වැලන්ටයින් දවසේ තෙරුවන්සරණ යන්න

හෙට අනිද්දා වැලන්ටයින් අපේ රටට එනවා. අපේ තරුණ තරුණියන්ගේ ඔලුගෙඩි ටික කුරුවල් කරලා මෙහෙම පදිංචි වෙනවා. ඊට කලින් මේ ටික කෙටියෙන් කියන්නම්. දැනගෙන සිටින්න. 

ඇටෙන් පොත්තෙන් එන්ටත් කලින් පෙම් පලහිලවු වල පැටලෙන්ට විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලින් නිතර නිතරම ළමා සහ තරුණ මනස විකෘති කිරීම හේතුවක් වී තිබෙනවා. තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතෙක් නැති වීම ලැජ්ජාවට කරුණක් ලෙස සලකන තැනට එම උමතුව පත්ව තිබෙනවා. ආදරය හැම සත්වයෙකුටම පොදු දෙයක්. එක එක්කෙනා ඒ ගැන එක එක දෙවල් කියයි.

එත් ඔය වැලන්ටයින්ලා ඔයාලාට කියලා දෙන්න දන්නේ නැති ගොඩාක් දෙවල් තියෙනවා. ඒක තමයි සම ශ්‍රද්ධා, සම ශීල, සම දහම් දැනුමක්, සම ත්‍යාග, සම ප්‍රඥ්ඥා තියෙනවානම් නිර්වාණය දක්වාම ඒ අය නැවත මුනගැසෙන බවත් ඒ ධර්මයන් වැඩීමෙන්ම ඉතාමත් සතුටින්, සැපවත්ව, සුවසේ ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩී දෙදෙනාම සියළු සසර දුක් අවසන් කරන බවත්.

ඉතින් වැලන්ටයින්ලා මොනවා කිව්වත්, උදේ හිට රෑ වෙනකල් මොට්ට ගැහැණු මාධ්‍ය අරක්ගෙන පොශ් වෙලා මොනවා කිව්වත්, පිස්සු නවකතා කාරයෝ මොනවා ලිව්වත්, දුස්සීල ගායක ගායිකාවො තම දුස්සීල ජීවිත ගැන ලස්සනට සින්දු හදාගෙන රස කර කර කිව්වත්,මගේ ඔලුවනම් මම කුණු කරගන්නේ නැහැ කියලා හිතට ගන්න.

තරුණ ඔබ දෙදෙනම භාග්‍යවතුන් වහන්සෙ මුළු හදින්ම සරණ යන්න, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් සරණ යන්න, ඒ උතුම් අෂ්ඨාර්‍ය පුද්ගල මහා සංඝරත්නය සරණ යන්න, එවිට පින් ගංගාවන් තුනක් ඔබේ ජීවිතයට ගලනවා. ඒ කරලා උතුම් පංච ශීලය සමාදන්ව රකින්න, හැකි විටකදී උපෝසථය වැනි උසස් ශීලයක් හික්මෙන්න, එවිට පින් ගංගා හතරක් දිවා රාත්‍රී ඔබේ ජීවිතයට ගලනවාමයි. ටිකින් ටික ධර්ම ඤාණය දියුණු කරගන්න පොත පත කියවන්න ධර්ම දේශනා වලට සවන් දෙන්න ගෞරවයෙන් ධර්මය සාකච්චා කරන්න ජීවිතයේදී ඕනෑම දෙයකට මුහුණ දෙන්නට අවශ්‍ය ආයුධ ගබඩාව බවට එය පත් වේවි. හැකි සෑම විටකම ඇති විටත් නැති විටත් අල්පමාත්‍ර දෙයක් හෝ දන් දෙන්න පින මෝරාවි. බින්දුවෙන් බුන්දුව නමුත් එක දිගටම පිරෙනවානම් කලය පිරෙනවා වගේ ජීවිතය පිනෙන් පිරේවි. එකතු කරගත් ධර්ම දැනුම නුවණින් නිතර විමසන්න ප්‍රඥ්ඥාව වැඩේවි. ජීවිතය සුවපත් වේවි දන්නේම නැතිව. අන්තිමට මැරිලා පලච්චහම වැලන්ටයින්ලා එන්නේ නැහැ ඔබව සුගතිගාමී කරන්න. නමුත් අර ශ්‍රද්ධාවට පුළුවනි ඒක කරන්න. ශීලයට, ධර්මයට, දානයට, ප්‍රඥ්ඥාවට ඒවායෙන් රැස් වූ පිනට පුළුවනි ඔබව සුගතිගාමී කරන්න, සැපවත් කරන්න.

