Posts

Showing posts from January, 2012

ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ

Image
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම  බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පනවා ඇත්තේ පෙරමෙ

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි

Image
ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක්  කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම්  මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය. කෙසේ නමුත් අද මට ඩයලොග් ද එපාම වී ගියේ මගේ රූපවාහිනී තිරයේ ඩයලොග් එකෙන් එවු නිවේදනයක් කියවීමෙන් පසුවයි . මම පසුගිය දෙසැම්බර් 25 දින   HBO නැමති නාලිකා සමූහය ක් ‍ රියාත්මක කර ඇති බවත් එයට ස්තුතිවන්ත වන බවත් එහි සදහන් විය . ඊට අමතරව ඒ සදහා රුපියල් 399 සහ බදු ඇතුලත් බවද සදහන් වුනි. මම ක්ෂණිකව නැමති නාලිකාව