Posts

Showing posts from 2012

නමෝ බුද්ධාය

Image

රුවන්වැලි මහ සෑ වන්දනාව

Image

කිරිකැටියා වෙනුවෙන් මා පිය ඔබේ වගකීම

Image
බාල ළමා වියේ සංවර්ධනය කියන්නෙ නූතන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බොහොම ඉහළින් පිළිගැනෙන න්‍යායක්. උපතේ සිට අවුරුදු 03 දක්වා වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් හා රැක බලා ගන්නවුන් දියත් කළ යුතු වූ වැඩපිළිවෙළක් ලෙසටත් එය පෙන්වා දෙන්න පුළුවන්. ඒ කුඩා දරුවන් සමාජීය, ආධ්‍යාත්මික, කායික යනාදි වශයෙන් පරිපූර්ණ කරවීම අරමුණු කොටගෙනයි මේ සංකල්පය කි‍්‍රයාත්මක කෙරෙන්නේ. බාල ළමා වියේ සංවර්ධනය නමින් නූතනයේ අප හඳුන්වන මේ වැඩපිළිවෙළට බුදු දහමෙන් ලැබෙන්නේ නො මඳ පිටිවහලක්. සැබැවින් ම බාල ළමා වියේ සංවර්ධනය නිසියාකාරව සිදු කළ හැකි වන්නේ බුදු දහමේ හර පද්ධතිය තුළින් ලැබෙන්නා වූ ආභාසයෙන්. වෛද්‍ය විද්‍යානුකූලව බලද්දි, දරුවෙකුගේ වයස අවුරුදු 03ක් වනවිට මොළයේ ඉතා වැඩි ප‍්‍රමාණයක් සංවර්ධනය වී අවසන්. සමහර විට අපි දරුවන්ට යම් යම් දේවල් නිවැරදිව උගන්වන්න කල් යල් එළඹෙනකල් බලන් ඉද්දි, දරුවාගේ මනස එය තමන්ට ග‍්‍රහණය වෙන අයුරින් තේරුම් ගෙන අවසන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ වයස මාස 36ක් වෙනකොට, ඒ කෙටි කාලය තුළ දරුවා සිතීමට, කථා කිරීමට, ඉගෙනීමට සහ තාර්කිකත්වයට අවශ්‍ය හැකියාවන් වර්ධනය කර ගන්නවා. වැඩිහිටියෙකු වූ විට තමන් සතුව

කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා

Image
කිරිබත්ගොඩ අපේ ලොකුහමුදුරුවන්ගේ සදහම් දේශනා.මේ ධර්මදානය මේ ලෝකේ කාගේහරි හිත සුව පිණිසම වේවා. http://www.4shared.com/mp3/Xw5CGCJg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm http://www.4shared.com/mp3/aYE9DCTg/Ven_Kiribathgoda_Gnanananda_Th.htm

භාවනාවට කාලය මදි ද…? කුස්සියෙන් පටන් ගනිමු

භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි. ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ කටයුතු අතරේ විශාල මානසික සහනයක් ද ලබා ගැනීමට හැකි වනු ඇත. මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමේ දි නිතර අත්‍යාවශ්‍ය වන දෑ පහසුවෙන් ලබාගත හැකි නම්, එය කාලය ඉතිරි කරවන්නක්. මේ නිසා අපගේ මූලික අරමුණ විය යුත්තේ, මුළුතැන්ගෙයි ඇති ආහාරපාන සහ භාණ්ඩ පිළිවෙළකට තැන්පත් කිරීමයි. මෙවිට අවශ්‍ය යමක් සෙවීමට කාලය ගත කිරීම වෙනුවට, කාලය අපතේ යැවීමකින් තොරවම, නිතර භාවිතා නොකරන දේ පවා සොයා ගත හැකි වනු නො අනුමාන යි. සතිපතා හෝ මාසික ව නිවසට ගෙනෙනා ආහාරපාන, වැඩි කාලයක් නොයොදා ගබඩා කළ හැකි පරිදි මුළුතැන්ගෙය සංවිධානය කර ගත හැකි නම් එයම විශාල පහසුවකි. එසේම, මෙලෙස ගබඩා කළ දෑ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව සොයා ගැනීමට හැකි වීම ද ඉතා වැදගත් වේ. මෙසේ භාණ්ඩ ගබඩා කිරීම පහසුවෙන්

අමා දම්විල

Image

නමෝ බුද්ධාය!

