බටහිර ලෝකයට අභියෝග කරන ඉරාන හැකරා

අද හැක් කරනවා කියන්නේ විලාසිතාවක් වෙලා.මෙක සමහරු කරන්නේ පොර වෙන්න්, සමහරු කරන්නේ තව කෙනෙක් එක්ක තියනව තරහ පිරිමහ ගෙන කාව හරි අමාරුවේ දාන්න.ඉතාම කිහිප දෙනෙක් තමයි තමන්ගේ දැනුම යොදාගෙන අනික් අයට යහපතක් වෙන දෙයක්  කරන්නේ. මේ කට්ටියට තමයි white hat හැකර්ස් ල මේ කවුරු වුනත් හැකර් කෙනෙකුට තොරතුරු තාක්ෂණයේ සියලුම කඩයිම් පිළිබද මනා දැනුමක් තියෙන්න ඔන, විශේෂයෙන් Microsoft, Linux, Networking, System Administration, Programming  වාගේ තාක්ෂණික සම්භවයන් සීමා මායිම්  වලින් තොරව යෙදවීමේ හැකියාව තියෙන්න ඔන.ඊටත් අමතරව මනා ඉවසීමකුත් , ඔනෑම අභියොගයක් අමුවේ නොසැලෙන බවකුත් අනිවාර්යෙන්ම තිබිය යුතුමයි.
මම හදිස්සියේම හැකර්ල  ගැන හොයන්නේ මොකද කියල බලනවා ඇති, මේකට හේතුව තමයි පසුගිය සතියේ අපිට අහන්න ලැබුනු වාර්තාවක්.
21 හැවිරිදි ඉරාන ජාතික තරුණයෙක්  Microsoft,Google, Skype,Gmail,Hotmail  සහ Yahoo සමාගම් වලින් comado  සමාගමට නිකුත් කරනු ලැබූ SSL Certificates  සොරා ගෙන එමගින් අදාල වෙබ් අඩවි සහ භාවිතා කරන්නන් අතර දත්ත හෝමාරුවේ අනාරක්ෂිට්ත තත්වයක් ඇති කිරීමයි.මෙය කොතරම් දරුණුද කියනවානම් මෙම SSL Certificates යොදාගෙන නිර්මාණය කරන බොරු වෙබ් අඩවි හරහා භාවීතා කරන්නන්ගේ රහස්යෙ  දත්ත ලබා ගැනීමේ පවා අවදානමක් ඇති වීමයි. මේ නිසාම අදාල සමාගම් ක්ෂණිකව ක්‍රියාත්මකවී එම තත්වයට පිලියම් යෙදීය.
මෙහිදී අදාල හැකර් වෙබ් අඩවියකට පවසා තිබුනේ තමන් මෙය සිදු කලේ කිසිවකුගේ උදව් හෝ දිරිගැන්වීම මත නොව තමන් විසින්ම හදාරා බවය,ඔහු තවදුරටත් පවසා සිටියේ තමන්ට වැඩසටහන් නිර්මාණ කරුවන් දසසකගේ දැනුම අති බවත් ඉරානයේ ස්වාදීනත්වයට එරෙහිව බටහිර රට වලින් කරන බලපෑම් වහා නොනැවත්විය යුතු බවත්ය.
එම නිසා මෙයට දේෂපාලණයද සම්බන්ධවී ඇති බව පෙනේ.
මෙන්න මේ වෙබ් අඩවියේන් මේ පිලිබද වැඩි විස්තර ලබා ගන්න පුලුවන්.
ඉරාන ජාතික හැකර් තමන් පිලිබද කල උදම් ඇනීම මේ වෙබ් අඩවියේ තියනවා.

හැකරුන්ගෙන් බේරීමට හොදම ක්‍රමය Network Cable ගැලවීම නොවේද?

Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”