ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි





ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක්  කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම්  මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය.
කෙසේ නමුත් අද මට ඩයලොග් එපාම වී ගියේ මගේ රූපවාහිනී තිරයේ ඩයලොග් එකෙන් එවු නිවේදනයක් කියවීමෙන් පසුවයි. මම පසුගිය දෙසැම්බර් 25 දින  HBO නැමති නාලිකා සමූහය ක්රියාත්මක කර ඇති බවත් එයට ස්තුතිවන්ත වන බවත් එහි සදහන් විය. ඊට අමතරව සදහා රුපියල් 399 සහ බදු ඇතුලත් බවද සදහන් වුනි. මම ක්ෂණිකව නැමති නාලිකාව ක්‍රියාත්මක කර බැලුවෙමි.එය ක්‍රියාත්මකය.ඊට අමතරව HBO නමින් ඇති තවත් නාලිකා හතරක් ද ක්‍රියාත්මක වන බව පෙනුනි.පුදුමයට කරුන නම් මෙය මම හෝ පවුලේ කිසිම කෙනෙකු ඇක්ටිවේට් කර නොතිබීමත් කිසිමදාක HBO වැනි නාලිකා නොබැලීමත්ය. මම ඩයලොග් හොට් ලයින් එකවන 0777-679679දුරකතන ඇමතුමක් ගතිමි.හොට් ලයින් එකේ විනාඩි 7 පමණ ඇති පදම් හොට් වීමෙන් පසු පොරක් ඉතාම ආදරයෙන් අනිත් පැත්තෙන් කතා කරනු ඇසුනි, මම ඔහුට මගේ සියලුම විස්තර ලබා දී මගේ ගැටලුම කීවෙමි.ඔහු කීවේ එක්තරා ජංගම දුරකතනයකින් කෙටි පණිවුඩයක් මාර්ගයෙන් මෙය සක්‍රීය කර ඇති බවය.
හේ නොපැකිලිවම දුරකතන අංකය ලබා දුන්නේය.නමුත් එය කිසිදාම නො ඇසූ අංකයක් වීමෙන් මම මවිත විමි.තවදුරටත් සොයා බැලීමේදී ඩයලොග් නාලිකා සක්රීය කිරීම කෙටි පණිවුඩ මාර්ගයෙන් කල හැකි බවත් ඒසදහා උවමනාවන්නේ ඩයලොග් ගිණුම් අංකය සහ නාලිකා අංකය පමණක් බවත් දැනගන්න ලැබුණි.සිද්ධිය පැහැදිලිය කිසිවෙකු වැරදියට මගේ ගිණුම් අංකය යොදා කෙටි පණිවුඩය යවා ඇත.
ON  {Account Number} { Channel Number}
මෙය මොනතරම් හොර තක්කඩි වැඩක්ද කියා කියන්න උවමනා නැත, තමන්ගේ එකේ බිල අහද්දී පවා නම,වයස, ජාතික හැදුරුම්පත් අංකය , ලිපිනය පවා අසන මෙම සමාගම මෙසේ තීරණාත්මක ක්රියාවකදී කිසිවක් නොවිමසා කටයිතු කරන්නේ ඇයි?
පාරිභෝගිකයාට වේගවත් සේවාවක් දෙනවා කියන්නේ මෙයද?වේගය නොව ඔවුන්ට උවමනා කාගෙන් හරි පික් පොකැට් ගැසීමට නොවේද?මෙවැනි ක්රියාමීට පෙර කොතරම් වෙන්න ඇතැයි මම දුරකතන ක්රියාකරුගෙන් විමසුවෙමි, එහෙම වෙනවා සර් නමුත් එහෙම කෙටි පණිවිඩයක් එවලා නැත්නම් අපි සල්ලි රිපන්ඩ් කරනවා, ඔහුගේ පිලිතුරයි.ඉතින් කීයෙන් කීදෙනෙක් තමන්ගේ රූපවාහිනියට එන දැන්වීම් කියවනවාද? කීදෙනෙක් නම් තමන්ගේ මාසික බිල බලනවාද? එන ගානක් ගෙවලා දාන කීදෙනක් ඉන්නවාද? ඩයලොග් එකෙන් අපි ඉස්සරහම අපේ පොකට් එකට කෙලිනවා නේද?
මම ඩයලොග් සමාගමට මේ සම්බන්ද පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර ඔවුන් එය පැය 48 ඇතුලත ව්සදා දෙන බවට පොරොන්දු  විය, ඊට අමතරව මම මෙය විදුලි සංදේශ නියාමන කොමසමටද දැන්වීමි. ඒසී කාමර වල පුටු රත්කරන විදුලි සංදේශ නියාමන කොමිසමේ ඉන්න නිකමුන් ගෙන් නම් කිසිම වැඩක් නැති බව සක් සුදක් ලෙස මම දනිමි. නමුත් මෙවැනි බහුජාතික සමාගම් වලට ඕනා විදිහට නටන්න ඉඩ ලැබෙන්නේ  ඔය කොමිසමේ ඉන්න පොඩි එකාගේ සිට මහ එකා දක්වා සියලු දෙනා සමාගම්වල සාක්කුවල නිසා බව අමුතුවෙන් කියන්න උවමනාවක්ද නැත.
මෙවැනි කලක පාරිභෝගිකයින්වන අපිට දෙයියින්ගේ පිහිට හැර කාගේ නම් පිහිටක්ද?


