Posts

Showing posts from December, 2011

අන්තර්ජාල වේගය වැඩිකර ගනිමු

Image
දැන් ලංකාවේ අන්තර්ජාල වේගයන් ගැන නම් කතාකරල වැඩක් නෑ.ටෙලිකොම් , ඩයලොග් , මොබිටෙල් මේ හැමෝම FUP දානව. ආතල්ම වැඩේ කියන්නේ පරණ ගත්ත අන්ලිමිටඩ් සම්බන්දතාවලටත් ටෙලිකොම් එකෙන් FUP දානවා.මේගැන පසුගිය දවස්වල බ්ලොග්වල වගේම Facebook එකෙත් කතා කෙරුනා.මේ අසාධාරණය හමුවේ මුලින්ම නැගී හිටියේ කාලිංග අයියා. ඔහු තමන්ගේ බ්ලොග් එකේ වගේම ටෙක්කතා හරහාත් ගොඩක් දැනුවත්වීම් කලා. මේකතාව පටන් ගන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම එහෙම නැත්නම් කවුරුත් දන්න TRC එක මීට පස්සේ කිසිමදාක අන්ලිමිටට් නෑ කියල කිව්වට පස්සේ.වෙලාවකට හිතෙනවා මේහෙම කරන්න TRC එකක් මොකටද කියලා.TRC එකේ වගකීම වෙන්නේ පාරිබෝගික ජනතාවට වඩා හොද සේවාවක් සැපයීම සදහා නීති රෙගුලාවි සැකසීම , ක්‍රියාත්මක කරවීම,සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමට අනුබල දීම වගේ.මේවා කියන්නේ මම නෙමේ TRC එකමයි.නමුත් ඔවුන් කලේ ඒවෙනකම් ඩයලොග් වගේ සමාගම් පාරිබෝගිකයින් රවටමින් කරගෙන ආ FUP ක්‍රමය නීතිගත කිරීමයි. ඊට පස්සේ ටෙලිකොම් සමාගම තමන්ගේ පරණ සම්බන්දතාවලටද කිසිම දැනුම්දීමකින් තොරව FUP එක ක්‍රියාත්මක කලා. 35 Gb වගේ ඩවුන්ලොඩ් කලපසු Broad Band වේගය ඩයල්-අප් වේගයටත් (56kbps) වඩා අඩුවීම ම

හැක් කරන්න ඉගෙන ගන්න

Image
මම අද කියන්නේ හැකින් ඉගෙන ගන්න කියාපු වෙබ් අඩවියක් ගැන, තමන් හැක් කරන්න සහ හැකින් ඉගෙන ගන්න ආසනම් මුන්ම තොරතුරු තාක්ෂණයේ සියලුම පැති ගැන හොද දැනීමක් තියෙන්න ඕන,මෙන්න මේ අඩවියේ එහි මූලික අංග ගැන හොද දැනීමක් ලබා දෙනවා. ඒකේ තියන පෙරහුරු අදියර එකින් එක කරගෙන ඉස්සරහට යන්න ඔයාලටම තේරෙයි කොච්චර දැනුමක් ලබාගන්න පුලුවන්ද කියල.

Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි

Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු    ජනප්‍රියම හා හොදම   ප්‍රදර්ශණය   කියල .මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්,  තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි. දනිස්සටත් අඩියක් උඩට විලි වසාගත් නාබර කෙල්ලන් එලව එලවා බෙදන ලීප්ලට් ගෙන දමාගෙන යන්න පෝර කවරයක්  ද ප්‍රමාණවත් නැත. ඇතුල්වන විටම ගැටිස්සියක් තොරතුරු තාක්ෂණ සගරාවක් පෙන්වයි, මම පිටකවරය පුරානම සහ ප්‍රකාශිත ආයතන බැලීමි.පිටකවරයේද ඇතුලුව පිටු 100 පුරා වෙලද දැන්වීම් මිසක කිසිවක් නැත,මිල රුපියක් 300 කි. Info-Tel එකේ නිසා 200ට දෙනවායි ඇස් කරකවා කීවේය.යන තැනම දත ගලවන්නේ එලෙසය. බැලු බැලූ සෑම අතම මාර්කටින් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැත, Discount , Offers කිය