මේ ශ‍්‍රී ලංකාවයි.. කුමන්ත‍්‍රණ පරදවන රටයි...

ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්‍ෂයන් සියළු දෙස් විදෙස් කුමන්ත‍්‍රණ පරදා බැතිබර මහජන වරමින් යළිත් ජාතියේ මහ පුටුවට...

2005 ජනාධිපතිවරණයේදී දශම දෙක තුනක පරතරයකින් ජනපතා පුටුවට තේරී පත්වූ මහින්ද රජපක්‍ෂයන් 2010 මෙවර පැවති ජනාධිපතිවරණයෙන් මිලියන 2කට ආසන්න මහා ජනවරමකින් යළිත් ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇත. මේ මහා ජන වරම කියා පාන්නේ ඔහුගේ ගතවූ පාලන කාලය තුලදී ජාතියේ අභිලාෂයන් මල් ඵල ගැන්වූ බව නොවේද?

දශක දෙක තුනක් පුරා පැතිරී තිබුණු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වසර තුනකින් නිමාකල ඒ සේනාධිනායකයා වෙත සිය කෘතවේදීත්වය ලාංකීය ජනයා පල කර ඇත්තේ 6,015,934 ක මෙන්ම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 57.88% ක පමණ මහා ඡන්ද වර්ෂාවකිනි.


ත‍්‍රස්තවාදය වැනසු ඒ අභීත සටනේ වීර සෙන්පතියෙකු වූ සරත් ෆොන්සේකාද යොදා ගනිමින් මහින්ද රාජපක්‍ෂයන්ට විරුද්ධව බටහිර අධිරාජ්‍යවාදී බලවත් රටවල් විසින් ක‍්‍රියාත්මක කල සටකපට උපක‍්‍රමය ගෙවුනු ජනවාරි 26 වැනිදා සියළු වැඩ පසෙක ලා හිමිදිරියේම ඡන්ද පොලට ගිය අග නගරයේ මෙන්ම ඈත ගම් දනව් වල සියළු ජනයා විසින් උපන් ගෙයිදීම පැරදවීමට සමත් වී ඇත. ඔවුහු සුභ අනාගතයක් බලාපොරොත්තුවෙන් දෙවන වරටද රාජපක්‍ෂයන් වෙත ඔටනු පළඳවා ඇත.

අද දවසේ මෙන්ම එළැඹෙන අභියෝගයන් අභිමුවදී තීරණාත්මක ලෙස මවුබිමේ දිශානතිය ජයග‍්‍රහණයේ දිසාවටම මෙහෙවාලන්නට ඔබ සැමට ධෛර්යය.. ශක්තිය... ලැබේවා

Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”