Posts

Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

Image
අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries  වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries  වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන open විදිහක් තියනවා. මුලින්ම Shortcut එකක් හදාගන්න   දැන් ඔයාලගේ Office Package එක, install වෙලා තියන තැන හොයාගන්න ඕන. Default  Location  C:\Program Files\Microsoft Office\Office14      3.  අදාල shortcut location  එකට මෙන්න මෙහෙම දෙන්න. “C:\Program Files\Microsoft Office\Office14\WINWORD.EXE” /q 4. Shortcut එකට නමක් දීල වැඩේ Finish කරන්න Microsoft Excel වලට Microsoft Power Point  කරල බලල comment එකක් දාගන්න

Outlook PST Password එක Recover කරගන්න

මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst)  එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම   NirSoft PstPassword 2010 . මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට දාන password  එක ඉතාම අනාරෂිත විදිහට තමයි  store  වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතාම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව pst password එක recover කරගන්න පුලුවන්. මෙන්න ලින්ක් එක

Google Chrome Mobile (Beta) ඇවිල්ලා

Image
අද Google Chrome Mobile බ්‍රව්සර් එක release   වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ. දැනට ගොඩක් වල බ්‍රව්සර් එක විදිහට බාවිතාකරන Opera Mini වල තිබෙන response time එක ඉතාමත් ඉහල වීම එහි ඇති ප්‍රධාන ගැටලුවකි. මේ ගැටලුවට විසදුමක් සමගම ඉදිරිපත් චු chome mobile වෙබ් බ්‍රව්සරයයේ බීටා වෙලුම ක්‍රියාත්මක වන්නේ Android Version 4.0 ( Icecream Sandwich)  සමග පමණයි. Chrome Desktop වෙලුමට සමාන interface , features වලින්සමන්විත chrome mobile , වල ප්‍රධාන ලක්ෂණ ලෙස Tab Browsing , Speed Rendering හැදින්විය හැක.Tab Browsing ගැන කතා කිරීමෙදී වෙන වෙන Tabs සදහා වෙන වෙනම Process ක්‍රියාත්මක වීම තුල Tab එකක් crash වීම නිසා මුලු බ්‍රව්සරයම crash වීම සිදුනොවීමද මෙහි විශේෂත්වයකි. ඊට අමතරව Google cloud එක තුල Sync වීමේ ගුණාංගය මෙහි තවත් වැදගත් ලක්ෂණකි, මේ නිසා Google Books marks සමග synchron...

ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ

Image
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම  බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පන...

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි

Image
ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක්  කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම්  මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය. කෙසේ නමුත් අද මට ඩයලොග් ද එපාම වී ගියේ මගේ රූපවාහිනී තිරයේ ඩයලොග් එකෙන් එවු නිවේදනයක් කියවීමෙන් පසුවයි . මම පසුගිය දෙසැම්බර් 25 දින   HBO නැමති නාලිකා සමූහය ක් ‍ රියාත්මක කර ඇති බවත් එයට ස්තුතිවන්ත වන බවත් එහි සදහන් විය . ඊට අමතරව ඒ සදහා රුපියල් 399 සහ බදු ඇතුලත් බවද සදහන් වුනි. මම ක්ෂණිකව ...

අන්තර්ජාල වේගය වැඩිකර ගනිමු

Image
දැන් ලංකාවේ අන්තර්ජාල වේගයන් ගැන නම් කතාකරල වැඩක් නෑ.ටෙලිකොම් , ඩයලොග් , මොබිටෙල් මේ හැමෝම FUP දානව. ආතල්ම වැඩේ කියන්නේ පරණ ගත්ත අන්ලිමිටඩ් සම්බන්දතාවලටත් ටෙලිකොම් එකෙන් FUP දානවා.මේගැන පසුගිය දවස්වල බ්ලොග්වල වගේම Facebook එකෙත් කතා කෙරුනා.මේ අසාධාරණය හමුවේ මුලින්ම නැගී හිටියේ කාලිංග අයියා. ඔහු තමන්ගේ බ්ලොග් එකේ වගේම ටෙක්කතා හරහාත් ගොඩක් දැනුවත්වීම් කලා. මේකතාව පටන් ගන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම එහෙම නැත්නම් කවුරුත් දන්න TRC එක මීට පස්සේ කිසිමදාක අන්ලිමිටට් නෑ කියල කිව්වට පස්සේ.වෙලාවකට හිතෙනවා මේහෙම කරන්න TRC එකක් මොකටද කියලා.TRC එකේ වගකීම වෙන්නේ පාරිබෝගික ජනතාවට වඩා හොද සේවාවක් සැපයීම සදහා නීති රෙගුලාවි සැකසීම , ක්‍රියාත්මක කරවීම,සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමට අනුබල දීම වගේ.මේවා කියන්නේ මම නෙමේ TRC එකමයි.නමුත් ඔවුන් කලේ ඒවෙනකම් ඩයලොග් වගේ සමාගම් පාරිබෝගිකයින් රවටමින් කරගෙන ආ FUP ක්‍රමය නීතිගත කිරීමයි. ඊට පස්සේ ටෙලිකොම් සමාගම තමන්ගේ පරණ සම්බන්දතාවලටද කිසිම දැනුම්දීමකින් තොරව FUP එක ක්‍රියාත්මක කලා. 35 Gb වගේ ඩවුන්ලොඩ් කලපසු Broad Band වේගය ඩයල්-අප් වේගයටත් (56kbps) වඩා...

හැක් කරන්න ඉගෙන ගන්න

Image
මම අද කියන්නේ හැකින් ඉගෙන ගන්න කියාපු වෙබ් අඩවියක් ගැන, තමන් හැක් කරන්න සහ හැකින් ඉගෙන ගන්න ආසනම් මුන්ම තොරතුරු තාක්ෂණයේ සියලුම පැති ගැන හොද දැනීමක් තියෙන්න ඕන,මෙන්න මේ අඩවියේ එහි මූලික අංග ගැන හොද දැනීමක් ලබා දෙනවා. ඒකේ තියන පෙරහුරු අදියර එකින් එක කරගෙන ඉස්සරහට යන්න ඔයාලටම තේරෙයි කොච්චර දැනුමක් ලබාගන්න පුලුවන්ද කියල.