Posts

Showing posts from January, 2013

ආශ්චර්යය මෙය නම්

රටේ රජවරුන්ගේ ඉතිහාසය ගැන අප බොහෝ කරුණු දන්නවා. රජවරුන්ගේ නම්ගොත් ද ඒ ඒ රාජධානි ගැන ද සවිස්තර ව රසවත් විදිහට අප අහල තියෙනවා. බුද්ධ ශාසනයේ ඉතිහාසය ද මේ රටේ ඉතිහාසයට බද්ධ වී තිබෙන්නේ ගහට පොත්ත වගේ. රජවරුන් ඒ ඒ කාලයේ පවත්වාගෙන ගිය පාලන තන්ත‍්‍රයන් ගැන අපට ඉතිහාස පොත්පත්වලින්, සෙල්ලිපිවලින්, ජනප‍්‍රවාදවලින් තමයි දැනගන්නට තිබෙන්නේ.  ‘ධාර්මික පාලනයක්’  කියන සංකල්පය සෑම කාලයේ ම අපේ රාජ්‍යයක මූලික අංගයක්. ඉතිහාසයේ රාජ්‍ය පාලනතන්ත‍්‍රයට ‘ධාර්මික පාලනය’ බද්ධ වීමට බුදුරජාණන් වහන්සේගේ විශ්මිත හෙළිදරව්ව ඇතුළත් මේ ධර්මයයි හේතු වුණේ. බුදු දහමේ විස්තර කරන රාජ්‍ය පාලන විධි, බුදුරජාණන් වහන්සේ රජවරුන් උදෙසා කළ අවවාද අනුශාසනා, බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ හා අතීත බුදුවරුන් වැඩසිටි කාලයේ පැවති පාලන තන්ත‍්‍රයන් පිළිබඳ විස්තර ආදියෙන් අපේ අතීත පාලන ක‍්‍රමය පෝෂණය වුණා. බුදු දහම පදනම කරගෙන පැවති රාජ්‍ය පාලනයක් ප‍්‍රායෝගික ව හා සාර්ථක ව වසර දහස් ගණනක් බාධක මධ්‍යයේ වුව ද ක‍්‍රියාත්මක කරන්නට අපේ පැරැන්නන් සමත් වුණා. අධාර්මික පාලනයක් පැවති කාලයේ, විදේශ ආක‍්‍රමණ පැවති කාලයේ පවා අපේ පැරැන්නන් සටන් කළේ මේ ධාර්

ප‍්‍රඥවන්තයින් වෙමු….

අලුත් අවුරුද්දක් ලැබුවා...මේ අවුරුද්දෙවත් අපි අපේ ජීවිතවලට ධර්මය ලංකර ගන්න බලමු නේද? මෙන්න ඒක පටන් ගන්න හොද ලිපියක් කියවලා බලන්න. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන අසපුවේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත‍්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා “ප‍්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම යි කරන්නේ. ඒ අය ජීවත් වෙන්නේ තමන්ට ම හතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක් තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව. යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ. අන්තිමේදී කඳුළු පිරුනු මුහුණින් තමයි ඒවයෙ විපාක විඳින්ට සිද්ධ වෙන්නෙ.” කියල ඒ දිව්‍ය පුත‍්‍රයා කියා සිටියා. ඊට පස්සෙ කියා සිටියා, “යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒ වගේ දේවල් තමයි කරන්ට ඕනැ. ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි.” කියල. එතකොට බලන්න පව් කලාම ඒවායේ විපාක විදින්ට සිද්ද වෙන්නේ කදුලූ පිරුණු මුහුනින් තමයි. නමුත් යහපත් දෙයක් කලාම ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුලූවන්. එහෙනම් කල්පනා ක