අපේ අලුත් පාර

අද ලංකාවේ අපිට ඉතාම වැදගත් දවසක්.ඉංග්‍රීසි චිත්‍රපටිවලින් විතරක් දැකල තිබුන අධිවේගී මාර්ග සංකල්පය හැබෑවක් වන දවස.අධිවේගී මාර්ග අපේරටේ අයටනම් අලුත් දෙයක් වුනාට විදේශීය රටවලට අමුතු දෙයක් නෙමේ.මැලේසියාව , සිංගප්පූරුව වගේ රටවල් තමන්ගේ රට දියුණුව කරා අරගෙන යන්න මුන්ම හැදුවේ රටේ මාර්ග පද්ධතිය.
පැය ගණන් වල ලැගලා පිච්චෙන ඉන්ධන සහ අපේ වටිනා කාලය සලකල බලනකොට රටක කාර්යක්ෂමභාවයට මේවගේ ඉතා දියුණු මාර්ග පද්ධතියක වටිනාකම කියල නිමකරන්න බෑ.අද අපිට ලැබෙන අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දිග කිලෝමීටර් 96 . මංතීරු හතරකින් සමන්විත මේ මාර්ගයේ කොට්ටාව සිට කුරුදුගහහැතැක්ම වන තෙක් ඇති කිලෝමීටර් 65 දක්වා ණය පහසුකම් සලසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ඉතිරි ප්‍රමාණය සදහා අනුග්‍රහය දක්වන්නේ චීන අපනයන අපනයන බැංකුවෙනි.

පහතින් දැක්වෙන්නේ දැනට ඉදිකර ඇති සහ ඉදිකරමින් පවතින ගොඩගම දක්වා වන මාර්ග සැලැස්මයි

මෙය නිමකරවා ඇත්තේ 120 Kmph ධාවන වේගයකට වුවත් අපේ රටේ ජනතාවට්  අධිවේගී මාර්ගයක අත්දැකීමක් නොමැති නිසාත්,ධාවන වන වාහන වල දුර්වලතා නිසාත් උපරිම වේගය 100 Kmph ට සීමාකර තිබේ.කොට්ටාවේ සිට පින්නදූව දක්වා මෙම මාර්ගයේ කිලෝමීටර් 100 ධාවනය කිරීමට ගතවන කාලය පැයක් පමණ වේ.
මෙම මාර්ගය සෑදීම මගින් ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් හදුනාගන්න පුලුවන්.
  1. කොළබ- ගාල්ල-මාතර දක්වා ගමන් කීරීමට කාලය අඩු කිරීම
  2. කොළබ- ගාල්ල-මාතර දක්වා දැනට පවතින මාර්ග තදබදය අඩුකීරීම
  3. ආයොජකයින් මෙරටට අද්දවා ගැනීම සහ ඒ අශ්‍රිත අමතර වාසි
  4. එම පලාත් වල කෘෂිකර්මන්තය, ධීවර කර්මාන්තය ඇතුලු කර්මාන්ත දියුනුව
  5. මාර්ගය ඉදිවී ඇත්තේ රට අභයන්තරයෙන් වන අතර ඒපලාත වලට සීග්‍ර දියුණුවක් මෙමගින් බලාපොරොත්තුවේ.
  6. ගාල්ල වරායේ දියුණුව
මේ සදහා විශේෂිත නීතිමාලාවක් සහ වෙනම පොලිස් අංශයක් පවතින අතර  යම් කාර්මික දෝෂයක් හෝ අනතරුක් වුනු විට 1969 වෙත ඇමතුමක් ගෙන හැකි ඉක්මනින් දැනුම් දිය යුතු වෙනවා.
මාර්ගය පිලිබද ඉතාම හොද වාර්තාවක් මෙහි සදහන් වෙනවා.

මේ මාර්ගයේ නඩත්තු සදහා මුදලක් අය කරන අතර ඒ පිලිබද විස්තර පහත වේ
 
මේ පිලිබද ඉතා වැදගත් වාර්තාවක් මෙතන තියනවා.

මේ තියෙන්නේ මාර්ගය විවෘත කරන්න කලින් නිරීක්ෂණ චාරිකාවකදී ගත්ත  ඡායාරූප එකතුවක්.









