Posts

Showing posts from March, 2011

බටහිර ලෝකයට අභියෝග කරන ඉරාන හැකරා

අද හැක් කරනවා කියන්නේ විලාසිතාවක් වෙලා.මෙක සමහරු කරන්නේ පොර වෙන්න්, සමහරු කරන්නේ තව කෙනෙක් එක්ක තියනව තරහ පිරිමහ ගෙන කාව හරි අමාරුවේ දාන්න.ඉතාම කිහිප දෙනෙක් තමයි තමන්ගේ දැනුම යොදාගෙන අනික් අයට යහපතක් වෙන දෙයක්  කරන්නේ. මේ කට්ටියට තමයි white hat හැකර්ස් ල මේ කවුරු වුනත් හැකර් කෙනෙකුට තොරතුරු තාක්ෂණයේ සියලුම කඩයිම් පිළිබද මනා දැනුමක් තියෙන්න ඔන, විශේෂයෙන් Microsoft, Linux, Networking, System Administration, Programming  වාගේ තාක්ෂණික සම්භවයන් සීමා මායිම්  වලින් තොරව යෙදවීමේ හැකියාව තියෙන්න ඔන.ඊටත් අමතරව මනා ඉවසීමකුත් , ඔනෑම අභියොගයක් අමුවේ නොසැලෙන බවකුත් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි. මම හදිස්සියේම හැකර්ල  ගැන හොයන්නේ මොකද කියල බලනවා ඇති, මේකට හේතුව තමයි පසුගිය සතියේ අපිට අහන්න ලැබුනු වාර්තාවක්. 21 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙක්  Microsoft,Google, Skype,Gmail,Hotmail  සහ Yahoo සමාගම් වලින් comado  සමාගමට නිකුත් කරනු ලැබූ SSL Certificates  සොරා ගෙන එමගින් අදාල වෙබ් අඩවි සහ භාවිතා කරන්නන් අතර දත්ත හෝමාරුවේ අනාරක්ෂිට්ත තත්වයක් ඇති කිරීමයි.මෙය කොතරම් දරුණුද කියනවානම් මෙම SSL Certificates යොදාගෙ

Microsoft Windows 7 and Server 2008 R2 Service Pack 1 Released

Microsoft Released Service Pack 1 for Windows 7 and Server 2008 R2 . Download below http://www.microsoft.com/downloads/info.aspx?na=46&SrcFamilyId=C3202CE6-4056-4059-8A1B-3A9B77CDFDDA&SrcDisplayLang=en&u=http%3a%2f%2fdownload.microsoft.com%2fdownload%2f0%2fA%2fF%2f0AFB5316-3062-494A-AB78-7FB0D4461357%2f7601.17514.101119-1850_Update_Sp_Wave1-GRMSP1.1_DVD.iso
Image
අපේ Google දෙයිය ගැන දන්නවද? අපි හැමදාමත් අමාරුවේ වැටුන වේලාවට අපේ පිහිටට  එන මෙයා ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා.මටත් කලින් තිබුන ප්‍රශ්නය තමයි, කොහොමද Google Search Engine එක වැඩ කරන්නෙ කියල.මොකද මුහුදෙ අල්පෙනිත්තක් හොයනවා වගේ වැඩක් නේ මේක.ඉතින් මමත් පොඩ්ඩක්  search පාරක් දැම්ම මේක ගැන. Google Search Engine හි ක්‍රියාකාරීත්වය අපිට ප්‍රධාන අවස්ථා 3 කියන්න පුලුවන්,මේ හැම අවස්ථාවකම අපිට සාර්ථක සෙවුමකට උදව් වෙනවා, 1.  Google’s Web Crawler හෙවත්  Google Robots Google’s Web Crawler වලින් කරන්නෙ වෙබ් පිටුවල තිබෙන තියන content කියවල අදාල content, Google Indexer එකට යවන එකයි. මම තව ටිකකින් කියනව මොකක්ද Google Indexer කියන්නෙ කියල. මෙයා හරියට මකුළුවෙක් වගේ. මකුලුවෙක් තමන්ගේ දැල වියනවා වගේ වෙබ් පි‍ටු සැරිසරා ගිහිල්ල දත්ත එක ‍රැස් කරල Google Indexer එකට යවනව. Google Robots ට එක සැරේට වෙබ් පි‍ටු දහස් ගනනක තොරතුරු ලබා ගන්න පහසුකම් තියනවා. Google Robots වෙබ් පි‍ටු සොයන ආකාර 2 තියනවා. *  www.google.com/addurl.html  එකෙන් අපිට පුලුවන්  Google Robots  ට අපේ වෙබ් පි‍ටුවට එන්න කියල ආරාධනා කරන්න . මේ

වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා - වින්ඩොස් 8

Image
වින්ඩොස් පවුලේ අලුත්ම සාමාජිකයා තමයි වින්ඩොස් 8 කියල 2012 ලෝකෙට එන අලුත්ම වින්ඩොස්  සගයා. මයික්‍රොසොෆ්ට් සමාගම මේ සමගම තමන්ගේ 13 වන සාමාජිකයත් බිහි කරනවා. නමුත් ඔවුන්ගේ තාක්ෂණික වෙනස් වීම් වලට අනුව මෙය 8 වන සන්ස්කරණය විදිහට තමයි සලකන්න පුලුවන්. වින්ඩොස් 1 -1985 වින්ඩොස් 2- 1987 වින්ඩොස් 3- 1989 වින්ඩොස් 4- 1995 (වින්ඩොස් 95,වින්ඩොස් 98, වින්ඩොස් 98 SE, වින්ඩොස් Millennium ) වින්ඩොස් 5 -2000 (වින්ඩොස් 2000) වින්ඩොස් 5.1- 2001 ( වින්ඩොස් XP) වින්ඩොස් 6-2009 (වින්ඩොස් Vista) වින්ඩොස් 7- 2010 ( වින්ඩොස් 7) තමයි මීට කලින් අපි අත්විදපු වින්ඩොස් මෙහෙයුම් පද්ධති. CSE එකේදි, වින්ඩොස් 8 කළුද  සුදුද කියල දැන ගන්න කට්ටිය ගොඩක් දත කට මැද හගෙන බලාගෙන හිටිය. නමුත් මයික්‍රොසොෆ්ට් ලොක්කා මේ ගැන වැඩි විස්තරයක් කලේ නෑ. සමහර විට හන්ගල එළියට දාන එක හොදයි කියල හිතුනද දන් නෑ.නමුත් ගොඩක් දෙනා මේ ගැන හොයන්න පටන් අරගෙන තියනවා. http://windows8news.com/ වාගේ වෙබ් අඩවි මේ ගැන නිතරම අවදියෙන් ඉන්නවා. ඒ අනුව දැනටමත් ඉස්සරදි අපිට හමුවෙන අපේ යාලුවා ගැන තොරතුරු ටිකක් එලියට ඇවිල්ල. වින්ඩොස් මෙච්චරකල් භ