Info-Tel ගොස් කොල ගොඩක් ගෙන ආවෙමි


Info-Tel කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ලංකාවේ වසර කිහිපයක ඉදන් පවත්වන තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පිලිබද වු  ජනප්‍රියම හා හොදම ප්‍රදර්ශණය කියල.මේක දැන් වසර කිහිපයක ඉදල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේදි පැවැත්වෙනවා.මෙවරත් දෙසැම්බර් 2සිට 5 දක්වා පැවැත්වෙමින් තියනවා.වසර කිහිපයක ඉදලම මමත් ඔය ප්‍රදර්ශණය නරබන්න අනිවාර්යෙන්ම යනවා.සුපුරුදු ලෙසම මම ඊයේ( 2 වැනිදා) ප්‍රදර්ශණය බලන්න ගියා. තොරතුරු තාක්ෂණික ප්‍රදර්ශණය තිබෙන නව සොයාගැනීම්,  තාක්ෂණයේ සුපුරි කඩයිම් ගැන බලාපොරොත්තුවෙන් ගිය මට දකින්න ලැබුනේ එකම මාර්කටින් ලෝකයකි.
දනිස්සටත් අඩියක් උඩට විලි වසාගත් නාබර කෙල්ලන් එලව එලවා බෙදන ලීප්ලට් ගෙන දමාගෙන යන්න පෝර කවරයක්  ද ප්‍රමාණවත් නැත.
ඇතුල්වන විටම ගැටිස්සියක් තොරතුරු තාක්ෂණ සගරාවක් පෙන්වයි, මම පිටකවරය පුරානම සහ ප්‍රකාශිත ආයතන බැලීමි.පිටකවරයේද ඇතුලුව පිටු 100 පුරා වෙලද දැන්වීම් මිසක කිසිවක් නැත,මිල රුපියක් 300 කි. Info-Tel එකේ නිසා 200ට දෙනවායි ඇස් කරකවා කීවේය.යන තැනම දත ගලවන්නේ එලෙසය.

බැලු බැලූ සෑම අතම මාර්කටින් ඇරෙන්න වෙන කිසිම දෙයක් නැත, Discount , Offers කිය කියා විකුණාගන්න බැරි ජරාගොඩල් තොග පිටින් විකුණාගැනීමේ පොලක් හෝ තොග අවසන් කිරීමේ සෙල් එකක් බවට මේ ප්‍රදර්ශණය පත්විම ඉතා කණගාටුදායක තත්වයකි.

මම වෙලදාම් කිරීම හෙලා දකින්නේ නැත, වසරකට වතාවක්වත් සියලුම නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, බෙදාහරින්නන් සහ පාරිබෝගිකයින් මුන ගැස්වීම ඉතා වැදගත් කාර්යයකි.

නමුත් එතනින් ඔබ්බට ගිය වැඩපිලිවෙලක් සංවිධානය කිරීම මගින් ජනතා ආකර්ෂණය මෙන්ම ශ්‍රිලාංකීය සමාජයයට තොරතුරු තාක්ෂණය කාවැද්දිමේ කාර්යය ද ඉතා වේගවත් වනු ඇත.

1.සන්වාද මණ්ඩප (forum)  සහ දේශණ සංව්ධානය කිරීම

2.තොරතුරු තාක්ෂණ පැනවිමසීම් සහ විවිද තරහාවලි සංවිධානය

3.තොරතුරු තාක්ෂණය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන් , ප්‍රශ්න විමසීම් මෙන්ම නව ප්‍රවණතා සාකඡ්චාව

4. තොරතුරු තාක්ෂණයා  ශ්‍රිලාංකික සමාජය තුලට ගෙනයාමේ කර්යයට දායක වී සිටින  Tech katha කණ්ඩායම,සිංහල බ්ලොග්කරුවන්ගේ සන්සදය, සිංහලෙන් FOSS කණ්ඩායම, Refresh Colombo වැනි පිරිස් සදහා ඉඩක් වෙන්කිරීම.

මෙවැනි නව වෙනස් කිරීම් මගින් 2012 ප්‍රදර්ශණය මාර්කටින් වලින් ඔබ්බට ගෙන යන්න හැකිවන අතර ඔවුන්ගේ වෙබ් අඩවියට සීමා වු අරමුණුද එලෙසම ඉෂ්ඨ වනු ඇත

Comments

  1. aththa kathaawak machan!!!
    umba hariyatama hari....
    kalin thibichcha nawa nirmaana ekakwath dan naha... :(

    ReplyDelete
  2. අපේ අලුත් පාර පොස්ට් එකට මම දාපු දෙවැනි කමෙන්ට් එක පබ්ලිශ් කරන්නෙ නැත්තෙ ඇයි?

    ReplyDelete
  3. //සන්වාද මණ්ඩප (forum) සහ දේශණ සංව්ධානය කිරීම//

    ඉට් -ඉස් අ - ලැට් ලගේ , ඇනරොයිඩ ෆෝරම් එක වගේ වෙයිද? :D

    ReplyDelete
  4. සහතික ඇත්ත කතාව. මමනම් ආයෙ කවදාවත් ඕක බලන්න යන්නෙ නෑ. තිබුන හොඳ අංග නැතිවෙලා Marketing වලටම ගිහිල්ලා.

    ReplyDelete
  5. රට යන අතටනේ ඔක්කොම වෙන්නේ :))

    ReplyDelete
  6. "ඉට් -ඉස් අ - ලැට් ලගේ , ඇනරොයිඩ ෆෝරම් එක වගේ වෙයිද? :D"
    ඒ අනිත් එක...මතක් කරන්න එපා

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”