Posts

Showing posts from November, 2012

කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා

Image
කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා.මේ ධර්මදානය මේ ලෝකේ කාගේහරි හිත සුව පිණිසම වේවා. http://www.4shared.com/mp3/Xw5CGCJg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm http://www.4shared.com/mp3/aYE9DCTg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm

භාවනාවට කාලය මදි ද…? කුස්සියෙන් පටන් ගනිමු

භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි. ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ කටයුතු අතරේ විශාල මානසික සහනයක් ද ලබා ගැනීමට හැකි වනු ඇත. මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමේ දි නිතර අත්‍යාවශ්‍ය වන දෑ පහසුවෙන් ලබාගත හැකි නම්, එය කාලය ඉතිරි කරවන්නක්. මේ නිසා අපගේ මූලික අරමුණ විය යුත්තේ, මුළුතැන්ගෙයි ඇති ආහාරපාන සහ භාණ්ඩ පිළිවෙළකට තැන්පත් කිරීමයි. මෙවිට අවශ්‍ය යමක් සෙවීමට කාලය ගත කිරීම වෙනුවට, කාලය අපතේ යැවීමකින් තොරවම, නිතර භාවිතා නොකරන දේ පවා සොයා ගත හැකි වනු නො අනුමාන යි. සතිපතා හෝ මාසික ව නිවසට ගෙනෙනා ආහාරපාන, වැඩි කාලයක් නොයොදා ගබඩා කළ හැකි පරිදි මුළුතැන්ගෙය සංවිධානය කර ගත හැකි නම් එයම විශාල පහසුවකි. එසේම, මෙලෙස ගබඩා කළ දෑ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව සොයා ගැනීමට හැකි වීම ද ඉතා වැදගත් වේ. මෙසේ භාණ්ඩ ගබඩා කිරීම පහසුවෙන්

අමා දම්විල

Image

නමෝ බුද්ධාය!

Image
මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය ‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’  යන උතුම් පැතුම පෙරදැරි කරගෙන  1999 අගෝස්තු මස 14  වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරළ සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී