Posts

මොකක්ද මේ හුචක්කුව.........

මොකක්ද මේ හුචක්කුව..... මේක මම දැක්කේ අන්තර්ජාලය තුල සැරිසරන කොට.මේක තියන විහිලුවට , ආතල් එකට යට සැගවුන ඇත්ත සහ මේකෙන් ජීවිතයට ගන්න ඕන දේවල් නම් කොච්චරද? . අහන්න .....................බලන්න ..........................කියන්න මොනවද හිතෙන්නේ කියල

මොනවද මේ CMS -2 කොටස

Image
මම අද ලියන්නේ මගේ ලිපියේ දෙවන කොටස.පලමු ලිපියේ මම සදහන් කලේ Joomla CMS මෘදුකගය, ස්ථාපනය කරන ආකාරය ගැනයි. අද මම කතා කරන්නේ WordPress කියන CMS එක ස්ථාපනය කරන ආකාරයයි. මුලින්ම භාගත   WordPress කල එක UnZip කරන්න. පෙර පරිදිම ඉහත  UnZip  කල Folderය C:\Wamp\www  තුල සාදාගත් WordPress Folder ට දමන්න. අනතුරුව  http://localhost/WordPress ලෙස වෙබ් බ්‍රව්සරය තුලින් WordPress Installation Wizard  එක ලබා ගන්න. දැන් ස්ථපිතකල MySql DataBase එකවෙත ගොස් තමන්ගේ වෙබ්සයිට් එකේ සියලුම දත්ත ස්ථාපනය කිරීමට අවශය Database එකක් සදා ගන්න. WAMP,  XAMPP ස්ථාපනය කර ඇත්නම් පහත ලෙස යන්න. http://localhost/phpmyadmin/ පහල ඡායාරූපයේ ලෙස..... C:\Wamp\www\WordPress වෙත ගොස් පහත රූපයේ ලෙස wp-config-sample.php file එක change කරන්න.පසුව එහි නම wp-config.php ලෙස වෙනස් කරන්න . දැන් පෙර ස්ථාපනයේ ඉතිරිය බලමු. පෙර සාදාගත් මුරපද අනුව දැන් WordPress Control panel එකට ඇතුලු විය හැක. පෙර සාදාගත් මුරපද අනුව දැන් එකට ඇතුලු විය හැක. තවත් ...

මොනවද මේ CMS කියන්නේ

Image
කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් වල තියන කාර්යබහුල කමත් එක්ක බ්ලොග් ලියන්න තියා email එකක්වත් බලාගන්න වෙලාවක් නෑ.ඒවයින් කමක් නෑ ලියන්න පටන් ගන්න ඕන.අද මම ලියන්න අදහස් කලේ CMS කියල කවුරුත් කියන Content Management System ගැන. මේකෙනුත් වෙබ් පාදක Content Management System ගැන තමයි මම කියන්න යන්නේ මොනවද මේ..? වෙබ් පිටුවක , වෙබ් පාදක පද්ධතියක  ඇති අන්තර්ගතය පරිපාලනය, කළමනාකරණය, මෙහෙයවීම සැකසීම සහ වෙබ් පද්ධතියේ සහ සම්බන්දතාව ගොඩ නැගීම මෙමගින් සිදු කරයි. ඉස්සරනම් වෙබ් පුටුවක් හදනවා කියන්නේ හෙනම ගේම, නමුත් කාලයත් එක්කම මේක ටික ටික විකාශනය වෙලා අද වෙබ් නිර්මාණය පිලිබද කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත් ඉතාම පහසුවෙන් , ඉතා අඩු කාලෙකින් ඉතාම ක්‍රමවත්ව වෙබ් පිටුවක් නිර්මාණය කරන්න හැකියාව ලැබී ඇත්තේ මෙමගිනි. ඊට අමතරව සියලුම වෙබ් hosting සමාගම් සියල්ලම පාහේ මෙම WCMS ස්තාපනයට සහය දක්වයි. ප්‍රධාන වශයෙන් අපි Joomla සහ WordPress යන WCMS  ගැන කතා කරමු. මේ WCMS run කරන්න වෙබ් server එකක් ඕන වෙනවා, ඒ කියන්නේ තමන්යේ පරිගණකය වෙබ් server එකක් බවට පත් කරන්න ඕන. එකට...

