ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පන...