නින්දෙන් අවදි වු විදුලි සංදේශ නියාමන කොමිසමේ අලුත් Speed Test එක

Broad Band අන්තර්ජාල සම්බන්දතා පිලිබදව ගැටලු තිබුනේ අද ඊයේ නෙමේනේ. Broad Band  ලංකාවේ පටන් ගත්ත දවසේ ඉදල පාවිච්චි කරන සියලු දෙනාටම හැමදාමත් වගේ තිබුනේ විදුලි සංන්දේශ සමාගම් කියන වේගයක් නොලැබීම.විදුලි සංදේශ සමාගම් තමන්ගේ පටු ලාබය සදහා රටේ මහජනතාව ගොනාට අන්දවමින් ගෙන ගිය ජාවාරම නතර කිරීමට මේ සම්බන්දව ක්‍රියාකරන රජයේ ආයතන වු විදුලි සංදේශ නියාමන කොමිසම ද සිටියේ  මර නින්දේය.
ඒ නිසාම දුරකථන සමාගම් 512 Kbps වලින් පටන් ගෙන 1Mbps ,2Mbps , 3.6Mbps  , 7.2Mbps  21.1Mbps, 28.8 Mbps වලින් නතර නොවී 96.6 Mbps දක්වාද ගමන් කිරීමට ගතවුයේ වසර දෙකකටත් අඩු කාලයකි.
මෙය දකින අයෙකුට  ලංකාවේ තරම් වේගයෙන් දියුනු වු අන්තර්ජාල සේවාවක් මේ ලෝකේ කෙහෙවත් නොමැති බව වැටහීම පුදුමයක් නොවේ.සමහර විටෙක වීදුලි සංදේශ නියාමන කොමිසමේ මහත්වරුද සීතල කාමර පුටු රත් කරමින් මෙලෙස සිතුවාදැයි මම නොදනිමි.
නමුත් සතුටට කරුණක් නම් දැන් ඔවුන්ද යථා තත්වය හදුනාගෙන තිබීමයි. දුරකතන සමාගම් වල මායාකාරී මාර්කටින් දැල් වල පැටලී සිටි දහස් ගණනක් වු අහිංසක පාරිබෝහික ජනාතාවට පිහිටවීමට විදුලි සංදේශ නියාමන කොමිසම ඉදිරිපත් වී සිටී.

ඔවුන් සියලුම දුරකතන සමාගම වල වේගයන් දැන් මසකට වතාවක් පරීක්ෂාකර වාර්තාවක් එලිදක්වන අත්හර එමගින් පාරිබෝගිකයින්ට පුහු මාර්කටින් මායාවෙන් මිදී යථා තත්වය හදුනා ගැනීමට අවස්තාවක් ලැබේ.
අදාල වාර්තා පෙල මෙතනින් බලන්න.

දැන් අලුතෙන්ම හදුන්වා දී ඇති එක මගින් අපේ දැනට පවතින වේගයන් පිලිබද මනා අවබෝදයක් ලබා ගත හැකි අතර ඒ සදහා පහත සබැදමය පිවිසෙන්න.
http://speedtest.trc.gov.lk/TRCSpeed/broadband.php

1. මෙහි වේගය USA සහ Europe වල ඇති සර්වර් දෙකෙන් ඕනම එකකින් File එකක් භාගත කිරීමෙන් ලබා ගත හැක,ඒ සදහා ඉහත වින්ඩෝවේ USA හෝ Europe තෝරන්න.

2.මම භාවිතා කලේ  Chrome Web Browser ය නිසා Chrome සදහා බාවිතා වන ජාවා Plug -in එකක් භාගත කිරීමට සිදුවුනා.











භාගත කර ගැනීමෙන් පසු ඉහත ලෙස 1MB ,5 MB හෝ 10 MB  File එකක් Downlod  කිරීම මගින් වේගය ලබා ගත හැක.

පහත දැක්වෙන්නේ එසේ ලබාගත් එකකි.



මේ අවස්තාවෙන් පසුව speedtest.net මගින් ලබාගත් Speed Test එකක් පහතවේ.


මේ වෙනසට හේතුව ඔවුනේගේ වල වරදක්ද නැතිනම් නිරන්තර වෙනස්වන තරංග වල බලපෑමද නොදනී.

Comments

  1. දැන් හරි ඒ ගැන හොයලා බලන එක ලොකු දෙයක්!

    ReplyDelete
  2. meke usa kiyala thoranna bane

    එහෙම නම් වෙන්න බෑ, නැවත Refresh කරල බලන්න

    ReplyDelete
  3. Speednet එක වැරදියි. මේක මම නම් ඒ දවස් වල ඉඳලම කීව.

    මොකද මම TRC site එකෙන් ටෙස්ට් කළා 1Mbps කියල ආව. මම මැෂින් එකේ සොෆ්ට් එකක් දාල තියෙන්නෙ ස්පීඩ් එක බලන්න, මගෙ used traffic බලන්න. ඒකෙ මීටරෙත් 1Mbps ගියා. දෙපාරක් බැලුව, US, UK දෙකෙන්ම. දෙපාරම 1Mbpsම තමා.

    ඒ එක්කම speedtest.net එකෙන් බැලුව. ඒත් අර සොෆ්ට් එකෙන් 1Mbps ගියා. නමුත් speedtest.net එකෙන් පෙන්නුවෙ 0.79Mbps, 1.4Mbps, 0.8Mbps, 1.1Mbps කියල, US හා UK servers වලින් චෙක් කළේ.

    නිගමනය: speedtest.net වැරදිය. :)

    ReplyDelete
  4. Speednet එක වැරදියි. මේක මම නම් ඒ දවස් වල ඉඳලම කීව.

    මොකද මම TRC site එකෙන් ටෙස්ට් කළා 1Mbps කියල ආව. මම මැෂින් එකේ සොෆ්ට් එකක් දාල තියෙන්නෙ ස්පීඩ් එක බලන්න, මගෙ used traffic බලන්න. ඒකෙ මීටරෙත් 1Mbps ගියා. දෙපාරක් බැලුව, US, UK දෙකෙන්ම. දෙපාරම 1Mbpsම තමා.

    ඒ එක්කම speedtest.net එකෙන් බැලුව. ඒත් අර සොෆ්ට් එකෙන් 1Mbps ගියා. නමුත් speedtest.net එකෙන් පෙන්නුවෙ 0.79Mbps, 1.4Mbps, 0.8Mbps, 1.1Mbps කියල, US හා UK servers වලින් චෙක් කළේ.

    නිගමනය: speedtest.net වැරදිය. :)

    ReplyDelete
  5. mekath marketing plan 1k thama, hama ekama speed test karanna 10Mb gane download karama data bundle 1 nikamma iwara wenawa.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”