩගෙන ඉදිරියට යන්න. මෝහය ඔබට ආශිර්වාද කරනවා 'මේ මාර්ගයමයි සැප ඇති මාර්ගය' කියලා තව තවත් ඒත්තු ගන්වන්න. දුකේ කළ්‍යාණ මිත්‍රයන් තිදෙනාගේ ඇකයේ උණුසුමට තුරුල් වුණාම දැනෙන ගොරෝසු පහසට ඔබ හරිම ක...

ඉසිදාසි තෙරණියගේ කථාව-පරදාර සේවනයේ ආදීනව

මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව... කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම...

වැලන්ටයින් දවසේ තෙරුවන්සරණ යන්න

හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න.  ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම උමතුව පත්ව තිබෙනවා. ආදරය හැම සත්වයෙකුටම පොදු දෙයක්. එක එක්කෙනා ඒ ගැන එක එක  දෙවල් කියයි. එත් ඔය වැලන්ටයින්ලා ඔයාලාට කියලා දෙන්න දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා. ඒක තමයි සම ශ්‍රද්ධා, සම ශීල, සම දහම් දැනුමක්, සම ත්‍යාග, සම ප්‍රඥ්ඥා තියෙනවානම් නිර්වාණය දක්වාම ඒ අය නැවත මුනගැසෙන බවත් ඒ ධර්මයන් වැඩීමෙන්ම ඉතාමත් සතුටින්, සැපවත්ව, සුවසේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩී දෙදෙනාම සියළු සසර දුක් අවසන් කරන බවත්. ඉතින් වැලන්ටයින්ලා මොනවා කිව්වත්, උදේ හිට රෑ වෙනකල් මොට්ට ගැහැණු මාධ්‍ය අරක්ගෙන පොශ් වෙලා මොනවා කිව්වත්, පිස්සු නවකතා කාරයෝ මොනවා ලිව්වත්, දුස්සීල ගායක ගායිකාවො තම දුස්සීල ජීවිත ගැන ලස්සනට සින්දු හදාගෙන රස කර කර කි...

ආශ්චර්යය මෙය නම්

රටේ රජවරුන්ගේ ඉතිහාසය ගැන අප බොහෝ කරුණු දන්නවා. රජවරුන්ගේ නම්ගොත් ද ඒ ඒ රාජධානි ගැන ද සවිස්තර ව රසවත් විදිහට අප අහල තියෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසය ද මේ රටේ ඉතිහාසයට බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත වගේ. රජවරුන් ඒ ඒ කාලයේ පවත්වාගෙන ගිය පාලන තන්ත‍්‍රයන් ගැන අපට ඉතිහාස පොත්පත්වලින්, සෙල්ලිපිවලින්, ජනප‍්‍රවාදවලින් තමයි දැනගන්නට තිබෙන්නේ.  ‘ධාර්මික පාලනයක්’  කියන සංකල්පය සෑම කාලයේ ම අපේ රාජ්‍යයක මූලික අංගයක්. ඉතිහාසයේ රාජ්‍ය පාලනතන්ත‍්‍රයට ‘ධාර්මික පාලනය’ බද්ධ වීමට බුදුරජාණන් වහන්සේගේ විශ්මිත හෙළිදරව්ව ඇතුළත් මේ ධර්මයයි හේතු වුණේ. බුදු දහමේ විස්තර කරන රාජ්‍ය පාලන විධි, බුදුරජාණන් වහන්සේ රජවරුන් උදෙසා කළ අවවාද අනුශාසනා, බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ හා අතීත බුදුවරුන් වැඩසිටි කාලයේ පැවති පාලන තන්ත‍්‍රයන් පිළිබඳ විස්තර ආදියෙන් අපේ අතීත පාලන ක‍්‍රමය පෝෂණය වුණා. බුදු දහම පදනම කරගෙන පැවති රාජ්‍ය පාලනයක් ප‍්‍රායෝගික ව හා සාර්ථක ව වසර දහස් ගණනක් බාධක මධ්‍යයේ වුව ද ක‍්‍රියාත්මක කරන්නට අපේ පැරැන්නන් සමත් වුණා. අධාර්මික පාලනයක් පැවති කාලයේ, විදේශ ආක‍්‍රමණ පැවති කාලයේ පවා අපේ පැරැන්නන් සටන් කළ...

ප‍්‍රඥවන්තයින් වෙමු….

අලුත් අවුරුද්දක් ලැබුවා...මේ අවුරුද්දෙවත් අපි අපේ ජීවිතවලට ධර්මය ලංකර ගන්න බලමු නේද? මෙන්න ඒක පටන් ගන්න හොද ලිපියක් කියවලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන අසපුවේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත‍්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා “ප‍්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම යි කරන්නේ. ඒ අය ජීවත් වෙන්නේ තමන්ට ම හතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක් තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව. යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ. අන්තිමේදී කඳුළු පිරුනු මුහුණින් තමයි ඒවයෙ විපාක විඳින්ට සිද්ධ වෙන්නෙ.” කියල ඒ දිව්‍ය පුත‍්‍රයා කියා සිටියා. ඊට පස්සෙ කියා සිටියා, “යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒ වගේ දේවල් තමයි කරන්ට ඕනැ. ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි.” කියල. එතකොට බලන්න පව් කලාම ඒවායේ විපාක විදින්ට සිද්ද වෙන්නේ කදුලූ පිරුණු මුහුනින් තමයි. නමුත් යහපත් දෙයක් කලාම ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුලූවන්. එහෙනම් කල්පනා ක...