FROYO වලින් GINGERBREAD වලට


මම මෙච්චර කාලයක් පාචිච්චිකරපු Android 2.2 (FroYo) OS එකට සමුදෙන්න තීරණය කලේ නවතම Android IceCream Sandwich  එකත් එන්න ඔන්න මෙන්න නිසා.කෙසේ වෙතත් ඊට කලින් ආපු එක Version  හරි දාගත්තේ නැත්නම් ඇතිවන්නා වු ලැජ්ජාවෙන් බේරෙන්න තමයි මම දැම්මේ.නැත්නම් ඔය Version දෙක අතරේ එච්චර ලොකු වෙනස්කම් නම් දකින්න නෑ. නමුත් තියන වෙනස්කම් ටික කියල ඉන්නම්කෝ.


පළමුවෙන්ම මම අත්දැකපු ප්‍රධාන වෙනස්කම තමයි බැටරි ආයුකාලය Android 2.2 (Froyo)වලට වඩා ඉතාම හොද තත්වයේ තිබීම.මෙහිදී Background  Processes සහ Tasks මනාව හැසිරවීම මගින්  බැටරියේ ආයුකාලය මනාව කළමණාකරණය කල ගැනීම සිදුකරයි.ඒ සමගම නව Themes සමූහය සහ User Interface එක බැටරියේ ආයුකාලය ඉහළ දැමීමට හේතුවේ.

මම අත්දුටු දෙවන ප්‍රධාන වාසිය වන්නේ text , Copy සහ Paste කිරීමේ හැකියාවයි.

One-touch word selection


ඒ හැරෙන්න මම අත්නොදුටු නව වෙනස්ක්කම් අතර
1. NFC (Near -Field Communication)
මෙය ඇන්රොයිඩ් සහිත දුරකථනවල ඉතාම ආසන්නයේ සිට වේගවත් දත්ත හෝමාරුවකට ඉඩ සලසන නවීන දත්ත හෝමාරු ක්‍රමයකි.මෙහිදී ඉතාම ආසන්නයේ පවතින දුරකථන දෙකක් (4cm) අතර චුම්භක ක්ෂ්ත්‍රයක ආධාරයෙන් ඉතාම වේගයෙන් දත්ත හෝමාරු කරගත හැක.තවත් පැහැදිලි කලහොත් RFID යොදා ගන්නා Inductive Coupling තාක්ෂණයේම තවත් ඉදිරි පියවරක් ලෙස මෙය දැක්විය හැක.

2. SIP Communication
VOIP වලදී තාක්ෂණය යොදා ගෙන අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගැනීමේ පහසුකම මේ සමග අන්තර්ගතය

3.නව Keyboard Style එක සහ Multi Touch Key Input ( Two keys at the sometime ) ඇතුලත් කිරීමේ හැකියාව

4. තවත් ඉතාම වැදගත් දෙයක් තමයි නවතම Download Manager එක.මේනිසා සියලුම Downloads එකම තැනකින් Manage කරන්න පුලුවන්.


දැන් මම කියන්න යන්නේ GingerBread වලට Upgrade කරන්නේ කොහොමද කියල.මම මේ සදහා යොදා ගත්තේ කියන Samsung Galaxu y mini දුරකථනය.

*** Flash කරන්න කලින් Phone එකේ Charge  එක70 % ට වඩා තියෙන්න ඕන. ***
මේ සදහා මම යොදාගත්තා පහත ROM එක සහ  Odin කියන Flash Tool එක.

1.මෙතනින් ROM එක Download කරන්න.

2.ඊට පස්සේ මේ file  එක භාගත කරන්න.

3.මෙතනින් ODIN Download කරගන්න.

ඊට පස්සේ කරන්න තියෙන්නේ odin.exe එක double click කරල කලින් download කරගත්ත OPS සහ ROM file එක අදාල ස්ථාන  වලට ලබා දෙන්න.

තව දෙයක්,  option වල One package tick කියන  එක අනිවාර්යෙන්ම දාන්න අමතක කරන්න එපා.




ඊට පස්සේ Memory Card එක Unmount කරල , phone එක off කරල  පරිගණකයට සම්බන්ද කරන්න.
දැන් Phone එකේ Download mode එකට යන්න,

Volume Down + Power Button+Home Button එක විට press කරන්න


ඊට පස්සේ කහපාටින් Download කියන message එක පෙන්වයි. දැන් odin එකේ flash process එක start කරන්න.

දැන් Odin වල PASS කියල වැටිල Phone එක Restart වෙයි. එච්චරයි...

Comments

  1. meka karala mage phne ekata monawa hari weida danne naa??
    meka karana video ekak ehema nathda???

    ReplyDelete
  2. Samsung Galaxu y phone එකට ගැලපෙන ඕන Custom ROM එකක් මේ විදියට දාන්න පුලුවන්ද,ඒ හැම එකටම එකම ops file එකද?

    ReplyDelete
  3. Matath thiyana parne meka karanna gihilla phone ekata monawa hari wei da ?
    huawei u8180 android 2.2 ekata meka danna puluwanda ?

    ReplyDelete
  4. "Samsung Galaxu y phone එකට ගැලපෙන ඕන Custom ROM එකක් මේ විදියට දාන්න පුලුවන්ද"
    ඔව් පුලුවන්,
    Gingerbread 2.3.5 වලට කරන්න පුලුවන්.මේ සබැදුම බලන්න.

    http://forum.xda-developers.com/showthread.php?p=18818389

    ReplyDelete
  5. OPS means Firmware file. It depend on phone model.

    ReplyDelete
  6. "Matath thiyana parne meka karanna gihilla phone ekata monawa hari wei da ?'First thing is your warranty ended this process,So please keep in mind to read reviews and comments of ROM files you used. And same time phone battery need to have

    ReplyDelete
  7. machooooooo galaxy s vibrant T595 ekata rom ekak dana vidiha kiyannakoooooooo

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”