මොනවද මේ HYBRID වාහන

             මොනවද මේ HYBRID වාහන
ඇත්තටම මොනවද මේ HYBRID(දෙමුහුන්) වාහන..? මේ පිළිබද අද හැමතැනම කතා වෙනවා. එහෙම නැත්නම් HYBRID(දෙමුහුන්) වාහන කියන්නෙ බල ශක්ති දෙකක් හෝ කිහිපයක් මාර්ගයෙන් බලය ලබා ගන්නා වාහන වලට. අද තියන වාහන ගොඩක් ඒ ව බලය ලබා ගන්නේ පෙට්‍රෝලියම් (ඩීසල් හෝ පෙට්‍රල් ) වලින්, නමුත් දෙමුහුන් වාහන වල පෙට්‍රෝලියම් වලට අමතරව විදුලිය (බැටරි ) හෝ සූර්ය බලය පාවිචි වෙනවා.
නමුත් එක අවස්ථාවක පාවිචි වෙන්නෙ එක ප්‍රභවයක් විතරයි.
උදාහරණයක් විදිහට අඩු ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ (අඩු වේගයෙන් යන විට ) විදුලිය භාවිතා කරන අතර වැඩි ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ පෙට්‍රාලියම් යොදා ගන්නවා. මේය සම්පූර්ණ ස්වයන්ක්‍රීය ක්‍රමයකට සිදුවේ.

උදාහරණයක් විදිහට අඩු ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ (අඩු වේගයෙන් යන විට ) විදුලිය භාවිතා කරන අතර වැඩි ධාරිතාවයකින් එන්ජිම වැඩ කරන අවස්ථාවේ පෙට්‍රාලියම් යොදා ගන්නවා. මේය සම්පූර්ණ ස්වයන්ක්‍රීය ක්‍රමයකට සිදුවේ.

මේ ක්‍රමයෙන් තියන ප්‍රධානම වාසිය වන්නේ,
1. ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 40 පමණ ධාවනය කල හැකි වීමයි.එයට හේතුව වන්නෙ අඩු ධාරිතාවකදී විදුලිය භාවිතා වීමයි.අද ඛනිජ ඉන්ධන වල පවතින මිල

මෙන්ම දුර්ලභ බව සැලකීමේදී මෙය ඉතා අගය කල යුතුය,
2. එමෙන්ම පරිසර දුෂණය අවම කිරීමටද මෙය හොද විසදුමකි.
3. පොසිල ඉන්ධන දහනයෙන් එන්ජිමට සිදුවන ක්ෂය වීම් මෙනම හානිද අවම වෙ.
දැන් බලමු කොහොමද මේ තාක්ෂණය ක්‍රියත්මක වෙන්නෙ කියල.











ඉහත රුපයේ විදිහට වාහනයක ප්‍රධාන ක්‍රියාවන් 3 සිදු වෙනවා.

1. Regenerative Braking.

මෙතනදි සිදුවන්නේ වාහනයේ වේගය අඩු වන අවස්ථාවේ දීම ක්ෂණිකව එන්ජින් ශක්ති ප්‍රභවය විදුලියට මාරු වීමත් වේගය වැඩි කරන විට එන්ජින් ශක්ති ප්‍රභවය ඛනිජ ඉන්ධන වලට මාරු වීමත්ය.
මෙය වාහනයේ එන්ජිමට හෝ අභන්තරයේ ගමන් කරන්නන්ට නොදැනෙන සේ සිදුවේ.

2. Electric Motor Drive/Assist.

මෙහිදි මොටරය වාහන කදුනැගීමේදී , ත්වරණයකදී හා වේගය වැඩි කිරිමකදී, අමතර ශක්තියක් ලබා දේ.

3. Automatic Start/Shutoff.

මීට අමතරව වාහන නැවතුන වස්තාවේ එන්ජිම ස්වක්‍රීයව නිවා දැමීම මගින් ඉන්ධන දහනය අවම කිරීමද සිදු කරයි.

මෙම වාහන වල විශේෂතා කිහිපයකි.බැටරි ප්‍රමාණයෙන් විශාල මෙන්ම මොටර් පද්ධතියදා නිසා වැඩි බර ප්‍රමාණයකින් යුක්තය. එම නිසා මෙය වේගය පවත්වා ගැනීමට සුවිශේෂි වු හැඩයකින් යුක්තය,
මෙහි බැටරි පද්දතිය නැවත ආරොපිත තත්වයේ පවතින අතර ආසන්න වශයෙන් කිලෝමීටර් ලක්ෂ දෙකක් පමණ ධාවනය කල හැක.

Comments

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”