පසු විපරම: 
පැය 48 කින් මේ බව සොයබලා ඇමතුමක් ගන්නවා යැයි කීවද කිසිම ඇමතුමක් හෝ නාලිකාව ඩිස්කනෙට් කිරීමක් සුදුවී නැත.
මම එදිනම මේබව විදුලිසංදේශ නියාමන කොමිසමට දැන්වුවද තවම පිලිතුරු email එකක්වත් නැත.

Comments

  1. mun gena nam kiyala wedak nehe hemada penwanne ekama weda satahan bill gewanna tikkak pramada unoth kapanawa (dialog tv) re connect karanna giyama rs. 2200 withara ganna mama me connection eka ganna kota rs 16ooo gevuva dan 5000 denawa upakaranawalata api mudal gevuwata disconnect kalama eva galawagena yanawa mema company ya harima asadarana widiyata thami customers lawa suuragana kanne mama d/tv. nawathwala demma internet gaththama hungak prayojani Readon Player da gaththama D/tv eke penwana weda satahan nomile balanna puluwan munta hena gahanawa

    ReplyDelete
  2. matath me ha samana deyak una.mama e channeling karapu ekak deparak bill ekata add karala thibuna.mage bila ekaparatama wedi una nisa mama complain kara.detail bill eka balanna dunne ne server updating magulak kiyawala.eth anthimata mama detail bill eka aragena beluwama ekama dine e channeling walata deparak bill eka dala.me wage ape calls walata kochchara add karanawa athida.matath me dialog eka epama wela thiyenne.me gana TRC eken hari action ekak gannawanam godak hondai.

    ReplyDelete
  3. කථාවනම් සම්පුරණ ඇත්ත. මුන්ගේ බිලක් අරගෙන බලන්න අර ටැක්ස්,මේ ටැක්ස් කියලා බිලට එකතුකරන ඒවායි... තව මොනවද වගයක් කියලා ඇඩිශනලි එකතු කරන ඒවයි.. මුන් අපේ සාක්කුවට තට්‍ටුකරන්නේ ඔලුව අතගාලා. TRC එකේ ඉන්න ගොබ්බයෝ ගැන නම් කථා කරලා වැඩක් නැ..

    ReplyDelete
  4. මුලින්ම ඔබට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන ගමන් මම යමක් මේකට යමක් එකතු කරන්නම්!

    මම ඩයලොග් ටීවී ගැන නම් දන්නේ නෑ.මම පාවිච්චි කරන එකම ඩයලොග් සේවාව mobile broadband විතරයි.මම ගත්තේ 3GB package එකක්.ඒ දවස් වල තිබුන අඩුම ඒක එක. ඒක ගන්න කොට මට deposit කරන්න උනා 1000ක් එයාල කිව්ව් එච්චර විතරමයි ගෙවන්න අතිරේකව ගෙවන්න වෙන්නේ කියල.එත් එක එහම උනේ නෑ. 906/= වෙන මාසේ බිල අවෙ 1400 ගනනක් විදියට පලවෙනි මාසේ. අඩු පාඩුව උන් බිලට දාල එවල.customer care එකට කෝල් කලාම හෙන දිග හෑල්ලක් කියවගෙන ගියා.එත් එක ගෙවන්න උනා.දෙවනි මාසේ ඉදලා බිල හරියට ආව.උබ හරි මචන් මුන් හැදෙන්නේ අපිට පිට් පොකැට් ගහල තමයි.

    ReplyDelete
  5. sira machan.. munta monawa unat ona salli.. tawa deyak.. hadisi hethuwak nisa.. ape gedara tiyena satalite 1 ethanin galawa wena thanakata( adiyak 2k unat) savi kaarnna mun rs 3000k gannawa... mun dannwa eka apita karnna ona nisay galawanne kiyla.. awasthawen uparimayama gannawa.. ewa ketha wada..

