ප‍්‍රඥවන්තයින් වෙමු….


අලුත් අවුරුද්දක් ලැබුවා...මේ අවුරුද්දෙවත් අපි අපේ ජීවිතවලට ධර්මය ලංකර ගන්න බලමු නේද? මෙන්න ඒක පටන් ගන්න හොද ලිපියක් කියවලා බලන්න.


භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන අසපුවේ වැඩ සිටිද්දී ඛේම කියල දිව්‍ය පුත‍්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා, ගාථාවලින් මේ විදියට කියා සිටියා “ප‍්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත්වෙන්නේ තමන්ට ම සතුරු වෙලා. නපුරු විපාක දෙන යම් කර්මයක් වෙයි නම්, ඒ පව්ම යි කරන්නේ. ඒ අය ජීවත් වෙන්නේ තමන්ට ම හතුරෙක් විදිහට. නපුරු විපාක දෙන යම් කර්මයක් තියෙනව නම්, ඒ පව් ඒ උදවිය කරනව. යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්න හොඳ නෑ. අන්තිමේදී කඳුළු පිරුනු මුහුණින් තමයි ඒවයෙ විපාක විඳින්ට සිද්ධ වෙන්නෙ.” කියල ඒ දිව්‍ය පුත‍්‍රයා කියා සිටියා. ඊට පස්සෙ කියා සිටියා, “යම් දෙයක් කළාට පස්සෙ ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒ වගේ දේවල් තමයි කරන්ට ඕනැ. ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුළුවනි.” කියල.
එතකොට බලන්න පව් කලාම ඒවායේ විපාක විදින්ට සිද්ද වෙන්නේ කදුලූ පිරුණු මුහුනින් තමයි. නමුත් යහපත් දෙයක් කලාම ඒ කර්මයන්ගේ විපාක සතුටු සිතින් විඳින්න පුලූවන්. එහෙනම් කල්පනා කරල බලන්න, අපි කෙසේ විය යුතුද කියල. අපි ප‍්‍රඥා රහිත මෝඩ උදවියගේ ගණයට වැටෙනව ද, ඒ ගණයෙන් ඈත් වෙනවද? කියල කල්පනා කරන්න. ඉතින් ඒකට ප‍්‍රමාද වෙලා බෑ. ප‍්‍රමාද වුනොත් අපිට මේකෙන් ගැලවෙන්ට බැරිව යනවා. ප‍්‍රමාද වුනොත් අපි ප‍්‍රඥා රහිත අයගේ ගොන්නට වැටෙනව. ඒක වළක්වන්න බෑ. අප‍්‍රමාදී බව තුළ තමා ප‍්‍රඥාවන්තයින්ගේ ගොන්නට අපි වැටෙන්නෙ. ප‍්‍රමාදය තුළ අපි හිටියොත් එහෙම ප‍්‍රඥා රහිත උදවිය කරන යම් දේ තියෙනව නම්, ඒක තමයි අපිත් කරන්නෙ. බලන්න ඒ අය තමන්ට ම සතුරුවෙලා ජීවත් වෙනව නේද කියලා.
අපි අතීත ජීවිතවල එහෙම ඕනැ තරම් කරන්න ඇති. තමන් තමන්ට ම සතුරු වෙලා ජීවත් වුන ජීවිත අපිට තිබිල ඇති. එහෙම නොතිබුණා නම්, අපි මේ තරම් දුර මේ සංසාරෙ එන්නෙ නෑනේ. තමන් සැබවින්ම තමන්ට මිතුරෙක් වුනා නම්, මේ සංසාරෙන් අපි නිදහස් වෙලා බොහෝ කල්. ඒ නිසා අපි දැන් ඒක තේරුම් ගන්ට ඕනැ. ඒක තේරුම් අරගෙන තමන්ට හතුරුවෙන ස්වභාවය වළක්වා ගන්ට තම තමා දක්ෂ වෙන්ට ඕනැ. ඒක තව කෙනෙක් කරල දෙන්නෙ නෑ. තව කෙනෙක්ට පුළුවන් තමන්ට හතුරු වෙන විදිහ වළක්වා ගන්ට උපකාර කරන්ට, මග පෙන්වන්ට පමණයි. ”ඔහොම කරන්න එපා. මෙහෙම කරන්න”. මේ ආදී වශයෙන් මග පෙන්වීමක් විතරක් කරන්ට පුළුවන්. අන්න ඒ සඳහා තමා, අපි මේ ධර්මය සිහිකරල දෙන්න කල්පනා කළේ.
එතකොට ඒ දිව්‍ය පුත‍්‍රයා කියා සිටියා ”යම් දෙයක් කළාට පස්සේ, ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්නට හොඳ නෑ. අන්තිමේදී කදුළු පිරුණු මුහුණින් තමයි ඒවයේ විපාක විදින්න සිද්ධ වෙන්නේ” කියල. බලන්න මේ කියන කාරණාව. යම් දෙයක් කළාට පස්සේ ඒ අනුව දුක් වෙනවා නම්, ඒ දේ කරන්ට හොඳ නෑ. අපි මේ ධර්මය සිතේ දරා ගන්ට ඕන. එතකොට ඇයි ඒ දේ කරන්න හොඳ නැත්තේ? අන්තිමේදී කදුළු පිරුණු මුහුණින් ඒවට විපාක විඳින්ට සිද්ධ වෙන නිසා. ඒ විපාක තව කෙනෙක් නොවෙයි විඳින්නේ, තමාම යි. තමන්ටම ඒ දුක් විඳින්න සිද්ධ වෙනව. ඒක තේරුම් ගන්න.
දැන් බලන්න තමාට තමා ම හතුරෙක් වෙනවා නම්, මේ ධර්මය පිළිගන්නේ නෑ නේද? නමුත් අපි යමක් කළා ම ඒකෙ විපාක කඳුළු පිරුණු මුහුණින් විඳින්ට සිද්ධ වෙනවා කියල පිළිගන්නවා නම්, අන්න ඒක කරන්නෙ නෑ තමන්ට මිතුරු කෙනා. එහෙනම් මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන පිළිගන්න. ඊලඟට එයා කියා සිටියේ කුමක්ද? ”යම් දෙයක් කළාට පස්සෙ, ඒ අනුව පසුතැවිලි වීමක් නැත්නම්, ඒවගේ දේවල් තමයි කරන්ට ඕනැ කියල. එහෙනම් අන්න ඒ ධර්මයත් තේරුම් ගන්න. අපි යමක් කළාට පස්සේ ඒකෙන් පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේ කරන්ට ඕනැ. යමක් කළාට පස්සේ, ඒ දේ අනුව පසුතැවෙනව නම්, ඒ දේ කරන්න හොඳ නෑ. ඇයි ඒක කරන්න හොඳ නැත්තේ? ඒකෙ විපාක විදින්න සිද්ධ වෙන්නෙ කඳුළු ගල ගලා. නමුත් යමක් කළාට පස්සෙ ඒකෙ පසුතැවිලි වීමක් නැත්නම්, ඒ දේවල් කරන්න ඕනැ. මොකද ඒ දේවල් කළ යුත්තේ…? ඒවයෙ විපාක සතුටු සිතින් විඳින්ට පුළුවන් නිසා.
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
සියලූ‍ දෙනාටම තෙරුවන් සරණයි…!

Comments

  1. සම්පූර්ණ ඇත්ත.

    ඔබට සුබ අළුත් අවුරුද්ධක් වේවා!

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”