Posts

Showing posts from April, 2022
Image
මැරී මැරී ජීවත්වෙන අපේ නායකයෝ                   දේශයක් පාලනය කරනවා කියන්නෙ මහ උතුම් කාර්යයක්. මහා පෞරුෂයක් තියන නායකයො තමයි ලෝකෙ දියුණුයි කියන හැම රටකම සාර්ථකත්වය පිටුපස හිටියේ. ඒ වගේම තවත් සමහර රටවල් විනාශය කරා අරන් ගියෙත් ඒ කාලකන්නි හොර දේශ පාලන කොට්ටාශම තමයි. ලෝක ඉතිහාසය පුරා එහෙම උදාහරණ අනත්තවත් තියනවා. අවාසනාවකට අපේ රටටත් ඒ නරක කාලය උදාවෙලා. දශක දෙක තුනක් තිස්සෙ ‍කල මිනිස්සුම ගත්ත වැරදි තීරණ වල ප්‍රතිඵල අද අපි භුක්ති විදිනවා. මිනිස්සුන්ගේ බලාපොරොත්තු එක එක කඩා වැටෙන කොට ජීවිත ඉල්ලා අරගල කරන්න සටන් වදින්න මිනිස්සුන් අද පාරට ඇවිත්. අගමැති ගේ නිලනිවාසේ සුදුකොඩි වැටෙන තරමට මිනිස්සු දේශ පාලුවන්ට වෛර කරනව.  අවසානයේ කියන්න තියෙන්නෙ සමහර දේශ පාලකයො, නායකයො මැරුනත් මිනිස්සුන්ගේ හිතේ ජීවත් වෙනවා, ඒත් තවත් අය ජීවත් වෙද්දීත් ම්නිස්සු මරණය සමරන්න තරම් තත්වෙට වැටිල.