Image
මහමෙව්නාව භාවනා අසපුවේ ආරම්භය ‘ගෞතම බුදු සසුන බබළවන පිරිසක් බිහිවේවා’  යන උතුම් පැතුම පෙරදැරි කරගෙන  1999 අගෝස්තු මස 14  වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය සිදුවීමත් සමඟ මහමෙව්නාව භාවනා අසපුව නම් පුණ්‍ය භූමිය දෙව් මිනිස් ලෝකයට බිහිවුණා. ඉන්පසු ගත වූ මෙම දොලොස් වසරක් වූ කෙටි කාලය තුළදී ‘මහමෙව්නාව’ ලක්දිව ද දේශ දේශාන්තරයේ ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්වුණා. මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වන පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ තිස් වසරක් වූ පැවිදි ජීවිතයේ දී ලද අත්දැකීම් මුල් කරගෙන, දියත් කළ ධර්ම දූත සේවාව සුළු කලකින් ම දිවයින පුරා පැතිර ගියා. සරළ සිංහල බසින් බුද්ධ දේශනා විස්තර කර දීම නිසා, සෑම වයස් කාණ්ඩයකම පසුවන සැදැහැවතුන් උන්වහන්සේගේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන්නට පටන් ගත්තා. මනස දියුණු කරගැනීම පිණිස හිත නැවෙන ආකාරයට භාවනාව ඉදිරිපත් කිරීමේ දී උන්වහන්සේ දැක් වූ දක්ෂතාවය, භාවනා පංති සොය සොයා ගිය පිරිසකට විශාල අස්වැසිල්ලක් වුණා. බුදුරජුන් කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වන සේ ඉතා නිර්මාණශීලී

ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්

Image
ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හුගක් වෙනස්..ඒ වෙනස අපේ සදාචාරයත් එක්ක බද්ධ වුන එකක්. මේ වෙනස අපිට ආඩම්බරයක් කියල මේ ජායාරූපය බලද්දි පේනවා..

තොරතුරු තාක්ෂණය ගැන අසා දැන ගන්න

Image
මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණයහදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු  මම අද කියන්න යන්නේ තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවෙන , තොරතුරු තාක්ෂණය හදාරණ ඊට ආශකරන ගොඩක් දෙනක් අහන ඇසිය යුතු  පොඩ්කාස්ට් එහෙම නැත්නම් අන්තර්ජාල හරහා විසුරුවාහරින සාකච්ඡා කිහිපයක් ගැන. 1. Security Now  -  මෙතනින් බාගත කරන්න 2.  Home Network and Computer Help -   මෙතනින් බාගත කරන්න 3. dotcom security weekly -  4. Twit  5. Wall Street Journal - 6. Real Deal  මීට අමතරව ටෙක්කතා පොඩ්කාස්ට් මාලාව තොරතුරු තාක්ෂණය ගැන සිංහලෙන් සොයන ඕනෑම කෙනෙකුට මහගු සම්පතකි

අහංකාර ඉන්දියානුවන් ගෙදර යැවු සිංහ පැටවුන්ට ජයවේවා

Image
අද සවස මම දැක්ක හොදම ක්‍රිකට් තරගයක් නිමාවට අත් වුනා.උත්වේගකර වුද අතිශය තීරණාත්මක වුද ක්‍රිකට් තරගයක් තුල සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීමට අපේ සිංහ පැටවුන්ට හැකි වුනා.මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ඉන්දීය නාමය කොමන්වෙල්ත් බැංකු තරගාවලින් අතුගා දමන්න අපිට හැකිවු නිසායි.මෙයට අපේ රටේ බොහෝ දෙනා කැමති වනවාට සැකයක් නැත්තේ, පසුසිය ලෝක කුසලාන තරගාවලියේ මෙන්ම පෙරදා නිමාවට පත්වු තීරණාත්මක තරගයකදීද අපව පරාජය කල නිසා නොව, ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ හැසිරීම නිසාවෙනි. ක්‍රීඩකයන්ටත් වඩා රවි ශාස්ත්‍රී වැනි පක්ෂග්‍රාහී නිවේදකයින්ගේ කුණු කටවල් වැහෙන්න අපේ කොල්ලෝ මේ දුන්න පිළිතුරනම් අතිවිශිෂ්ඨයි. ඉදිරි තරගත් ජනගෙන පළමු වරට මෙම තරගාවලිය ජයගන්න අපේ කොල්ලන්ට ශක්තිය ලැබේවා.......

