Posts

අපේ අලුත් පාර

Image
අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සංකල්පය හැබෑවක් වන දවස.අධිවේගී මාර්ග අපේරටේ අයටනම් අලුත් දෙයක් වුනාට විදේශීය රටවලට අමුතු දෙයක් නෙමේ.මැලේසියාව , සිංගප්පූරුව වගේ රටවල් තමන්ගේ රට දියුණුව කරා අරගෙන යන්න මුන්ම හැදුවේ රටේ මාර්ග පද්ධතිය. පැය ගණන් වල ලැගලා පිච්චෙන ඉන්ධන සහ අපේ වටිනා කාලය සලකල බලනකොට රටක කාර්යක්ෂමභාවයට මේවගේ ඉතා දියුණු මාර්ග පද්ධතියක වටිනාකම කියල නිමකරන්න බෑ.අද අපිට ලැබෙන අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 96 . මංතීරු හතරකින් සමන්විත මේ මාර්ගයේ කොට්ටාව සිට කුරුදුගහහැතැක්ම වන තෙක් ඇති කිලෝමීටර් 65 දක්වා ණය පහසුකම් සලසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ඉතිරි ප්‍රමාණය සදහා අනුග්‍රහය දක්වන්නේ චීන අපනයන අපනයන බැංකුවෙනි. පහතින් දැක්වෙන්නේ දැනට ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩගම දක්වා වන මාර්ග සැලැස්මයි මෙය නිමකරවා ඇත්තේ 120 Kmph ධාවන වේගයකට වුවත් අපේ රටේ ජනතාවට්  අධිවේගී මාර්ගයක අත්දැකීමක් නොමැති නිසාත්,ධාවන වන වාහන වල දුර්වලතා නිසාත් උපරිම වේගය 100 Kmph ට සීමාකර තිබේ.කොට්ටාවේ සිට පින්නදූව දක්වා මෙම ...

නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක

Image
Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band  ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පාවිච්චි කරන සියලු දෙනාටම හැමදාමත් වගේ තිබුනේ විදුලි සංන්දේශ සමාගම් කියන වේගයක් නොලැබීම.විදුලි සංදේශ සමාගම් තමන්ගේ පටු ලාබය සදහා රටේ මහජනතාව ගොනාට අන්දවමින් ගෙන ගිය ජාවාරම නතර කිරීමට මේ සම්බන්දව ක්‍රියාකරන රජයේ ආයතන වු විදුලි සංදේශ නියාමන කොමිසම ද සිටියේ  මර නින්දේය. ඒ නිසාම දුරකථන සමාගම් 512 Kbps වලින් පටන් ගෙන 1Mbps ,2Mbps , 3.6Mbps  , 7.2Mbps  21.1Mbps, 28.8 Mbps වලින් නතර නොවී 96.6 Mbps දක්වාද ගමන් කිරීමට ගතවුයේ වසර දෙකකටත් අඩු කාලයකි. මෙය දකින අයෙකුට  ලංකාවේ තරම් වේගයෙන් දියුනු වු අන්තර්ජාල සේවාවක් මේ ලෝකේ කෙහෙවත් නොමැති බව වැටහීම පුදුමයක් නොවේ.සමහර විටෙක වීදුලි සංදේශ නියාමන කොමිසමේ මහත්වරුද සීතල කාමර පුටු රත් කරමින් මෙලෙස සිතුවාදැයි මම නොදනිමි. නමුත් සතුටට කරුණක් නම් දැන් ඔවුන්ද යථා තත්වය හදුනාගෙන තිබීමයි. දුරකතන සමාගම් වල මායාකාරී මාර්කටින් දැල් වල පැටලී සිටි දහස් ගණනක් වු අහිංසක පාරිබෝහික ජනාතාවට පිහිටවීමට විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපත් වී සිට...

FROYO වලින් GINGERBREAD වලට

Image
මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich  එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version  හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ. පළමුවෙන්ම මම අත්දැකපු ප්‍රධාන වෙනස්කම තමයි බැටරි ආයුකාලය Android 2.2 (Froyo)වලට වඩා ඉතාම හොද තත්වයේ තිබීම.මෙහිදී Background  Processes සහ Tasks මනාව හැසිරවීම මගින්  බැටරියේ ආයුකාලය මනාව කළමණාකරණය කල ගැනීම සිදුකරයි.ඒ සමගම නව Themes සමූහය සහ User Interface එක බැටරියේ ආයුකාලය ඉහළ දැමීමට හේතුවේ. මම අත්දුටු දෙවන ප්‍රධාන වාසිය වන්නේ text , Copy සහ Paste කිරීමේ හැකියාවයි. ඒ හැරෙන්න මම අත්නොදුටු නව වෙනස්ක්කම් අතර 1. NFC (Near -Field Communication) මෙය ඇන්රොයිඩ් සහිත දුරකථනවල ඉතාම ආසන්නයේ සිට වේගවත් දත්ත හෝමාරුවකට ඉඩ සලසන නවීන දත්ත හෝමාරු ක්‍රමයකි.මෙහිදී ඉතාම ආසන්නයේ පවතින දුරකථන දෙකක් (4cm) අතර චුම්භක ක්ෂ්ත්‍රයක ආධාරයෙන් ඉතාම වේගයෙ...

