අන්තර්ජාල වේගය වැඩිකර ගනිමු

දැන් ලංකාවේ අන්තර්ජාල වේගයන් ගැන නම් කතාකරල වැඩක් නෑ.ටෙලිකොම් , ඩයලොග් , මොබිටෙල් මේ හැමෝම FUP දානව. ආතල්ම වැඩේ කියන්නේ පරණ ගත්ත අන්ලිමිටඩ් සම්බන්දතාවලටත් ටෙලිකොම් එකෙන් FUP දානවා.මේගැන පසුගිය දවස්වල බ්ලොග්වල වගේම Facebook එකෙත් කතා කෙරුනා.මේ අසාධාරණය හමුවේ මුලින්ම නැගී හිටියේ කාලිංග අයියා. ඔහු තමන්ගේ බ්ලොග් එකේ වගේම ටෙක්කතා හරහාත් ගොඩක් දැනුවත්වීම් කලා.
මේකතාව පටන් ගන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම එහෙම නැත්නම් කවුරුත් දන්න TRC එක මීට පස්සේ කිසිමදාක අන්ලිමිටට් නෑ කියල කිව්වට පස්සේ.වෙලාවකට හිතෙනවා මේහෙම කරන්න TRC එකක් මොකටද කියලා.TRC එකේ වගකීම වෙන්නේ පාරිබෝගික ජනතාවට වඩා හොද සේවාවක් සැපයීම සදහා නීති රෙගුලාවි සැකසීම , ක්‍රියාත්මක කරවීම,සහ උසස් තත්වයේ සේවාවක් සැපයීමට අනුබල දීම වගේ.මේවා කියන්නේ මම නෙමේ TRC එකමයි.නමුත් ඔවුන් කලේ ඒවෙනකම් ඩයලොග් වගේ සමාගම් පාරිබෝගිකයින් රවටමින් කරගෙන ආ FUP ක්‍රමය නීතිගත කිරීමයි.
ඊට පස්සේ ටෙලිකොම් සමාගම තමන්ගේ පරණ සම්බන්දතාවලටද කිසිම දැනුම්දීමකින් තොරව FUP එක ක්‍රියාත්මක කලා.
35 Gb වගේ ඩවුන්ලොඩ් කලපසු Broad Band වේගය ඩයල්-අප් වේගයටත් (56kbps) වඩා අඩුවීම මෙහි ඇති ආතල් එකයි.
ඔයාලටත් එහෙම ප්‍රශ්න තියනවානම් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල අදාල විස්තර දාන්න.

දැන් බලමු අන්තර්ජාල වේගය වැඩිකරගන්න පොඩි ට්‍රික් එකක්. ඒක තමයි Maximum Transfer Unit (MTU) Value එක අඩු කිරීම.
MTU Value එක කියල කියන්නේ අපි කරන දත්ත පැකට්ටුවේ අඩංගු byte ප්‍රමාණයයි. මේ අයට වැඩිවෙනවා කියන්නේ දත්ත පැකට්ටුවේ ප්‍රමාණය වැඩිවෙනවා කියන එක.දත්ත පැකට්ටුවේ byte ප්‍රමාණය වැඩි වුනවිට වෙන්නේ එම දත්ත පැකට් යැවීමට ගන්නා කාලය වැඩිවීමයි.
නමුත් PPoE සම්බන්දතාවක Default MTU Value එක වන්නේ 1500 bytes ය.
Start -->Run --> cmd
PING www.google.com -f -l 1500


Packet needs to be fragmented but DF set.
මෙමගින් අදහස් කරන්නේ දත්ත පැකට්ටුවක් තවත් පැකට් කිහිපයකට කඩා සම්ප්‍රේෂණය කල හැකි බවයි.


PING www.google.com -f -l 1492
අපි දැන් මීට වඩා අඩු ප්‍රමාණයක දත්ත පැකට්ටුවක් සම්ප්‍රේෂණය කර බලමු.


මෙයද පැකට් කිහිපයකට  fragment කල හැක.


දැන් අපි byte 1472 ක දත්ත පැකට්ටුවක් සම්ප්‍රේෂණය බලමු.


දැන් නම් වැඩේ හරි.1472 bytes තමයි නියම MTU value  එක.


දැන් අපි මේ  MTU Value එක අපේ  Local Area Connection  එකේ Interface එකට  assign කරන්න ඕන.


ඒකට මුලින්ම Local Area Connection  එකේ නම හොයාගන්න ඕන.
| netsh interface ipv4 show subinterfaces


මම භාවිතා කරන LAN connection එකේ නම Mobitel 




මම දැන් MTU Value එක assign කරන්න යන්නේ.ආ...අමතක වුනා මේ තියෙන්නේ මගේ දැන් තියන වේගය.








මේ සදහා  Command prompt  එක Run  as Administrator ලෙස ආරම්භකරන්න වෙනවා.
|  netsh interface ipv4 set subinterface "1" mtu=1472 store=persistent


හෝ


netsh interface ipv4 set subinterface Mobitel mtu=1472 store=persistent




ලෙස ඕනම ආකාරයකින් ලබා දෙන්න පුලුවන්.




මේ තියෙන්නේ ඊට පස්සේ ගත්ත Test Result එකක්..



අත්හදා බලන්න. හොදනම් කියන්න.

Comments

  1. වැඩෙ හරි ගියේ නෑ..ඒ SPEED එකම තමා..මගේ තියෙන්නේ SLT ADSL ENTREE PAKEGE එක.මේ ලිපිය මීට වඩා පැහැදිලිව දාන්න.

    ReplyDelete
  2. netsh interface ipv4 show subinterfaces

    මේක වැඩ කරන්නෙ නැනේ.

    The following command was not found: interface ipv4 show subinterfaces.

    කියල එනවනේ.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”