වින්ඩොස් 8 Consumer Preview

Image
මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති  Steven Sinofsky  Windows 8  හදුන්වා දෙමින් මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද මනාව පවතිනවා.ස්මාට් ෆොන්වල අතුරුමුහුණතට සමාන Metro (Tile Icon) සහිත අතුරු මුහුණතක් වින්ඩොස් 8 වල දකින්න ලැබෙනවා. වින්ඩොස් වල මීට පෙර පැවති Start Button එක මීට පසු වින්ඩොස් වලින් සමු ගැනීමද මේ සමග සටහන් වුනා.මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමග තමන්ගේ මොබයිල් ,ටැබ්ලට් සහ ඩෙස්ටොප් සදහා එකම මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙන අතර, අලුතින්  වෙලද පොලට පැමිනෙන, Dual Core හෝ  Quad core processors සහිත ජංගම දුරකතන සහ ටැබ්ලට් සදහා මෙය යොදා ගත හැක. ඒ සමගම අලුතෙන් හදුන්වාදෙන වින්ඩොස් 8 App Store එක මගින් තමන්ට කැමති Application එකක් මයික්‍රොසොෆ්ට් App ගොනුවෙන් ලබා ගැනීම

Microsoft Office වල Splash(Welcome)Screen එක ඉවත් කිරීම

Image
අපිට තියන ප්‍රධාන ගැටලුවක් තමයි, Microsoft Word, Power Point , Excel වගේ නිතර භාවිතා කරන software click කරල පැය ගානක් බලාගෙන ඉන්න ඕන ඕපන් කරන්න.Word, Excel සහ PowerPoint වල file එකක් ඔපන් වෙන්න කලින් libraries  වාගයක් ලෝඩ් කරගන්නව මතක ඇති,ඇත්තටම මේ libraries  වලින් අපි කිසිම වැඩකට ගන්නේ නැති තරම්.මේ නිසා මේ splash screen එක ඉවත් කරල files fasted විදිටහ කරන open විදිහක් තියනවා. මුලින්ම Shortcut එකක් හදාගන්න   දැන් ඔයාලගේ Office Package එක, install වෙලා තියන තැන හොයාගන්න ඕන. Default  Location  C:\Program Files\Microsoft Office\Office14      3.  අදාල shortcut location  එකට මෙන්න මෙහෙම දෙන්න. “C:\Program Files\Microsoft Office\Office14\WINWORD.EXE” /q 4. Shortcut එකට නමක් දීල වැඩේ Finish කරන්න Microsoft Excel වලට Microsoft Power Point  කරල බලල comment එකක් දාගන්න

Outlook PST Password එක Recover කරගන්න

මම අද ලියන්න යන්නේ මට ඉතාම වැදගත් වුන Software Tool එකක් ගැන. ඒ කියන්නේ Email ( Outlook Pst)  එකක Password එක අමතක වුනොත් කරගන්න විදිහ ගැන.මේ Tool එකේ නම   NirSoft PstPassword 2010 . මේ Software එකේදී , අපිට උවමනා pst file එක add කලාට අපි දාපු මුල් පාස්වර්ඩ් එකේ ටික Encrypted Values අපූරුවට පෙන්වනවා. මේක කරන්න ඉතාම පහසුවෙන්නේ pst file එකට දාන password  එක ඉතාම අනාරෂිත විදිහට තමයි  store  වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතාම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව pst password එක recover කරගන්න පුලුවන්. මෙන්න ලින්ක් එක

Google Chrome Mobile (Beta) ඇවිල්ලා

Image
අද Google Chrome Mobile බ්‍රව්සර් එක release   වෙනවා. මෙතෙක් වල තිබුන ලොකු අඩුවක් සම්පූර්ණ කිරීමක් විදිහට මේක දකින්න පුලුවන්.Web kit කියන rendering engine එක යොදාගෙන නිර්මාණය කරල තියන මෙය තවමත් පවතින්නේ Beta තත්වයේ. දැනට ගොඩක් වල බ්‍රව්සර් එක විදිහට බාවිතාකරන Opera Mini වල තිබෙන response time එක ඉතාමත් ඉහල වීම එහි ඇති ප්‍රධාන ගැටලුවකි. මේ ගැටලුවට විසදුමක් සමගම ඉදිරිපත් චු chome mobile වෙබ් බ්‍රව්සරයයේ බීටා වෙලුම ක්‍රියාත්මක වන්නේ Android Version 4.0 ( Icecream Sandwich)  සමග පමණයි. Chrome Desktop වෙලුමට සමාන interface , features වලින්සමන්විත chrome mobile , වල ප්‍රධාන ලක්ෂණ ලෙස Tab Browsing , Speed Rendering හැදින්විය හැක.Tab Browsing ගැන කතා කිරීමෙදී වෙන වෙන Tabs සදහා වෙන වෙනම Process ක්‍රියාත්මක වීම තුල Tab එකක් crash වීම නිසා මුලු බ්‍රව්සරයම crash වීම සිදුනොවීමද මෙහි විශේෂත්වයකි. ඊට අමතරව Google cloud එක තුල Sync වීමේ ගුණාංගය මෙහි තවත් වැදගත් ලක්ෂණකි, මේ නිසා Google Books marks සමග synchronous වීම සිදුවේ. මෙය  Incognito mode  තුල වුවද ක්‍රියාත්මක කල හැකි නිසා තමන්ගේ පාස්වර්ඩ