Android Root කර සිංහල දන්නේ කොහොමද?

Image
මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android)  මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install  කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා. මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login  මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ.  එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි. උදාහරණයක් ලෙස අපිට  සිංහල  font  එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් in...

ස්ටීව් ජොබ්ස් ඔබ සමාදානයේ සැතපේවා

Image
     අද Blog Post එකක් ලියන්න හිටපු දවසක් නෙමේ. එකේ වැඩ පටන් ගන්න කලින් ටක් ගාල කෙටුවේ.නමුත් අද ලෝකෙට නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් දායාද කල , ලෝකය නව දිශානතියකට යොමු කල මහා නිර්මාපකයෙකුගේ වියෝව සිදුවුනා. ඒ වෙන කවුරුත් නෙමේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක Stece Jobs මහත්මයාගේ මරණය.තමන්ටම කියලා අනන්ය වු නිර්මාණ සමුහයක අනගිභවනීය හිමිකරුවා වු මෙතුමා ලෝකයේ තාක්ෂණික ඉඩෝරට අසනි වැසි වට්ටන්න පටන් ගත්තේ 1977දී.ඒ Apple incorporates  ආරම්භ කරමින්.මෙතුමාගේ ජීවිත කතාවත් දියුණුවෙන මනුස්සයෙකුට ඉතාම හොද ආදර්ශයක්..මෙන්න මෙතනින් එතුමාගේ ජීවිත කතාව බලන්න පුලුවන් . අද පරිගණයේ , දුරකතනයේ , Mp3 Player සිට  සියලුම තාක්ෂණික උපකරණ වල නිෂ්පාදන තරගයට අලුත් හැරවුම් ලක්ෂයක ආරම්භය සටහන් කලේ ඇපල් නිෂ්පාදන. ඇපල් නිෂ්පාදන කිසිම දෙයක් අතින්වත් අල්ලල නැති වුනත් සියලුම නිෂ්පාදන වලට ඉතා හොද මග පෙන්විමක් කල නිසා මම ජොබ්ස් මහත්තයට ගරු කරනවා.ඔහුට නිවන්සුව

Facebook Time Line ( New feature ) කියන්නේ මොකක්ද

Image
මේ සදහා එකක් Facebook Developer Account එකක් තියෙන්න ඕන. නමුත් අපිට Developer Account එකක් නැත්නම් ඉතාම පහසුවෙන් එය සාදාගන්න පුලුවන්, 1. ඔබේ Facebook Search පිටුවේ Developer ලෙස Search කරන්න. 2. දැන් App එකක් Create කරන්න ඕන,මේ සදහා වම් පස ඉහල ඇති Create New App යන්න තෝරන්න මෙහිදී  App එකට නමක් සහ Display name එකක් ලබාදිය යුතුවෙනවා. 3. දැන් වම් පස ඇති Open Graph වලට ගොස් පහත ලෙස Developer Account  එක ආරම්භ කරන්න 5. දැන් වැඩේ ඉවරයි. මෙතනින් ඉවත් වෙලා ඔයාලගේ Facebook Account එකට යන්න. එතකොට පෙනෙයි ඉහල කෙලවරේ Get Time Line App කියල තියනවා. එක ගැන තවදුරටත් දැන ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

Image
අද කවුරුත් කියන දෙයක් තමයි කොච්චර හම්බ කලත් වැඩක් නෑ , ඉතුරු වෙන්නේ නෑ කියල. බලන්න කෝ මේ ලිපිය ඔයාලටම තේරෙයි මොනද මෙහෙම වෙන්නේ කියල.මේක අපිට ඉතාම වැදගත් ලිපියක් නිසා මට හිතුනා මගේ මිතුරන්ටත් දැන ගන්න මෙහි කරන්න ඕන කියල. අනික තව දෙයක් මේ ලිපිය මගේ නිර්මාණයක් නෙමේ. මට මගේ මිතුරෙකුගෙන් ලැබුන email එකක්, අපි හැමෝටම වැදගත් නිසා තමයි දැම්මේ.මේ ලිපියේ නිර්මාණකරු මේකට  අවසර දෙන බව මම දන්නවා. දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට බැණ වැදීම හැරෙන්නට වියදම් ඉහළ යෑමේදී අපිට කළ හැකි දෙයක් නොවේ යැයි අපි සිතන්නෙමූ. වියදම් ඉහළ යද්දී ඔබ මෙම සරල ක්‍රම තිහ අනූගමනය කළොත් වියදමට යම් සහනයක් ලැබිය හැකි මූදල් ඉතිරියක් කළ හැකි වේ. 1. උපයන මූදලට වඩා වියදම් නොකරන්න. ඒ සඳහා සූදුසූම දෙය වන්නේ වියදම් ලැයිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනූව සියලු දේ කිරීමය. 2. තේරුම් නැති දේ මිළදී නොගන්න. ඒ සඳහා යම් දෙයක් මිළදි ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න. 3. දකින දකින දේ මිළදී ගැනීමේ පූරුද්දක් වෙයි නම් මිළද...