තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ
ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි . මුලිම මම හැරෙන්නේ Hardware Virtualization පැත්තට. Hardware Virtualization වලදි ඉදිරියෙන්ම ඉන්නේ Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare සමාගමයි. මේ යටතේ කතා කරන්න වෙන්නේ VMWare Hypervisior ගැන,මේ තාක්ෂණය (ESX) සහ මෙහි නැවුම්ම පියවර ESXi ලෙස හදුන්වනවා. මම පලමු ලිපියේ කිව්ව විදිහටම Hardware Virtualization වලදි Harware මත Virtual PC හෝ Servers කිහිපයක් පවත්වාගෙන යෑමට සහ ඒවායේ පරිපාලනය පහසු කිරීමට සුදුසු අතරමැදි මැදියෙක් වුවමනා වේ. මේ අතරමැදියාගේ කාර්යය සිදු කරන්නේ VMWare Hypervisior විසිනි. 1. මුලින්ම බාගත කල යුතු වේ. මෙම සබැදුමට යන්න .මෙය bootable CD එකක් ලෙස ...