මොනවද මේ CMS කියන්නේ

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් වල තියන කාර්යබහුල කමත් එක්ක බ්ලොග් ලියන්න තියා email එකක්වත් බලාගන්න වෙලාවක් නෑ.ඒවයින් කමක් නෑ ලියන්න පටන් ගන්න ඕන.අද මම ලියන්න අදහස් කලේ CMS කියල කවුරුත් කියන Content Management System ගැන. මේකෙනුත් වෙබ් පාදක Content Management System ගැන තමයි මම කියන්න යන්නේ
මොනවද මේ..?
වෙබ් පිටුවක , වෙබ් පාදක පද්ධතියක  ඇති අන්තර්ගතය පරිපාලනය, කළමනාකරණය, මෙහෙයවීම සැකසීම සහ වෙබ් පද්ධතියේ සහ සම්බන්දතාව ගොඩ නැගීම මෙමගින් සිදු කරයි. ඉස්සරනම් වෙබ් පුටුවක් හදනවා කියන්නේ හෙනම ගේම, නමුත් කාලයත් එක්කම මේක ටික ටික විකාශනය වෙලා අද වෙබ් නිර්මාණය පිලිබද කිසිම දැනුමක් නැති කෙනෙකුට වුනත් ඉතාම පහසුවෙන් , ඉතා අඩු කාලෙකින් ඉතාම ක්‍රමවත්ව වෙබ් පිටුවක් නිර්මාණය කරන්න හැකියාව ලැබී ඇත්තේ මෙමගිනි.
ඊට අමතරව සියලුම වෙබ් hosting සමාගම් සියල්ලම පාහේ මෙම WCMS ස්තාපනයට සහය දක්වයි.
ප්‍රධාන වශයෙන් අපි Joomla සහ WordPress යන WCMS  ගැන කතා කරමු.

මේ WCMS run කරන්න වෙබ් server එකක් ඕන වෙනවා, ඒ කියන්නේ තමන්යේ පරිගණකය වෙබ් server එකක් බවට පත් කරන්න ඕන. එකට Aparche, IIS වගේ වෙබ් එකක් ස්ථාපනය කරගනන් ඕන.
එහෙම නැත්නම් WAMP හරි XAMPP හරි ස්ථාපනය කරගන්න.

ඊට පස්සේ Joomla හෝ WordPress මෙතනින් බාගත කරගන්න.මෙහිදී මෙය zip file එකක් ලෙස භාගත වන අතර එය unzip  කිරීම සිදුකල යුතුය.

WAMP නම්.....

C:\Wamp\www 

ගොනුව තුල Joomla ලෙස ගොනුවක් සාදා පෙර unzip කල joomla ගොනුව තුල  පිහිටි අන්තර්ගතය පිටපත් කරන්න.

දැන් වෙබ් බ්‍රව්සරය විවෘත කර  http://localhost/joomla

ඒ සමගම joomla intallation wizard  එක  ආරම්භ වන අතර පහත පරිදි ස්ථාපනය කල හැක








මෙම එක අවසානයේ Joomla Installation Directory මකා දැමීම කල යුතුය. නැතිනම් නැවත මුල සිට ආරම්භවීමට හැකියාව ඇත.

අනතුරුව වෙබ් බ්‍රව්සරයේ  http://localhost/joomla/administrator ටයිප් කරන්න.
පහත වින්ඩෝව ලැබෙන අතර පෙර මුර පදය යෙදීමෙන් Joomla පාලක පුවරුවට පිවිසිය හැක.





එය ඉහත පරිදි වේ

මීලග ලිපියෙන් එක සහ සදාගත් වෙබ් පිටුවක් අන්තර්ජාලයට එක් කරන ආකාරය බලමු.



Comments

  1. දිගටම ලියන්න.අපි කියවනවා.

    ReplyDelete
  2. ඇත්තටම හෙද ලිපියක්... ඊලග එකත් දාන්න....
    ස්තූතියි

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”