අපි කන අපිවත් කන අපේ අවුරුද්ද.

                         අපි කන අපිවත් කන අපේ අවුරුද්ද.

අද office එකේ මාර නිදහසක් වගේම පාලුවක් දැනෙනව, මොකද කියල බැලුවා, අ...හා අවුරුදු එනවා නේ, අවුරුද්දට හැමෝම ගමේ ගිහිල්ල, ගෙවල් ලග තියන අපි වගේ (අ)වාසනාවන්තයො කීප දෙනෙක් ඇරෙන්නේ ඔක්කොම ගමේ ගිහිල්ල.ඇත්තටම කොලබ වැඩ කරන අයගෙන් 80 % පිටපලාත් වල අය. මේ මිනිස්සු මුලු අවුරුද්දක් පුරාවට දාඩිය මහන්සියෙන් හම්බ කරල අලුත් අවුරුද්දට ගෙවල් වලට යන්නේ පුදුමාකාර  ආශාවකින් කියල හිතෙන්නේ යන්න සතියකට කලින්ම ප්ලෑන් කරන  කොට තමයි.එහෙම බලන කොට අවුරුද්ද කියන්නේ මාරම වටින දෙයක්, අවුරුද්දකට සැරයක් හරි තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්  වගේම තමන්ගේ ආදරණීය ය වත් බලාගෙන කොල්ලො සෙට් එකත් එක්ක අවුරුදු උත්සව වලට හිගින් ආතල් ගන්න අපේ අයට චන්ස් එකක් ලැබෙනවානේ.
ඊටත් වඩා අලුත් අවුරුද්දක් එක්ක එන සිරිත් විරිත් නම් හැබෑම වටිනවා, මේ හැම අවුරුදු චාරිත්‍රයකම සතුට,සහයෝගය,ආදරය,සශ්‍රිකත්වය  කලගුණ සැලකීම වගේ සොදුරු හැගීම් ගැබ් වෙලා තියනවා.අද කාලේ හැටියටනම් අවුරුද්ද හැමදාම එනවා නම් හොදයි කියල හිතෙන්නේ අපේ සමාජයින් වියෙකී යන සමාජ ගුණධර්ම රාශියක් නැවත දවසකට හරි මතක් කරල දෙන්න අවුරුද්දට හැකියාව තියන නිසා වගේම අපේ කොල්ලන්ට කෙල්ලන්ට දවස් කීපයක් හරි ආතල් එකේ ඉන්න චන්ස් එක ලැබෙන නිසාමයි.
නමුත් අවුද්දේ මම දකින නරක පැත්ත තමයි ඉවක් බවක් නැතුව වියදම් කිරීම, මොකද අපිට ලැබෙන බොනස්,සැලරිය,ෆෙස්ටිවල් ඇඩ්ස්වන්ස් ඔක්කොම පිස්සො ටික වාගේ වියදම් කරනවා. ආයේ ඉතින් පඩි හම්බවෙන්නේ මැයි අග, ඒ ගැන හිතන් නැතුව අවුරුද්දට ඔන එකයි එපා එකයි ගන්න ගියොත් අවුරුදු ඉවට වෙලා හිගා කන්න වෙන්නේ.

අනික ගොඩක් කලු කඩ මුදලාලිලටනම් අවුරුදු කාලෙට කල්ල මරේ. විශේෂයෙන් අදුම් කඩ කාරයො කරන්නේම පරණ ඇදුම් ටික කාගේ හරි ඇගේ ගහන්න උත්සාහ කරන එක, මම මේ පාර ගිය ගොඩක් ප්‍රසිද්ධ ඇදුම් කඩ කිහිපයකම් පරණ ඇදුම් විකුණන්න තුබුනා,බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තියන අපි කවුරුත් දන්න විලාසිතා නිවසකත් පරන පොඩිවෙච්ච ඇදුම් ගොඩවල් පිටින් තුබුනා,

නමුත් මේවාගේ මිලනම් කිසිම අඩුවක් තිබුනේ නෑ.
මිනිස්සු අදුම් ගන්න පොර කන්නේ කවදාවත් අදුමක් ඇදගෙන පාරක බැහැල ගිහිල්ල නැති විදිහ. තමයි අවුරුද්දට  ලේ කෝප කරගෙන තමයි කඩෙන් එලියට යන්න වෙලා තියෙන්නේ,
තව මේකෙන් වාසි ගන්න බලන් ඉන්න කට්ටියක් තමයි බැන්කු,අවුරුදු දවසට මිනිස්සුන්ට ප්ලස්ටික් කෑල්ලක් දීල රුපියල් 15000 විතර අවුරුද්දක් F.D  දා ගන්නව Savings පොලියට. කොහොමද වැඩේ. අවුරුද්දේ කරන මුල්ම ගනුදෙනුවෙන්ම අපි අහුවෙලා..
අද හැම කඩ කාරයම තමන්ගේ තියන කුනු ගොඩවල් සේල් සේල් කිය කිය මිනිස්සුන්ගේ ඇගේ ගහනවා,අපේ පොරවල් ඉතින් මහ උඩ පැන පැන ගෙන අරගෙන මුලු අවුරුද්දම දුක් වෙනවා. පව් අහින්සක මිනිස්සු, ඇත්තටම මේ විදිහට කෑ ගැහුවට හොද දේවල් මිනිස්සුන්ට විකුණන අයත් ඉන්නවා. ඒ අය මට සමාව දෙයි,

කොහොම උනත් J.R ලොක්කගේ විවෘත ආර්ථිකේ හින්ද සින්හල අවුරුද්ද විනාශ වෙනවා කියන එකනම් කියන්න ඔ න,
ඉස්සර අපේ ගෙවල්වල කැවුම් කොකිස් අතිරස අලුවා හැදුවට දැන් අය නම් අවුරුද්දට කලින් දවසේ පෙරේරා සහ සමාගමට ගිහිල්ල පෙරේරා මහත්තයට ගාන ගෙවලා පෝලිමේ චා වෙලා කැවුම් ගෙඩි පහකුයි,කොකිස් තුනකුයි,අතිරස දෙකකුයි අරගෙන එනවා. පව්....ළමය්, අම්මා ,තාත්තා,ආච්චි,සීයා මේ හැමොම ගිලින්නේ ඔය ටික.
මේකයි දැන් අවුරුද්ද, මොනවා කරන්න, කොහොම හරි මෙහෙමවත් අවුරුද්ද තියන එක ලොකු දෙයක්,
තව අවුරුදු දහයකින් අලුත් අවුරුද්ද කොහොම වෙයිද ? හිතාගන්න වත් බෑ

Comments

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”