Posts

ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ

Image
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම  බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පන...

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි

Image
ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක්  කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම්  මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය. කෙසේ නමුත් අද මට ඩයලොග් ද එපාම වී ගියේ මගේ රූපවාහිනී තිරයේ ඩයලොග් එකෙන් එවු නිවේදනයක් කියවීමෙන් පසුවයි . මම පසුගිය දෙසැම්බර් 25 දින   HBO නැමති නාලිකා සමූහය ක් ‍ රියාත්මක කර ඇති බවත් එයට ස්තුතිවන්ත වන බවත් එහි සදහන් විය . ඊට අමතරව ඒ සදහා රුපියල් 399 සහ බදු ඇතුලත් බවද සදහන් වුනි. මම ක්ෂණිකව ...

අන්තර්ජාල වේගය වැඩිකර ගනිමු

Image
දැන් ලංකාවේ අන්තර්ජාල වේගයන් ගැන නම් කතාකරල වැඩක් නෑ.ටෙලිකොම් , ඩයලොග් , මොබිටෙල් මේ හැමෝම FUP දානව. ආතල්ම වැඩේ කියන්නේ පරණ ගත්ත අන්ලිමිටඩ් සම්බන්දතාවලටත් ටෙලිකොම් එකෙන් FUP දානවා.මේගැන පසුගිය දවස්වල බ්ලොග්වල වගේම Facebook එකෙත් කතා කෙරුනා.මේ අසාධාරණය හමුවේ මුලින්ම නැගී හිටියේ කාලිංග අයියා. ඔහු තමන්ගේ බ්ලොග් එකේ වගේම ටෙක්කතා හරහාත් ගොඩක් දැනුවත්වීම් කලා. මේකතාව පටන් ගන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම එහෙම නැත්නම් කවුරුත් දන්න TRC එක මීට පස්සේ කිසිමදාක අන්ලිමිටට් නෑ කියල කිව්වට පස්සේ.වෙලාවකට හිතෙනවා මේහෙම කරන්න TRC එකක් මොකටද කියලා.TRC එකේ වගකීම වෙන්නේ පාරිබෝගික ජනතාවට වඩා හොද සේවාවක් සැපයීම සදහා නීති රෙගුලාවි සැකසීම , ක්‍රියාත්මක කරවීම,සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමට අනුබල දීම වගේ.මේවා කියන්නේ මම නෙමේ TRC එකමයි.නමුත් ඔවුන් කලේ ඒවෙනකම් ඩයලොග් වගේ සමාගම් පාරිබෝගිකයින් රවටමින් කරගෙන ආ FUP ක්‍රමය නීතිගත කිරීමයි. ඊට පස්සේ ටෙලිකොම් සමාගම තමන්ගේ පරණ සම්බන්දතාවලටද කිසිම දැනුම්දීමකින් තොරව FUP එක ක්‍රියාත්මක කලා. 35 Gb වගේ ඩවුන්ලොඩ් කලපසු Broad Band වේගය ඩයල්-අප් වේගයටත් (56kbps) වඩා...

හැක් කරන්න ඉගෙන ගන්න

Image
මම අද කියන්නේ හැකින් ඉගෙන ගන්න කියාපු වෙබ් අඩවියක් ගැන, තමන් හැක් කරන්න සහ හැකින් ඉගෙන ගන්න ආසනම් මුන්ම තොරතුරු තාක්ෂණයේ සියලුම පැති ගැන හොද දැනීමක් තියෙන්න ඕන,මෙන්න මේ අඩවියේ එහි මූලික අංග ගැන හොද දැනීමක් ලබා දෙනවා. ඒකේ තියන පෙරහුරු අදියර එකින් එක කරගෙන ඉස්සරහට යන්න ඔයාලටම තේරෙයි කොච්චර දැනුමක් ලබාගන්න පුලුවන්ද කියල.

Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු    ජනප්‍රියම හා හොදම   ප්‍රදර්ශණය   කියල .මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්,  තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි. දනිස්සටත් අඩියක් උඩට විලි වසාගත් නාබර කෙල්ලන් එලව එලවා බෙදන ලීප්ලට් ගෙන දමාගෙන යන්න පෝර කවරයක්  ද ප්‍රමාණවත් නැත. ඇතුල්වන විටම ගැටිස්සියක් තොරතුරු තාක්ෂණ සගරාවක් පෙන්වයි, මම පිටකවරය පුරානම සහ ප්‍රකාශිත ආයතන බැලීමි.පිටකවරයේද ඇතුලුව පිටු 100 පුරා වෙලද දැන්වීම් මිසක කිසිවක් නැත,මිල රුපියක් 300 කි. Info-Tel එකේ නිසා 200ට දෙනවායි ඇස් කරකවා කීවේය.යන තැනම දත ගලවන්නේ එලෙසය. බැලු බැලූ සෑම අතම මාර්කටින් ඇරෙන්න වෙන කිසි...

අපේ අලුත් පාර

Image
අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සංකල්පය හැබෑවක් වන දවස.අධිවේගී මාර්ග අපේරටේ අයටනම් අලුත් දෙයක් වුනාට විදේශීය රටවලට අමුතු දෙයක් නෙමේ.මැලේසියාව , සිංගප්පූරුව වගේ රටවල් තමන්ගේ රට දියුණුව කරා අරගෙන යන්න මුන්ම හැදුවේ රටේ මාර්ග පද්ධතිය. පැය ගණන් වල ලැගලා පිච්චෙන ඉන්ධන සහ අපේ වටිනා කාලය සලකල බලනකොට රටක කාර්යක්ෂමභාවයට මේවගේ ඉතා දියුණු මාර්ග පද්ධතියක වටිනාකම කියල නිමකරන්න බෑ.අද අපිට ලැබෙන අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 96 . මංතීරු හතරකින් සමන්විත මේ මාර්ගයේ කොට්ටාව සිට කුරුදුගහහැතැක්ම වන තෙක් ඇති කිලෝමීටර් 65 දක්වා ණය පහසුකම් සලසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ඉතිරි ප්‍රමාණය සදහා අනුග්‍රහය දක්වන්නේ චීන අපනයන අපනයන බැංකුවෙනි. පහතින් දැක්වෙන්නේ දැනට ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩගම දක්වා වන මාර්ග සැලැස්මයි මෙය නිමකරවා ඇත්තේ 120 Kmph ධාවන වේගයකට වුවත් අපේ රටේ ජනතාවට්  අධිවේගී මාර්ගයක අත්දැකීමක් නොමැති නිසාත්,ධාවන වන වාහන වල දුර්වලතා නිසාත් උපරිම වේගය 100 Kmph ට සීමාකර තිබේ.කොට්ටාවේ සිට පින්නදූව දක්වා මෙම ...

නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක

Image
Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band  ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පාවිච්චි කරන සියලු දෙනාටම හැමදාමත් වගේ තිබුනේ විදුලි සංන්දේශ සමාගම් කියන වේගයක් නොලැබීම.විදුලි සංදේශ සමාගම් තමන්ගේ පටු ලාබය සදහා රටේ මහජනතාව ගොනාට අන්දවමින් ගෙන ගිය ජාවාරම නතර කිරීමට මේ සම්බන්දව ක්‍රියාකරන රජයේ ආයතන වු විදුලි සංදේශ නියාමන කොමිසම ද සිටියේ  මර නින්දේය. ඒ නිසාම දුරකථන සමාගම් 512 Kbps වලින් පටන් ගෙන 1Mbps ,2Mbps , 3.6Mbps  , 7.2Mbps  21.1Mbps, 28.8 Mbps වලින් නතර නොවී 96.6 Mbps දක්වාද ගමන් කිරීමට ගතවුයේ වසර දෙකකටත් අඩු කාලයකි. මෙය දකින අයෙකුට  ලංකාවේ තරම් වේගයෙන් දියුනු වු අන්තර්ජාල සේවාවක් මේ ලෝකේ කෙහෙවත් නොමැති බව වැටහීම පුදුමයක් නොවේ.සමහර විටෙක වීදුලි සංදේශ නියාමන කොමිසමේ මහත්වරුද සීතල කාමර පුටු රත් කරමින් මෙලෙස සිතුවාදැයි මම නොදනිමි. නමුත් සතුටට කරුණක් නම් දැන් ඔවුන්ද යථා තත්වය හදුනාගෙන තිබීමයි. දුරකතන සමාගම් වල මායාකාරී මාර්කටින් දැල් වල පැටලී සිටි දහස් ගණනක් වු අහිංසක පාරිබෝහික ජනාතාවට පිහිටවීමට විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපත් වී සිට...