Posts

Showing posts from March, 2012

අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා

Image
අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා නොව, ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හැසිරීම නිසාවෙනි. ක්‍රීඩකයන්ටත් වඩා රවි ශාස්ත්‍රී වැනි පක්ෂග්‍රාහී නිවේදකයින්ගේ කුණු කටවල් වැහෙන්න අපේ කොල්ලෝ මේ දුන්න පිළිතුරනම් අතිවිශිෂ්ඨයි. ඉදිරි තරගත් ජනගෙන පළමු වරට මෙම තරගාවලිය ජයගන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා.......

වින්ඩොස් 8 Consumer Preview

Image
මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති  Steven Sinofsky  Windows 8  හදුන්වා දෙමින් මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද මනාව පවතිනවා.ස්මාට් ෆොන්වල අතුරුමුහුණතට සමාන Metro (Tile Icon) සහිත අතුරු මුහුණතක් වින්ඩොස් 8 වල දකින්න ලැබෙනවා. වින්ඩොස් වල මීට පෙර පැවති Start Button එක මීට පසු වින්ඩොස් වලින් සමු ගැනීමද මේ සමග සටහන් වුනා.මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමග තමන්ගේ මොබයිල් ,ටැබ්ලට් සහ ඩෙස්ටොප් සදහා එකම මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙන අතර, අලුතින්  වෙලද පොලට පැමිනෙන, Dual Core හෝ  Quad core processors සහිත ජංගම දුරකතන සහ ටැබ්ලට් සදහා මෙය යොදා ගත හැක. ඒ සමගම අලුතෙන් හදුන්වාදෙන වින්ඩොස් 8 App Store එක මගින් තමන්ට කැමති Application එකක් මයික්‍රොසොෆ්ට් App ගොනුවෙන් ලබා ගැනීම