වින්ඩොස් 8 Consumer Preview

Steven Sinofsky
මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති Steven Sinofsky  Windows 8 හදුන්වා දෙමින්
මයික්‍රොසොෆ්ට් සමාගම ඊයේ දිනයේ තමන්ගේ නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 8 හි Cunsumer Preview එහෙම නැත්නම් පාරිබෝගික දැක්ම ඉදිරිපත් කලා. මෙතෙක් වෙනස් මාවත් දෙකක ගමන් කරමින් තිබුන මොබයිල් සහ ඩෙස්ටොප් මෙහෙයුම් පද්ධති එකම මාවතකට පිවිසීමක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..වින්ඩොස් විස්ටා වලින් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්ධතිවල පවතින ආකර්ෂණීය පෙනුම වින්ඩොස් 8 වලද මනාව පවතිනවා.ස්මාට් ෆොන්වල අතුරුමුහුණතට සමාන Metro (Tile Icon) සහිත අතුරු මුහුණතක් වින්ඩොස් 8 වල දකින්න ලැබෙනවා.

Windows 8 Metro interface
වින්ඩොස් වල මීට පෙර පැවති Start Button එක මීට පසු වින්ඩොස් වලින් සමු ගැනීමද මේ සමග සටහන් වුනා.මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමග තමන්ගේ මොබයිල් ,ටැබ්ලට් සහ ඩෙස්ටොප් සදහා එකම මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙන අතර, අලුතින්  වෙලද පොලට පැමිනෙන, Dual Core හෝ  Quad core processors සහිත ජංගම දුරකතන සහ ටැබ්ලට් සදහා මෙය යොදා ගත හැක.
ඒ සමගම අලුතෙන් හදුන්වාදෙන වින්ඩොස් 8 App Store එක මගින් තමන්ට කැමති Application එකක් මයික්‍රොසොෆ්ට් App ගොනුවෙන් ලබා ගැනීම install කල හැකියි.

Windows 8 store



වින්ඩොස් 8 , Clod Base OS එකක් නිසා වින්ඩොස් 8 සහිත ජංගම දුරකතනය , ටැබ්ලට් එක සහ ඩෙස්ටොප් එක අතර දත්ත වීම සිදුවේ.මේ නිසා අපේ Browser habits,Book Marks, Passwords  සියල්ලම වගේ තොරතුරු cloud එකේ save වීම සිදුවේ.ඒ අනුව ඕනැම එකකින් මේ තොරතුරු පහසුවෙන් ලබා ගත හැක.
Windows 8 IE10

වින්ඩොස් 8  Touch Screen ,  Flips  සදහා ඉතාම හොද සහයක් ලබා දේ.
මේ ලින්ක් එකෙන් ගිහිල්ල තමන්ගේ පරිගණකයට වින්ඩොස් 8 දාන්න පුලුවන්ද කියල Assessment Test එක කරල බලන්න.
මෙන්න ලින්ක් එක....Install  කරල බලල කරන්න.
Windows 8 Consumer Preview

For ISO                         : http://windows.microsoft.com/en-US/windows-8/iso
Internet Base Download : http://windows.microsoft.com/en-US/windows-8/download



Comments

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”