Posts

Showing posts from May, 2022

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක් - මහාචාර්ය රොහාන් සමරජීව

Image
  [මෙම ලියවිල්ල කෙටුම්පතකි; සාකච්ඡාවට සහ සංවාදයට විවෘතයි] අද අප රට පෙර නොවී විරූ අර්බුදයක ගිලෙමින් පවතියි. බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහල යමින් පවතී. රාජ්‍ය දත්ත (CCPI) අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර මිල උද්ධමනය 46.6% දක්වා වැඩිවී තිබේ. වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීමට ගෑස් හොයාගැනීම දුෂ්කරය, දෙගුණයක් මිලය. දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත. විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත. ෂෙඩ් ළඟ පෝලිම් රට පුරා දකින්නට ඇත. බෙහෙත් හිඟය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. පෝලිම්වල මිනිසුන් මියැදෙති. අසාධාරණයනට විරුද්ධව හඬ නගන මිනිස්සු පොලිස් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවෙති. මේ පිළිබඳව ත්‍රෛනිකායික මහනායකවරුන් පවා ජනාධිපතිවරයා වෙත යොමු කල සංදේශයක් මගින් තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කර ඇත. සිදු කරන සියලු දේ වරද්දා ගත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රශ්න තවත් උග්‍ර කරන ලදි. එයට උදාහරණ එමටය. # ලංකාව සියයට සියයක් කාබනික කෘෂිකර්මයේ යෙදෙන ලෝකයේ පළමු රට බවට පත් කිරීමේ කතාවක් කියා පොහොර ආනයනය තහනම් කළද, අවසානයේ රටට සිදු වුයේ භාවිතා කළ නොහැකි ආනයනික පොහොර සඳහා ඩොලර් මිලියන 6.7 ක