Posts

Showing posts from May, 2013

ඔබ ධර්මය තුළ දියුණු වෙනවා ද කියා දැන ගන්නේ කොහොම ද…?

Image
දයාබර යාලුවනේ , බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තමයි මේ ලෝක‍යේ තිබෙන අසිරිමත්ම දේ. ඒ ධර්මය සිතා ගන්නට බැරි තරම් අසිරිමත්. එහෙම වෙන්නෙ කරුණු කාරණා රාශියක් නිස යි. ඒ අසිරිමත් කරුණු අතර තිබෙන සුවිශේෂී ම දෙයක් තමයි , සම්බුදු සමිඳුන් ගේ ධර්මය කථිතමාත්‍රයකින් කෙළවර නොවීම … ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය , කවදාවත් කතාබහකින් ඉවර වෙන දෙයක් ‍නෙවෙයි. ධර්මය කියන්නේ හැම විට ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්. යම් කිසි කෙනෙක් තුළ ධර්මය ප්‍රායෝගික ව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් , ඒ කෙනා බුදු සමිඳුන් ගේ ධර්මය තුළ මිය ගිය කෙනෙක්. ඒ කියන්නේ එයා තුළ සද්ධර්මය ජීවමාන වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා , වගේ මේ හැම දෙයක් ම එක ම එක නිෂ්ඨාවක් (නිශ්චිත අවසන් අරමුණක්) ‍පිණිස ම යි පවතින්නේ. ඒ නිෂ්ඨාව තමයි , පරිපූර්ණ වශයෙන් කෙළෙස් සංසිඳවීම. ඉතින් මොකක් ම හරි හේතුවන් හින්ද , ධර්ම සාකච්ඡාවකින් හරි ධර්ම ශ්‍රවණයකින් ‍හරි කෙළෙස් සංසිඳවීම සිදු වෙන්නේ නැත්නම් , එතැන බුදු දහම නැහැ. එතැන තිබෙන්නේ ධර්මයේ වේශයෙන් ක්‍රියාත්මක වෙන වෙනත් දෙයකු යි. ඒ නිසා ධර්මය ගැන උනන්දු වෙන