ශ්‍රිලංකා ටෙලිකොම් අලුත් බ්‍රොන්ඩ්බෑන්ඩ් පැකේජ

Image
ශ්‍රිලංකා ටෙලිකොම් ආයතනය ජනවාරි පලමු වෙනිදා සිට ක්‍රියාත්මකවන පරිදි හදුන්වාදුන් නවතම  බ්‍රෝන්ඩ්බෑන්ඩ් පැකේජ කිහිපයක තොරතුරු පහත වේ. පුදුමයට කරුණනම් මේ පිලිබද කිසිම විස්තරයක් www.slt.lk වෙබ් අඩවියේ නොතිබීම හා ඔවුන්ගේ පාරිභෝගික සේවා නිලධාරීන් නොදැන සිටීමයි.මේ පිලිබද විදුලිසංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියේ කරුණු දක්වා තිබුනේ මෙලෙසයි .මෙහිදීද ටෙලිකොම් සමාගම කරුනු රාශියක් යොදාගෙන පාරිභෝගිකයා සීමාකිරීමට උත්සාහදරා තිබීම, සීමා බන්දන වලින් තොර අන්තර්ජාල පරිහරණය කිරීම උදෙසා සැදී පැහැදී සිටින විශාල පිරිසකට කොකා පෙන්වීමක් ලෙස සැලකිය හැක. නවතම පැකේජන් සියල්ලේම  ඇඩ්වටයිසින් ස්පීඩ් එක හෙවත් සදහන් කරන වේගයෙන් 60% පමණක් ලැබෙන්නේ ශ්‍රිලංකා ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට යම් දුරසීමාවක සිටින පාරිභෝගිකයින්ට පමණයි. මෙම දුර 16Mbps වේගයක් සහිත වෙබ් මාස්ටර් පැකේජය සදහා  කිලෝමීටර් 3.6 වෙනවා.තවත් පැහැදිලි කලහොත් අවම 9.6 Mbps වේගයක් පවත්වාගැනීමට ටෙලිකොම් සම්බන්දතා මධස්ථානයේ සිට කිලෝමීටර් 3.6 ඇතුලත සිටීම අනිවාර්යවේ. එතනින් නොනවතින ටෙලිකොම් සමාගම මේ සියලුම පැකේජන් සදහා දත්ත සීමාවන් පනවා ඇත්තේ පෙරමෙ

ඩයලොග් වැදගත් විදිහට පික්පොකැට් ගහන්නේ මෙහෙමයි

Image
ඩයලොග් සමාගම කියන්නේ අද ලංකාවේ තිබෙන අංක එකේ විදුලි සංදේශ සමාගමක්  කියල කියන්න ඕන නෑනේ. මේ සමාගම මහලොකුවට මෙහෙම කෑගැහුවට මේ තත්වෙට ඇවිල්ල තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ සාක්කුවලින් පික් පොකට් ගහල කියන්න ඕනෙත් නෑ කියල මම හිතනවා. තමන්ගේ පාරිබ්භෝගිකයින්ව රවටලා බිල් සෑදීම , තමන්ගේ පාරිභෝගිකයින්ට වට්ටම්,බෝනස් දෙනවා යැයි කියමින් මුලා කිරීම ගැන මේ සමාගම තියෙන්නේ හොද ඉතිහාසයක්.මම මෙහෙම කියන්න හේතුව ඩයලොග් සමාගමේ සකලවිධ සේවාවල වසර තුනකටත් වඩා පාරිභෝගිකයකු වී සිට ලැබු අමිහිරි අත්දැකීම්  මතිනි. අවසානයේ ඩයලොග් TV හැර අනෙක් සියලුම ඩයලොග් සේවාවලට සමුදුන්නේ ඩයලොග් TV කෙරේ ඇති හිතේ උපන් ප්‍රේමයෙන් නොව පියෝ ටීවී වල ඇති ලෝඩින් , නෝ සිග්නල් නිසාමය. කෙසේ නමුත් අද මට ඩයලොග් ද එපාම වී ගියේ මගේ රූපවාහිනී තිරයේ ඩයලොග් එකෙන් එවු නිවේදනයක් කියවීමෙන් පසුවයි . මම පසුගිය දෙසැම්බර් 25 දින   HBO නැමති නාලිකා සමූහය ක් ‍ රියාත්මක කර ඇති බවත් එයට ස්තුතිවන්ත වන බවත් එහි සදහන් විය . ඊට අමතරව ඒ සදහා රුපියල් 399 සහ බදු ඇතුලත් බවද සදහන් වුනි. මම ක්ෂණිකව නැමති නාලිකාව