තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම- පලමු කොටහ

සතියක විතර බ්ලොග් විරාමයකට තිත තියල විවේකී ඉරිදා දවසේ පොඩි ලිපියක් ලියන්න කියල හිතුනා, කාලෙක ඉදන් ආශාවෙන් හිටපු තොරතුරු තාක්ෂණයේ සුදු වුන පෙරලිකාර නව සොයා ගැනීමක් ගැන තමයි ලියන්න හිතුවේ. කවුරුත් දන්න කවුරුත් කථා කරන Virtualization ගැන එහෙම නැත්නම් Visualization ගැන එහෙම නැත්නම් ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්නේ.අද කියල මූලධර්මය ඉතාමත් විශාල ලෙස වෙනස්වීම් වලට භාජනය වෙලා තියනවා, පහත රූප සටහන බලන්න.

ගණක යන්ත්‍ර වලින් පටන් ගෙන,Mainframe පරිගණක හරහා , Centralized ,Distributed ලෙස විකාශනය වූ ලොකයේ පරිගණක භාවිතාවන් අද  Virtualization  නම් ඒ දියුණු සිද්ධාන්තය ට ලගාවී  ඇත.  අද අපිට Server,Systems නම් කොච්චර තියනවාද? උදාහරනයක් ලෙස ඔනම ආයතනක අවම වශයෙන් වෙබ් සර්වර් එකක්,මේල් සර්වර් එකක්, ෆයිල් සර්වර්ස්, ඩේටබේස් සර්වර්ස් වගේ එකී මේකී නොකී සර්වර්ස් සිස්ටම්  කොච්චර තියනවාද. 
මේ හැම එකක් ම වෙන වෙනම physical සර්වර්ස් වල දාන්න කොහෙන්ද අපිට ඉඩ, ඉඩ විතරද සල්ලි, වෙලාව, මානව සම්පත කෝ? අනික මේ සර්වර්ස් , සිස්ටම්ස් වෙනම install කලාම පරිපාලනය කොච්චර නම් අමාරුද? 
මේ ඔක්කොටම විසදුම පරිපාලනයට පහසු, ඉතාම flexible  , මුදල් නාස්ති නොවන , ඉඩකඩ ඉතිරි වෙන විසදුමක් නේද?
Virtualization  තමයි හොදම විසදුම.  Virtualization  කියල කියන්නේ එක හාර්ඩ්වෙයාර් පද්ධතියක් මත සර්වර්ස්, සිස්ටම්ස් කිහිපයක් එකිනෙකට ස්වාධීනව ක්‍රියාත්මක වීමයි. ඊට අමතරව storage, Network, memory , OS වාගේ සියලුම සම්පත් හෝමාරුව, පරිපාලනය වාගේ දේවල් පහසුවෙන් කරගන්නත් උදව් වෙනවා.



Virtualization අවස්ථා කිහිපයකින් හදුනා ගන්න පුලුවන්.

පලවෙනි එක තමයි හාර්ඩ්වෙයාර් Virtualization. එක හාර්ඩ්වෙයාර් platform එක මත පරිගණක පද්ධති එකක් හෝ කිහිපයක් ස්වාධීනව ක්‍රියාත්මක වීම මෙමගින් අදහස් කෙරේ. මෙය බොහෝ යෙදවුම් මට්ටමේ තිබෙන ක්‍රමයකි,
මේ සදහා විශේෂිත මෘදුකාන්ගයක් අවශය වේ.
එකක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදිත  Hyper-V. මෙය ඉන්ටෙල් -VT සහ AMD-Vයන ප්‍රොසෙසර් මත ක්‍රියත්මක වේ.
අනිත් සුවිශේෂී වන්නේ කලක පටන්ම සම්බන්ධව කටයුතු කල සමාගම නිෂ්පාදිත VMWare Hypervisior. මෙය මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදිත  Hyper-V වඩා ඉදිරියෙන් සිටන අතර සුවිශේෂී පහසුකම් රුසකින් යුක්ත වේ.
මේ සම්බන්ධ සියලු විස්තර ඊලග ලිපියෙන්  බලාපොරොත්තු වන්න.
අනික්  ක්‍රමය වන්නේ Software Virtualization ක්‍රමයයි. මෙහිදී හාර්ඩ්වෙයාර් platform  එක මත host operating system  එක ස්ථාපනය කරනු ලබන අතර ඒ මත එක Virtualization  මෘදුකාන්ගය ස්ථාපනය කරයි.අනතුරුව තමන්ට අවශය ලෙස guest operation system ස්ථාපනය කරගනු ලැබේ.


මෙය වලින් හාර්ඩ්වෙයාර් Virtualization වෙනස් වන්නේ Host Operation System එකක්  මත guest operating system  ස්ථාපනය කිරීම නිසාය,
මේ සදහා යොදාගන්න මෘදුකාන්ග  අතර
VMWare Workstation
Microsoft Virtual PC
Oracle Virtual Box ප්‍රධාන වේ.

ප්‍රධාන මතකය(memory)    මතක අවකාශයක් (memory pool)  එකක් හරහා පද්ධති  කිහිපයක් අතර හෝමාරු කර ගැනීම Memory Virtualization යනුවෙන් අදහස් කරනු ලබයි.


පෙර මෙන්ම Storage Pool එකක් හරහා Virtual Hosts වෙත Storage හෝමාරුව Storage Virtualization මගින් සිදු කරයි

මේ පිලිබද වැඩි විස්තර කිරිම මම ලබන සතියට කල් දානවා,මොකද හොදටම නිදිමතයි



Comments

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

මොකක්ද මේ හුචක්කුව.........