Posts

Showing posts from October, 2013

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”

Image
මේ ලෝකය හරිම අමුතු යි. යහපත් දෙයක් කළත් බණිනවා. නොකළත් බණිනවා. භාවනා කළත් බණිනවා. භාවනා නොකළත් බණිනවා. බණ කිව්වත් බණිනවා. බණ නොකිව්වත් බණිනවා. සිල්වත්ව ජීවිතය ගත කළත් බණිනවා. දුස්සීලයන්ටත් බණිනවා. ඒ නිසා නින්දා අපහාස කියන්නේ අසත්පුරුෂයන්ගේ සතුට පිණිස පවතින දෙයක්. අසත්පුරුෂයන් සතුටු වන්නේ අනුන්ට නින්දා අපහාස කිරීමෙන්. අනුන්ට ගැරහීමෙන්. පව්කාර පුද්ගලයන් නිතරම ඊර්ෂ්‍යාවෙන් කල්ගෙවනවා. තව කෙනෙකුට ගෞරවයක් ලැබෙනවාට, ප‍්‍රශංසාවක් ලැබෙනවාට කැමති නැහැ. ඒ නිසා යහපත් වැඩක් කරන්නට හදන විටත්, එය කඩාකප්පල් කරන අදහසින් යහපත් පුද්ගලයාට පවා නින්දා අපහාස කරනවා. ගරහනවා. අභූත චෝදනා කරනවා. එවැනි පුද්ගලයන්ගේ ඇසුර ඉතාමත්ම භයානකයි. එවැනි පුද්ගලයන්ගේ ඇසුරෙන් ලෝකයේ කාටවත් යහපතක් සිදුවන්නේ නැහැ. තමාටත් අයහපතක් සලසන, අනුන්ටත් අයහපතක් සලසන එවැනි පුද්ගලයන්ව හඳුනාගෙන දුරින්ම දුරු කළ යුතුයි. පවිටු පුද්ගලයන් ලාභ සත්කාර, කීර්ති ප‍්‍රශංසා වලට ඉතාමත්ම කෑදරයි. ඉතින් එබඳු පුද්ගලයන් හැම තිස්සේම කල්පනා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප‍්‍රශංසා ලබාගෙන ජීවත් වෙන ආකාරය විතරයි. ඔවුන්ට කෙලෙහි ගුණ මාත‍්‍රයක්වත් පිහිටන්නේ නැහැ. කෙ