SMS මාෆියාවෙන් විශාරදයන් හැලීම

මේ සුන්දර කතා පුවත ආරම්භවන්නේ මීට වසරට පමණ පෙර මගේ විද්යුත් තැපැලට ලැබුනු ලිපියකිනි.මාගේ මිතුරෙකු එවන ලද එය විවර කර සැනෙන් you tube වීඩියෝවක් සදහා වුනු සබැදුමක් දිස්වුන අතර email වන එන වීඩියෝ බැලීමේ පුරුද්දට මම ඒ වනවිටද තිත තබා තිබුනේ අපේ රටේ අන්තර්ජාල සේවා ලබ දෙන සමාගම් වලට පින් සිදුවන්නටය.
"මෙන්න නියම වැඩකාරයෙක් " යනුවෙන් subject තීරුවේ දුටුවේ email පණිවුඩය delete කරන්න යන විටය.මට ඒ වැඩකාරයා කවුද කියා බලන්න සිතුනේ ඔය අතරය, මොබිටෙල් එක මතක් කර ගනිමින්ම මම අදාල සබැදුම විවර කල අතර, විනාඩි 15 පමන දරුණු සටනකින් පසු සම්පූර්ණ වීඩියෝවම එකවර නැරබීමේ වාසනාව ලදිමි.
පුදුමයකි...චන්දන ලියනාඅරච්චි මහතාගේ "සුවද මට දී"  ගීතය  විශාරද අමරදේව, ප්‍රියා සූරියසේන, ජොලිසීයා, දීපාල් සිල්වාගේ හඩින්  ගිටාරයක් වයමින් කොලු ගැටයෙක් ගායනා කරයි. මනා හඩ හැසිරවීම සහ ලයාන්විත ස්වරය සමග නැගුනු ගිටාර් හඩ සභාව කුල්මත් කරයි.රූපවාහිනී නාලිකාවල අනන්ත අප්‍රමාණ රියැලිටි නාඩගම් බලා ඇති මට,ඒවගේ ගායකයින් කරන්නා විකාරත් තවත් ගායකයෙකුගේ කට හඩ අනුකරණය කරන්න විදින දුකත් දුටු විට මොහු කිසිම ආයසයකින් තොරව මෙහි අපූර්වත්වය ගැන මට ඇති වුනේ සතුටකි.

මේ අපූරු වීඩියෝව තමයි මේ තියෙන්නේ.

 

ඒ සතුටත් සමගම මොහුගේ තවත් තොරතුරු සොයන්න you tube  සහ google පීරු මට වෙන කිසිම තොරතුරක් සොයා ගත නොහැකි විය.

නමුත් පසුගිය දිනෙක අලුතින් ඇරබුනු රියැලිටි වැඩසටහනක හුරුපුරුදු මුහුණක් නෙත ගැටුනු නමුත් කොහේ කොතන දැයි කියන්න මගේ මතකයට වරම් තිබුනේ නැත, නමුත් මොහුගේ විනිශ්ච මණ්ඩලයේ සිටි මධුමාධවට හොද මතකයක් තිබුනේය.
හේ සෘජුවම ඔබ අන්තර්ජාලයේ වීඩියෝවක පෙනී සිටියා දැයි අසුවේය.එවිටම මගේ මතකයද අවදි වූවේය,මේ කලකට ඉහත වීඩියෝ වේ සිටි වැඩකාරයා නොවේ දැයි මට සිතුනේය.

සිතේ ඇතිවුන සතුටද නිමක් නැත.එදා සිට එම රියැලිටි වැඩ සටහනේ සියලුම කොටස් එකක් නෑර නරබන්න අමතක නොකලා සේම කිසිදාක රියැලිටි වැඩ සටහන් වලට sms නොගැසූ මගේ දුරකතනයේන්ද sms ලැබීමට තරම් ඔහුගේ ස්වරය තීවුර විය, ලබැදි විය,එපමණක් නොව මිතුරන් අතර පවා ප්‍රචාරයක් යවා මේ අපූරු ගායන පොහොට්ටුවට පිපෙන්න මමද නිරායාසයේන් උදව් කලෙමි.
දිනෙන් දිනම විනිශ්ච මණ්ඩලයේ පැසසුම්,වර්ණනා ලබමින් ඉදිරියට ආ අමිල සතු ඇති හැකියාව ගැන එක් විනිසුරුවරයෙක් පැවසුවේ ඔබ දැනටමත් සුපර්ස්ටාර් වී ඇති බවත් ඔබට smsකදු පිටින් ලැබිය යුතු බවත්ය.
නමුත් ඒ සියලු දෙනාගේ පැතුම් sms කුනාටුවට අසුවූයේ අමිලට 13 දෙනාගේ වටයටවත් පැමිනීමට නොහැකි වීමෙනි.
හැකියාවන් සපිරි, දිරිය තරුනයෙකු වූ අමිලගේ බලාපොරොත්තුව නැමති sms කඩතුරාවෙන් වැසී යාමට ඉඩ දීම සාධාරණද?
අමිල යනු සන්ගීතය දෝතින් දරා ආ තරුණයෙකි, පියා . මෙන්ම සීයා ද දක්ෂ ටීටර් ශිල්පීන් වූ අතර තබ්ලා,සිතාර්,බටනලා අමිලගේ සෙල්ලම් උපකරණ විය.
අමිල සන්ගීතය පිලිබද විශාරද මට්ටම දක්වා පුහුණු කල පොතොන් මෙන්ම හැකියාවෙන්ද සින්ගීතය සමග ජීවත් වන්නෙකි, මෙවන් දක්ෂයකුගේ හැකියාවන් sms වලින් කිරාබැලීම සාධාරණ දැයි මම අසමි.

වර්තමානයේ රත්මලාන අන්ධ විදුහලේ දෑස් නොපෙනෙන දරුවන්ගේ සින්ගීත නැනස පාදන අමිල,කුඩා ලමයෙකු නැගිටින්නේ වැටී වැටිය, එසේ නැගිටින ලමයෙකු ගේ නැගිටීම ස්ථිරය, සදාතනිකය, එක රැයකින් පිපී පරවුනු ස්ටාර් ලා ඔබ දැක ඇත,  නමුත් වැටිවැටී නැගිටින ඔබගේ නැහිටීම සදාතනිකය.
                                                              ඔබට ජයවේවා.......

Comments

  1. මේ වීඩීයෝ කෑල්ල මාත් දැකලා ගොඩක් කල්.මෙයට සුපර් ස්ටාර් වෙන්න සුදුසු කම් තියෙනවා මයෙ හිතේ

    ReplyDelete
  2. Sinhala blog readers please read this. I like him very much and he is the best.

    ReplyDelete
  3. @admin: mama kalin dapu comment eka sinhalen dammath kamak na.

    ReplyDelete
  4. ඇත්තටම මාර talent පොරක්.

    අපරාදේ.........

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”