Posts

Showing posts from October, 2011

FROYO වලින් GINGERBREAD වලට

Image
මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich  එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version  හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ. පළමුවෙන්ම මම අත්දැකපු ප්‍රධාන වෙනස්කම තමයි බැටරි ආයුකාලය Android 2.2 (Froyo)වලට වඩා ඉතාම හොද තත්වයේ තිබීම.මෙහිදී Background  Processes සහ Tasks මනාව හැසිරවීම මගින්  බැටරියේ ආයුකාලය මනාව කළමණාකරණය කල ගැනීම සිදුකරයි.ඒ සමගම නව Themes සමූහය සහ User Interface එක බැටරියේ ආයුකාලය ඉහළ දැමීමට හේතුවේ. මම අත්දුටු දෙවන ප්‍රධාන වාසිය වන්නේ text , Copy සහ Paste කිරීමේ හැකියාවයි. ඒ හැරෙන්න මම අත්නොදුටු නව වෙනස්ක්කම් අතර 1. NFC (Near -Field Communication) මෙය ඇන්රොයිඩ් සහිත දුරකථනවල ඉතාම ආසන්නයේ සිට වේගවත් දත්ත හෝමාරුවකට ඉඩ සලසන නවීන දත්ත හෝමාරු ක්‍රමයකි.මෙහිදී ඉතාම ආසන්නයේ පවතින දුරකථන දෙකක් (4cm) අතර චුම්භක ක්ෂ්ත්‍රයක ආධාරයෙන් ඉතාම වේගයෙන් දත්ත හෝමාරු කරගත

Android Root කර සිංහල දන්නේ කොහොමද?

Image
මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android)  මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install  කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා. මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login  මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ.  එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි. උදාහරණයක් ලෙස අපිට  සිංහල  font  එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් install කරපු fonts අපිට වෙනස් කරන්න පුලුවන්. ඊට අම

ස්ටීව් ජොබ්ස් ඔබ සමාදානයේ සැතපේවා

Image
     අද Blog Post එකක් ලියන්න හිටපු දවසක් නෙමේ. එකේ වැඩ පටන් ගන්න කලින් ටක් ගාල කෙටුවේ.නමුත් අද ලෝකෙට නව සොයා ගැනීම් විශාල ප්‍රමාණයක් දායාද කල , ලෝකය නව දිශානතියකට යොමු කල මහා නිර්මාපකයෙකුගේ වියෝව සිදුවුනා. ඒ වෙන කවුරුත් නෙමේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක Stece Jobs මහත්මයාගේ මරණය.තමන්ටම කියලා අනන්ය වු නිර්මාණ සමුහයක අනගිභවනීය හිමිකරුවා වු මෙතුමා ලෝකයේ තාක්ෂණික ඉඩෝරට අසනි වැසි වට්ටන්න පටන් ගත්තේ 1977දී.ඒ Apple incorporates  ආරම්භ කරමින්.මෙතුමාගේ ජීවිත කතාවත් දියුණුවෙන මනුස්සයෙකුට ඉතාම හොද ආදර්ශයක්..මෙන්න මෙතනින් එතුමාගේ ජීවිත කතාව බලන්න පුලුවන් . අද පරිගණයේ , දුරකතනයේ , Mp3 Player සිට  සියලුම තාක්ෂණික උපකරණ වල නිෂ්පාදන තරගයට අලුත් හැරවුම් ලක්ෂයක ආරම්භය සටහන් කලේ ඇපල් නිෂ්පාදන. ඇපල් නිෂ්පාදන කිසිම දෙයක් අතින්වත් අල්ලල නැති වුනත් සියලුම නිෂ්පාදන වලට ඉතා හොද මග පෙන්විමක් කල නිසා මම ජොබ්ස් මහත්තයට ගරු කරනවා.ඔහුට නිවන්සුව