    ReplyDelete
  6. ඔහොම තමා. මොකටද මුන් පස්සේ යන්නේ.. මුන්ගේ මොබයිල් ඉන්ටෙර්නෙට් පැකේජස් 4ක් ද කොහෙද තියෙනවා. ඔක්කොම unlimited ලු. එ උනාට නියමිත ප්‍රමාණයට වඩා දත්ත පරිහරණය කලාම. ස්පීඩ් එක 20kbps විතර වෙනවා..(උදා: 2gb පැකේජ් එක නම්..3 gb වලට පස්සේ ස්පීඩ් එක අඩු වෙනවා.).. ඊට පස්සේ ගෙවන්න ඕන අමතර ගණනක් අයෙත් ස්පීඩ් එක හද ගන්න. ඔව් ඉතින් unlimited නේ. මෙතැනදී අන්දන හැටි කොහොමද?

    ReplyDelete
  7. මටත් මෙකම උනා.මට සල්ලි රිපන්ඩ් කරා.

    ReplyDelete
  8. බුදු අම්මෝ මම ඩයලොග් මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් පැකේජ් එකක් ගත්තා. මොනවයින් මොනවා වෙයිද මන්දා. ඔක්කොම එවුන් හොරු මම දැන් මාසයක් තිස්සේ ටෙලිකොම් එකත් එක්ක ෆයිට් කරනවා මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගැන. දැන්නම් මුන්ව මරාගෙන මැරෙන්ඩ හිතිලා තියෙන්නේ.

    ReplyDelete
  9. DIALOG TV wala hot line 1 gana nam ithin kiyala wadak naaa..... 25 min withara rasthiyaadu karanawaamai.....
    DIALOG DONGLE wala speed limit wadeth hariyata theerenne naa...
    AIRTEL awilla wada awul kalee naththam thaamath DIALOG charges meeta wadaa godak wadii nee..!

    kohoma unath mageth;
    mobile connection 1 dialog
    sattelite TV th dialog
    dongle 1th dialog

    '''' untama giyapu ratal meeka... mokada karanne....!'''''

    ReplyDelete
  10. Mungay ammalata hu.....................

    ReplyDelete
  11. ioo simple case ekek ne.mama CBN kale idan oka use karanne thma dialog eke waradak wela na.oya widihata package active wela thieywan mata e unata wade gana shape una.SMS walin active wena wadedi mata wena kenk ge eke unath active karanna puluwan eka thma oya aulata hethuwa waradila account num eka ewanna athi karuruhari dialog eke waradak naa

    ReplyDelete
  12. Eka thamail mama kiwwa warada, yamek weradila hari ehema active kaloth eke weredda active karapu manussayage neme.ewage activatiobn ekakata ida thibba dialog company eke.
    Oya activation ekedi Owner NIC eka check kalanam kisima awlak wenne nene

    ReplyDelete
  13. Mata lagadi AIRTEL eken oya wage wadak una. a wenakota RS 20 withara thune. call ekak ganna balanakota salli ne. call karala ungen ahuwama kiuwa riging tone ekakatay jock massage ekakatay kapila thiyanawa. habay awa active wela ne kiyala balannam kiuwa. hawas weddi salli tika aya dala thibuna..

    ReplyDelete
  14. mama dawasak ten cricket eke match eka bala bla iddi menna ten cricket eka lanka match eka nawaththala wena ekak pennanawa.mata mala penala ammata mabenne oya pakayange,,mama salli illuwa connection fee eka.eda idala hema customer enektama ten cricket free,,,

    ReplyDelete
  15. DIALOG TV EKE PEMWANNE HAMADAMA EKAMA NAYA MUNGE PRODAWAL WALA YALUWANE AHUWENNA EPA

    ReplyDelete
  16. wesa dialog karayooo.....this z really true guys....I also know the Dialog,what type of company is.....We must ban these things of dialog.......
    konda pana un nathi eke padu thamai meva....uda enna un okkoma marila yanna ona,me ratata karana vinaseta............ :((((((

    ReplyDelete
  17. 100% ඇත්ත.................................

