Posts

Showing posts from May, 2011

SMS මාෆියාවෙන් විශාරදයන් හැලීම

Image
මේ සුන්දර කතා පුවත ආරම්භවන්නේ මීට වසරට පමණ පෙර මගේ විද්යුත් තැපැලට ලැබුනු ලිපියකිනි.මාගේ මිතුරෙකු එවන ලද එය විවර කර සැනෙන් you tube වීඩියෝවක් සදහා වුනු සබැදුමක් දිස්වුන අතර email වන එන වීඩියෝ බැලීමේ පුරුද්දට මම ඒ වනවිටද තිත තබා තිබුනේ අපේ රටේ අන්තර්ජාල සේවා ලබ දෙන සමාගම් වලට පින් සිදුවන්නටය. "මෙන්න නියම වැඩකාරයෙක් " යනුවෙන් subject තීරුවේ දුටුවේ email පණිවුඩය delete කරන්න යන විටය.මට ඒ වැඩකාරයා කවුද කියා බලන්න සිතුනේ ඔය අතරය, මොබිටෙල් එක මතක් කර ගනිමින්ම මම අදාල සබැදුම විවර කල අතර, විනාඩි 15 පමන දරුණු සටනකින් පසු සම්පූර්ණ වීඩියෝවම එකවර නැරබීමේ වාසනාව ලදිමි. පුදුමයකි...චන්දන ලියනාඅරච්චි මහතාගේ "සුවද මට දී"  ගීතය  විශාරද අමරදේව, ප්‍රියා සූරියසේන, ජොලිසීයා, දීපාල් සිල්වාගේ හඩින්  ගිටාරයක් වයමින් කොලු ගැටයෙක් ගායනා කරයි. මනා හඩ හැසිරවීම සහ ලයාන්විත ස්වරය සමග නැගුනු ගිටාර් හඩ සභාව කුල්මත් කරයි.රූපවාහිනී නාලිකාවල අනන්ත අප්‍රමාණ රියැලිටි නාඩගම් බලා ඇති මට,ඒවගේ ගායකයින් කරන්නා විකාරත් තවත් ගායකයෙකුගේ කට හඩ අනුකරණය කරන්න විදින දුකත් දුටු විට මොහු කිසිම ආයසයකින් තොරව මෙහි අප

කිසිදා නොදුටු මිතුර!!!!!!!ඔබ නැති ලොව ඉලන්දාරියෙක් තවත් නැත

Image
                   ඉතාමත් වටිනා තරුණ ජීවිතයක් අපෙන් වෙන් වෙලා ගියා කිව්වහම කොච්චරනම් දුකද?  ජීවිතේ දුර ගමනක් යන්න පටන් ගන්න කොටම උදුරා ගන්න තරම් මේ දෙවය කොච්චර කුරිරුද? කිසිදා නොදුටු මිතුර දිලුම්,  සිංහල බ්ලොග් අවකාශයේ දී හමුවී,  සිංහල බ්ලොග් අවකාශයේ දී ම වෙන්වී යන්න ඔබ මෙන්ම අපද අවාසනාවන්ත වී ඇත.කිසිදා නොදුටුවද ඔබගේ වචන, ඔබගේ සිතුවිලි වල ගෙවු සුන්දර මතකය අද අපට නැත. ඉලන්දාරියා විතරක් ඉතිරි කර ඉලන්දාරියා යන්න ගිහින්,  නැවත කිසිදු භවයක මෙසේ අකල් මරණවලට ගොදුරු නොවේවා. ඔබට නිවන්සුව ලැබේවා !!!!!!!!!!!!!!!!

තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - තුන්වන කොටහ

Image
පොරොන්දු වුන විදිහට ඔන්න මම අද කතා කරන්න යන්නේ Software Virtualization ගැන. මේ ක්‍රමය Hardware Virtualization වලට යම් තරමකට සමාන වුනාට ගොඩම වෙලාවට Workstation පරිගණක වලට සහ Testing වලට තමයි පාවිච්චි කරන්නේ. Software Virtualization අයත් වන්නේ ක්‍රමයට. කලින් ස්ථාපනය කල Host මෙහෙයුම් පද්ධතියක් මත Virtualization Software එක ස්ථාපනය කරන අතර ඒ මත Guest මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරයි. මේ රුපය බලන්න. අපිට භාවිතයට ගන්න පුලුවන් Virtualization Software වලින් ඉදිරියෙන්ම ඉන්නේ   VMware Workstation  ඉතාමත් දියුණු තාක්ෂණික ක්‍රම ගන්නාවක් සමග එන  VMWare Workstation දැන් ඉන්නේ එයලගේ 7 වන සන්ස්කරණයේ. නමුත් මේක සල්ලි දීල ගන්න ඔන එකක්.  නිකන් දෙන වලින් ගොඩාක්ම හොදයි කවුරුත් වගේ භාවිතා කරන Oracle Virtual Box . කලකට  ඉහත Sun Virtual Box කියල හදුන්වපු මෙයා දැන් Oracle ලගට ගිහිල්ල.          ඊට අමතරව මයික්‍රොසොෆ්ට් සමාගම හදුන්වල දුන්න එකත් Microsoft Virtual PC ඉතාම ජනප්‍රියයි,අවාසනාවකට වගේ මේකේ ලිනක්ස් , මැක් වගේ මයික්‍රොසොෆ්ට් නොවන මෙහෙයුම් පද්ධති Visualize කරන්න බෑ. මමත් ආරාධනා කරනවා ඔයාලට  අනාගතයේ රජ කර