Comments

  1. මචෝ ඔය රෝඩ් මැප් එකේ සම්පූර්න වර්ශන් එක ඔන්ලයින් ගන්න තැනක් තියෙයිද (ලංකාවේම )

    ReplyDelete
  2. http://www.rda.gov.lk/supported/expressways/stdp.htm

    ReplyDelete
  3. මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි.


    කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය.


    මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්නේ නැත.


    කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දුර කිලෝමීරට් 96කි. ඒ අනුව එක් කිලෝමීටරයක් හදන්නට ගිය වියදම රුපියල් මිලියන 800කට අධික වේ. ඒ අනුව එක් මීටරයක් හදන්නට ගිය වියදම රුපියල් අටලක්ෂයකි. එක් සෙන්ටිමීටරයකට රු. 8000කි.


    මේ වෙනුවෙන් ලංකාව ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයෙන් (JICA) ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නය. එනම් රුපියල් බිලියන 55කට අධික මුදලකි.


    ඍජුව ම පාර හදන්නට ය කියා ගත් විදේශ ණය පමණක් ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ය කියා ගණන් හදා බැලුවොත් මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ පාර වෙනුවෙන් රු. 2750 බැගින් ලෝකයට ණය වී හමාර ය.


    ඒ ණය ගෙවන අපි මේ පාරේ යන්නේ ද තවත් මුදල් ගෙවා ය.
    මේකත් කියවල බලන්න..නිකමට දැම්මෙ.
    http://w3lanka.blogspot.com/2011/11/blog-post_27.html

    ReplyDelete
  4. වන්ඡා දූෂණ කරන්නේ නැත්තේ මොන ආණඩුවද කියල අහන්න කැමතියි, මොකද මම මෙතන කියල නෑ මේ පාර හදන කොට කිසිම වංචාවක් වෙලා නෑ කියල, නමුත් මේ ආණ්ඩුවටටත් වැඩිය මීට කලින් හිටපු ආණ්ඩු වංචාව හොදටම කලා කියල මතක තියාගන්න,

    ReplyDelete
  5. ආසියාවේ ලොකුම වැට් බදු වංචාව එහෙම උනේ මොන ආණ්ඩුවෙන්ද?ආ ඒක ඉතිහාසෙ වෙච්ච පුංවිම වංචාව නේද?ඔය හෙජින් එක ,බාල පැට්‍රල් එහෙම..

    ReplyDelete
  6. ඔය ලින්ක් එකක් දීල තියන ලිපිය කියවල බලන්න , කොහොමද පාර හදන්න තිබුන සැලැස්ම හා දැන් කොහොමද වෙලා තියෙන්නෙ කියල , ණය නොවී කරන්න තිබුන වැඩක් තමයි එක් පුරවැසියෙක් රුපියල් දෙදහස් ගාණක් ණය කරවන තැනට ගෙනිහින් තියෙන්නෙ . ඔය එකම ණය නෙවෙයි ලොකු ලොකු සංවර්ධන වැඩ ඔක්කොම ණයට යන්නේ , තව ටික කාලයකින් ලංකාව චීන්නුන්ට විකුනලම දාන්න වෙයි , කලින් ආණ්ඩු කලා කියල දැන් කරන වංචා දූෂන සාධාරණීකරනය කරන්න හැකියාවක් නැ ,කලින් තිබුනු එජාප ආණ්ඩුවේ හොර ටික ඔක්කොම තාමත් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ (රවි හැර ) , කෝ කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තද ?

    ReplyDelete
  7. සහෝ

    මෙම ලිපියට විස්තර හොයාගත්තේ කොහෙන්ද කියල දන්නේ නෑ. එත් වැරදි විස්තර වගයක් පල කරලා තියෙන්නේ. කොට්ටාව සිට කුරුඳුගහහැතැක්ම වෙනකන් ආධාර දුන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් නෙමෙයි, ජපන් ආධාර {JBIC (දැන් JICA) සම්පූර්ණ නම මතක නැත}. ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර දුන්නේ කුරුඳුගහහැතැක්ම සිට ඉතුරු ටිකට. පින්නදුව ඉඳන් මාතර කොටස 2013 ඉවර කරන්න බලාපොරත්තු වෙනවා.

    ReplyDelete
  8. lol !! guys dont go up to 180kmh ....u ll end up in police cage ...

    ReplyDelete
  9. ‍මේකෙන් රටට උන සුගතියක් නෑ.. රට තවත් ණය උනා.. අපේ අලුත් වරාය ගැනත් ලිපියක් දාන්න :D

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”