    ReplyDelete
  18. Dialog Tv Oya Tharam Aththatama Wadakma Nadda? 2012 March 31 Wenakam 5999 Ta Promotion Ekak Thiyanawa. Mama Inne Radawana (Gampaha District) Eth Mama Inna Area Ekata Lankawe Local Channels Wath Hariyakata Penne Na. SLT Peo Tv Ganna Haduwe. Eth Mama Inne Kirindiwela Telocom Eke Idala 4km Hinda Ekath SLT Eken Denna Barilu. Anthimata Thamai Dialog Tv Ganna Haduwe. Eth Me Comments Okkoma Dakkama Mata Dialog Tv Ganna Hithenne Na. Aththatama Mehema Wenawada? Mata Local Channels Balannath One. E Okkotama Balanath One. Oyalama Kiyanna Mata Dialog Tv Eka Ganna Eka Hodaida Kiyannako?

    ReplyDelete
  19. Dialog Tv Oya Tharam Aththatama Wadakma Nadda? 2012 March 31 Wenakam 5999 Ta Promotion Ekak Thiyanawa. Mama Inne Radawana (Gampaha District) Eth Mama Inna Area Ekata Lankawe Local Channels Wath Hariyakata Penne Na. SLT Peo Tv Ganna Haduwe. Eth Mama Inne Kirindiwela Telocom Eke Idala 4km Hinda Ekath SLT Eken Denna Barilu. Anthimata Thamai Dialog Tv Ganna Haduwe. Eth Me Comments Okkoma Dakkama Mata Dialog Tv Ganna Hithenne Na. Aththatama Mehema Wenawada? Mata Local Channels Balannath One. E Okkotama Balanath One. Oyalama Kiyanna Mata Dialog Tv Eka Ganna Eka Hodaida Kiyannako?

    ReplyDelete
  20. Dialog Tv Oya Tharam Aththatama Wadakma Nadda? 2012 March 31 Wenakam 5999 Ta Promotion Ekak Thiyanawa. Mama Inne Radawana (Gampaha District) Eth Mama Inna Area Ekata Lankawe Local Channels Wath Hariyakata Penne Na. SLT Peo Tv Ganna Haduwe. Eth Mama Inne Kirindiwela Telocom Eke Idala 4km Hinda Ekath SLT Eken Denna Barilu. Anthimata Thamai Dialog Tv Ganna Haduwe. Eth Me Comments Okkoma Dakkama Mata Dialog Tv Ganna Hithenne Na. Aththatama Mehema Wenawada? Mata Local Channels Balannath One. E Okkotama Balanath One. Oyalama Kiyanna Mata Dialog Tv Eka Ganna Eka Hodaida Kiyannako?

    ReplyDelete
  21. ගන්න අපේ දේ!!!!!!!!!!!

    ReplyDelete
  22. ගන්න අපේ දේ!!!!!!!

    ReplyDelete
  23. ඩයලොග් නම් පට්ට චා!! ලංකාවේ තියෙන ජරාම කම්පැනි එක!

    ReplyDelete
  24. මෙහෙමයි,කිසිම සමාගමක් සමාජ සුභසාධනය වෙනුවෙන් business කරන්නෙ නැහැ.දවසෙ පැය 24 පුරා සතියෙ දවස් 7ම වැඩ කරන විදිහට තියාගෙන යන තැනක යම් යම් වැරදි වෙන්න පුලුවන්,නිකමට හිතන්න ඔයා ඒ වගේ ආයතනයක ඉඳලා ඔය වගේ දෙයක් උනොත් ඔයාම මේකේ ලියයි 99 හරියට කරලා 1 එහා මෙහා වුනාම කෑගහනවා කියලා.නිදා ගෙන ඉන්න මිනිසෙකුට නීතියේ සරණ ලැබෙන්නෙ නැහැනේ, ඉතින් ඔයාට එහෙම මොන යම් හෝ ආයතනයකින් අසාධාරණයක් වෙනවා නම් වහාම ඒ ආයතනයට පැමිනිළි කරන්න.මටත් dialog එකෙන් ජිල්මාට් වැටිලා තියෙනවා.නමුත් කෙන්ද කන්ද කරන් කෑ ගහන්න ඕන නැහැනෙ.පුලුවන් නම් ඕකෙ වැඩකරන කෙනෙක් ගෙන් අහලා බලන්න උන් කොච්චර pressure එකක වැඩ කරනවද කියලා.මිනිස්සු වුනාම වැරදි වෙන්න පුලුවන්නෙ,ඔහේ නිකන් එන ගාන උඩ බලාගෙන ගෙව්වන එක ඒ මිනිස්සුන්ගේ නොසැලකිලිමත්කම.

    ReplyDelete
  25. මගෙත් බර ගානක් හොරට කපාගත්ත dialog එකෙන්. night time broadband වලට. caa එකටයි dialog එකටයි complane කල එකම රෙප්ල්ය් එකක්වත් නෑ තාම.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”