Posts

Showing posts from February, 2013

වැලන්ටයින් දවසේ තෙරුවන්සරණ යන්න

හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න.  ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම උමතුව පත්ව තිබෙනවා. ආදරය හැම සත්වයෙකුටම පොදු දෙයක්. එක එක්කෙනා ඒ ගැන එක එක  දෙවල් කියයි. එත් ඔය වැලන්ටයින්ලා ඔයාලාට කියලා දෙන්න දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා. ඒක තමයි සම ශ්‍රද්ධා, සම ශීල, සම දහම් දැනුමක්, සම ත්‍යාග, සම ප්‍රඥ්ඥා තියෙනවානම් නිර්වාණය දක්වාම ඒ අය නැවත මුනගැසෙන බවත් ඒ ධර්මයන් වැඩීමෙන්ම ඉතාමත් සතුටින්, සැපවත්ව, සුවසේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩී දෙදෙනාම සියළු සසර දුක් අවසන් කරන බවත්. ඉතින් වැලන්ටයින්ලා මොනවා කිව්වත්, උදේ හිට රෑ වෙනකල් මොට්ට ගැහැණු මාධ්‍ය අරක්ගෙන පොශ් වෙලා මොනවා කිව්වත්, පිස්සු නවකතා කාරයෝ මොනවා ලිව්වත්, දුස්සීල ගායක ගායිකාවො තම දුස්සීල ජීවිත ගැන ලස්සනට සින්දු හදාගෙන රස කර කර කිව්වත්,මගේ