Posts

Showing posts from November, 2011

අපේ අලුත් පාර

Image
අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සංකල්පය හැබෑවක් වන දවස.අධිවේගී මාර්ග අපේරටේ අයටනම් අලුත් දෙයක් වුනාට විදේශීය රටවලට අමුතු දෙයක් නෙමේ.මැලේසියාව , සිංගප්පූරුව වගේ රටවල් තමන්ගේ රට දියුණුව කරා අරගෙන යන්න මුන්ම හැදුවේ රටේ මාර්ග පද්ධතිය. පැය ගණන් වල ලැගලා පිච්චෙන ඉන්ධන සහ අපේ වටිනා කාලය සලකල බලනකොට රටක කාර්යක්ෂමභාවයට මේවගේ ඉතා දියුණු මාර්ග පද්ධතියක වටිනාකම කියල නිමකරන්න බෑ.අද අපිට ලැබෙන අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 96 . මංතීරු හතරකින් සමන්විත මේ මාර්ගයේ කොට්ටාව සිට කුරුදුගහහැතැක්ම වන තෙක් ඇති කිලෝමීටර් 65 දක්වා ණය පහසුකම් සලසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ඉතිරි ප්‍රමාණය සදහා අනුග්‍රහය දක්වන්නේ චීන අපනයන අපනයන බැංකුවෙනි. පහතින් දැක්වෙන්නේ දැනට ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩගම දක්වා වන මාර්ග සැලැස්මයි මෙය නිමකරවා ඇත්තේ 120 Kmph ධාවන වේගයකට වුවත් අපේ රටේ ජනතාවට්  අධිවේගී මාර්ගයක අත්දැකීමක් නොමැති නිසාත්,ධාවන වන වාහන වල දුර්වලතා නිසාත් උපරිම වේගය 100 Kmph ට සීමාකර තිබේ.කොට්ටාවේ සිට පින්නදූව දක්වා මෙම මාර්ගයේ කිලෝමී

නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක

Image
Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band  ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පාවිච්චි කරන සියලු දෙනාටම හැමදාමත් වගේ තිබුනේ විදුලි සංන්දේශ සමාගම් කියන වේගයක් නොලැබීම.විදුලි සංදේශ සමාගම් තමන්ගේ පටු ලාබය සදහා රටේ මහජනතාව ගොනාට අන්දවමින් ගෙන ගිය ජාවාරම නතර කිරීමට මේ සම්බන්දව ක්‍රියාකරන රජයේ ආයතන වු විදුලි සංදේශ නියාමන කොමිසම ද සිටියේ  මර නින්දේය. ඒ නිසාම දුරකථන සමාගම් 512 Kbps වලින් පටන් ගෙන 1Mbps ,2Mbps , 3.6Mbps  , 7.2Mbps  21.1Mbps, 28.8 Mbps වලින් නතර නොවී 96.6 Mbps දක්වාද ගමන් කිරීමට ගතවුයේ වසර දෙකකටත් අඩු කාලයකි. මෙය දකින අයෙකුට  ලංකාවේ තරම් වේගයෙන් දියුනු වු අන්තර්ජාල සේවාවක් මේ ලෝකේ කෙහෙවත් නොමැති බව වැටහීම පුදුමයක් නොවේ.සමහර විටෙක වීදුලි සංදේශ නියාමන කොමිසමේ මහත්වරුද සීතල කාමර පුටු රත් කරමින් මෙලෙස සිතුවාදැයි මම නොදනිමි. නමුත් සතුටට කරුණක් නම් දැන් ඔවුන්ද යථා තත්වය හදුනාගෙන තිබීමයි. දුරකතන සමාගම් වල මායාකාරී මාර්කටින් දැල් වල පැටලී සිටි දහස් ගණනක් වු අහිංසක පාරිබෝහික ජනාතාවට පිහිටවීමට විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපත් වී සිටී. ඔවුන් සියලුම දුරකතන