Posts

Showing posts from December, 2012

නමෝ බුද්ධාය

Image

රුවන්වැලි මහ සෑ වන්දනාව

Image

කිරිකැටියා වෙනුවෙන් මා පිය ඔබේ වගකීම

Image
බාල ළමා වියේ සංවර්ධනය කියන්නෙ නූතන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බොහොම ඉහළින් පිළිගැනෙන න්‍යායක්. උපතේ සිට අවුරුදු 03 දක්වා වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා රැක බලා ගන්නවුන් දියත් කළ යුතු වූ වැඩපිළිවෙළක් ලෙසටත් එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ කුඩා දරුවන් සමාජීය, ආධ්‍යාත්මික, කායික යනාදි වශයෙන් පරිපූර්ණ කරවීම අරමුණු කොටගෙනයි මේ සංකල්පය කි‍්‍රයාත්මක කෙරෙන්නේ. බාල ළමා වියේ සංවර්ධනය නමින් නූතනයේ අප හඳුන්වන මේ වැඩපිළිවෙළට බුදු දහමෙන් ලැබෙන්නේ නො මඳ පිටිවහලක්. සැබැවින් ම බාල ළමා වියේ සංවර්ධනය නිසියාකාරව සිදු කළ හැකි වන්නේ බුදු දහමේ හර පද්ධතිය තුළින් ලැබෙන්නා වූ ආභාසයෙන්. වෛද්‍ය විද්‍යානුකූලව බලද්දි, දරුවෙකුගේ වයස අවුරුදු 03ක් වනවිට මොළයේ ඉතා වැඩි ප‍්‍රමාණයක් සංවර්ධනය වී අවසන්. සමහර විට අපි දරුවන්ට යම් යම් දේවල් නිවැරදිව උගන්වන්න කල් යල් එළඹෙනකල් බලන් ඉද්දි, දරුවාගේ මනස එය තමන්ට ග‍්‍රහණය වෙන අයුරින් තේරුම් ගෙන අවසන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ වයස මාස 36ක් වෙනකොට, ඒ කෙටි කාලය තුළ දරුවා සිතීමට, කථා කිරීමට, ඉගෙනීමට සහ තාර්කිකත්වයට අවශ්‍ය හැකියාවන් වර්ධනය කර ගන්නවා. වැඩිහිටියෙකු වූ විට තමන් සතුව