වැලන්ටයින්ලා කියන පදේට නටන්න ගියොතින් ඔබට මේ ජීවිතෙත් අපායක් වෙලා හිස් අතින්ම මිය ගිහින් දුගතියේ යන්නට සිදු වේවි. ඉතින් ඒ වගේ අවාසනාවන්ත දෙයක් ඔබට සිදු නොවේවා.

වැලන්ටයින් ආපසු රට පටවා වීසා නොදී අසාදු ලේඛණයට ඇතුලත් කරමු.

තෙරුවන් සරණයි..!


By Chathura Wijaya Sri DolahaAmuna 

Comments

  1. This Article is By Chathura Wijaya Sri DolahaAmuna

    ReplyDelete
  2. චතුර, ඔබේ සටහන තරම් කාලෝචිත සටහනක් මා මැඅතකදී කියවා නොමැත. මට සිහි වන්නේ නන්දා මාලිනී ගැයූ 'වැලන්ටයින් පෙම්බර වැලන්ටයින්, අප්පහු රෝමෙට යන්න කියන ගීතයයි. වැලන්ටයින් යනු අන්ංගයාමය. ඒකා නැතිව අපේ තරුණ තරුණියෝ හොඳින් සිටි අවස්ඨහා බොහෝ සෙයින් ඇත. ඒ වගේම කිරිබත්ගොඩ ඥාණානන්ද වැනි හිමි වරුන් හෙකලා දැකීමේ විරිතක්ද දැන් පැතිර යයි. එය සිදුවන්නේ බොහෝ සෙයින් පිටරටය. ජාතික ව්මුක්ති පෙරමුණ වැනි තිරිසනුන් බිහි කල ලංකාව දැන් තරුණ ජීවිත නොමගට යොමු කරණ බවක් කියාපාන කොටසක්ද ඇත. මේ එක වචනයකින් කියත් හොත් ඊර්ෂ්\යාවය. බුදු රජාණන් වහන්සේ රහල් කුමරු මහණ කිරීමෙන් බිහි කලේ සත් හැවිරිදි සාමණේර නමකි. බුදුන් වහන්සේ ඒසේනම් අප ගැන කියනුම කවරේද? හිත කිලිටි අදහස් වලින් පිලුනු නොවී නිදහස්ව වෙසෙන තරුණ තරුණියන් මහණ කිරීමෙන් බබලන්නේ අපේම ජාතියය. ඒ සඳහා වැලන්ටයින් එලවා දැමිය යුතුමය. ඔබට තෙරුවන් සරණයි.

    ReplyDelete
  3. මේ ලිපිය ලියලා තියෙන විදිහට එක පාරටම එන්නෙ ලෞකිකත්වය වැලන්ටයින් මඟින් හා ලෝකෝත්තර බව ධර්මය මඟින් දැක්වීමක් කියලා.එහෙම වුනොත්නම් මේක ගිහි පැවිදි ප්‍රශ්නයක් වෙනවා.ඒත් ආදරය නමින් අමනවැඩ කරන්න අපිට වැලන්ටයින් අවශ්‍ය නෑනේ,ඉස්සර ගම් වල මිනිස්සු තමන්ට ඕන කරන ගෑනු ලමයා බලෙන් හරි ලබා ගන්න බැද්දට උස්සගෙන ගියෙ ඔය වැලා ඉඳලා නෙවේනෙ.මම ආදරය කරන කෙනා මට නිවන තෙක් ලබා ගන්න කියලා මං දහම පස්සේ ගියොත් එයා මට අහිමි වෙලා වෙන කෙනෙකුට හිමි නොවේවි කියලා ෂුවර්ද?www.amuthusithuwili.wordpress.com එරර් එකක් එන හින්දා ඇනොනිමස් දාන්නම්

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”