SMS මාෆියාවෙන් විශාරදයන් හැලීම

Image
මේ සුන්දර කතා පුවත ආරම්භවන්නේ මීට වසරට පමණ පෙර මගේ විද්යුත් තැපැලට ලැබුනු ලිපියකිනි.මාගේ මිතුරෙකු එවන ලද එය විවර කර සැනෙන් you tube වීඩියෝවක් සදහා වුනු සබැදුමක් දිස්වුන අතර email වන එන වීඩියෝ බැලීමේ පුරුද්දට මම ඒ වනවිටද තිත තබා තිබුනේ අපේ රටේ අන්තර්ජාල සේවා ලබ දෙන සමාගම් වලට පින් සිදුවන්නටය. "මෙන්න නියම වැඩකාරයෙක් " යනුවෙන් subject තීරුවේ දුටුවේ email පණිවුඩය delete කරන්න යන විටය.මට ඒ වැඩකාරයා කවුද කියා බලන්න සිතුනේ ඔය අතරය, මොබිටෙල් එක මතක් කර ගනිමින්ම මම අදාල සබැදුම විවර කල අතර, විනාඩි 15 පමන දරුණු සටනකින් පසු සම්පූර්ණ වීඩියෝවම එකවර නැරබීමේ වාසනාව ලදිමි. පුදුමයකි...චන්දන ලියනාඅරච්චි මහතාගේ "සුවද මට දී"  ගීතය  විශාරද අමරදේව, ප්‍රියා සූරියසේන, ජොලිසීයා, දීපාල් සිල්වාගේ හඩින්  ගිටාරයක් වයමින් කොලු ගැටයෙක් ගායනා කරයි. මනා හඩ හැසිරවීම සහ ලයාන්විත ස්වරය සමග නැගුනු ගිටාර් හඩ සභාව කුල්මත් කරයි.රූපවාහිනී නාලිකාවල අනන්ත අප්‍රමාණ රියැලිටි නාඩගම් බලා ඇති මට,ඒවගේ ගායකයින් කරන්නා විකාරත් තවත් ගායකයෙකුගේ කට හඩ අනුකරණය කරන්න විදින දුකත් දුටු විට මොහු කිසිම ආයසයකින් තොරව මෙහි අප...

කිසිදා නොදුටු මිතුර!!!!!!!ඔබ නැති ලොව ඉලන්දාරියෙක් තවත් නැත

Image
                   ඉතාමත් වටිනා තරුණ ජීවිතයක් අපෙන් වෙන් වෙලා ගියා කිව්වහම කොච්චරනම් දුකද?  ජීවිතේ දුර ගමනක් යන්න පටන් ගන්න කොටම උදුරා ගන්න තරම් මේ දෙවය කොච්චර කුරිරුද? කිසිදා නොදුටු මිතුර දිලුම්,  සිංහල බ්ලොග් අවකාශයේ දී හමුවී,  සිංහල බ්ලොග් අවකාශයේ දී ම වෙන්වී යන්න ඔබ මෙන්ම අපද අවාසනාවන්ත වී ඇත.කිසිදා නොදුටුවද ඔබගේ වචන, ඔබගේ සිතුවිලි වල ගෙවු සුන්දර මතකය අද අපට නැත. ඉලන්දාරියා විතරක් ඉතිරි කර ඉලන්දාරියා යන්න ගිහින්,  නැවත කිසිදු භවයක මෙසේ අකල් මරණවලට ගොදුරු නොවේවා. ඔබට නිවන්සුව ලැබේවා !!!!!!!!!!!!!!!!

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - තුන්වන කොටහ

Image
පොරොන්දු වුන විදිහට ඔන්න මම අද කතා කරන්න යන්නේ Software Virtualization ගැන. මේ ක්‍රමය Hardware Virtualization වලට යම් තරමකට සමාන වුනාට ගොඩම වෙලාවට Workstation පරිගණක වලට සහ Testing වලට තමයි පාවිච්චි කරන්නේ. Software Virtualization අයත් වන්නේ ක්‍රමයට. කලින් ස්ථාපනය කල Host මෙහෙයුම් පද්ධතියක් මත Virtualization Software එක ස්ථාපනය කරන අතර ඒ මත Guest මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරයි. මේ රුපය බලන්න. අපිට භාවිතයට ගන්න පුලුවන් Virtualization Software වලින් ඉදිරියෙන්ම ඉන්නේ   VMware Workstation  ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රම ගන්නාවක් සමග එන  VMWare Workstation දැන් ඉන්නේ එයලගේ 7 වන සන්ස්කරණයේ. නමුත් මේක සල්ලි දීල ගන්න ඔන එකක්.  නිකන් දෙන වලින් ගොඩාක්ම හොදයි කවුරුත් වගේ භාවිතා කරන Oracle Virtual Box . කලකට  ඉහත Sun Virtual Box කියල හදුන්වපු මෙයා දැන් Oracle ලගට ගිහිල්ල.          ඊට අමතරව මයික්‍රොසොෆ්ට් සමාගම හදුන්වල දුන්න එකත් Microsoft Virtual PC ඉතාම ජනප්‍රියයි,අවාසනාවකට වගේ ...

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ

Image
ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල  Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි . මුලිම මම හැරෙන්නේ Hardware  Virtualization    පැත්තට.  Hardware  Virtualization  වලදි ඉදිරියෙන්ම ඉන්නේ  Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare  සමාගමයි. මේ යටතේ කතා කරන්න වෙන්නේ   VMWare Hypervisior ගැන,මේ තාක්ෂණය  (ESX) සහ මෙහි නැවුම්ම පියවර  ESXi ලෙස හදුන්වනවා.  මම පලමු ලිපියේ කිව්ව විදිහටම  Hardware  Virtualization   වලදි Harware මත Virtual PC හෝ Servers කිහිපයක් පවත්වාගෙන යෑමට සහ ඒවායේ පරිපාලනය පහසු කිරීමට සුදුසු අතරමැදි මැදියෙක් වුවමනා වේ. මේ අතරමැදියාගේ කාර්යය සිදු කරන්නේ  VMWare Hypervisior විසිනි. 1. මුලින්ම බාගත කල යුතු වේ.  මෙම සබැදුමට යන්න .මෙය bootable  CD එකක් ලෙස ...