තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම - දෙවෙනි කොටහ

ඔයල පොරොන්දූ වුන විදිහටම තොරතුරු තාක්ෂණයේ මවල පෙන්වීම දෙවෙනි කොටසත් අරගෙන ඔන්න ආවා. අද මම විස්තර කරන්නේ කලින් දවසේ විස්තර කල Virtualization තාක්ෂණ සිද්ධාන්ත යථාර්තයක් කර ගන්න සාදා තිබෙන තාක්ෂණික ක්‍රම පිලිබදවයි .
මුලිම මම හැරෙන්නේ Hardware Virtualization  පැත්තට. Hardware Virtualization  වලදි ඉදිරියෙන්ම ඉන්නේ Virtualization නව මගකට යොමු කරපු නව සොයා ගැනීම් බොහොමයකට වග කිව්ව කවුරුත් දන්න VMWare  සමාගමයි.
මේ යටතේ කතා කරන්න වෙන්නේ  VMWare Hypervisior ගැන,මේ තාක්ෂණය (ESX) සහ මෙහි නැවුම්ම පියවර ESXi ලෙස හදුන්වනවා. 
මම පලමු ලිපියේ කිව්ව විදිහටම Hardware Virtualization වලදි Harware මත Virtual PC හෝ Servers කිහිපයක් පවත්වාගෙන යෑමට සහ ඒවායේ පරිපාලනය පහසු කිරීමට සුදුසු අතරමැදි මැදියෙක් වුවමනා වේ. මේ අතරමැදියාගේ කාර්යය සිදු කරන්නේ VMWare Hypervisior විසිනි.






1. මුලින්ම බාගත කල යුතු වේ. මෙම සබැදුමට යන්න.මෙය bootable  CD එකක් ලෙස ලැබේ.



2. දෙවනුව මෙම bootable CD  එක මගින් පරිගණකය boot  කල යුතු වන අතර ඒ සමගම Virtualization Platform එක ස්ථාපනය වීම ආරම්භවේ.


මෙතනින් ESXi Installer ආරම්භ වේ.





මෙම අවස්ථාවේ තමන්ට සුදුසු දෘඩ තැටිය තෝරා install කිරීම ආරම්භවේ






මෙම අවස්ථාව ඉතා වැදගත් වේ, මෙහිදී VMWare Hypervisior  සම්බන්ද විම සදහා ip එක්ක ලබා දිය යුතුය.
අනතුරුව VMWare VCenter හෝ වෙබ් බ්‍රව්සරය මගින් මෙහි පරිපාලනය කල හැක.

පහත වීඩියෝවේ මේ පිලිබද වැඩි විස්තර තියනවා.


මම ඊලගට යන්න හදන්නේ මයික්‍රොසොෆ්ට් සමාගම මේ සදහා නිෂ්පාදනය කල Microsoft Hyper -V පිලිබදවයි. මෙය  Fully Hardware Virtualization කියන්න අමාරුයි,මුලින්ම මේ සදහා Server මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කල යුතු වෙනවා.කෙලින්ම කියනවානම් වින්ඩොස් 2008 Server ස්ථාපනය කරන්න ඔන.
මෙන්න තියනවා කරන විදිහ.










 දැන් අපිට ඔන විදිහට Virtual machines දාන්න පුලුවන්.
VM Wareලාගේ Hypervisor කොපි කරපු Microsoft සමාගම එයාලගේ නවතම මෘදුකන්ගය ලෙස Hyper-V Server හදුන්වා දීල තියනවා.මේක තනිකමරම VMWare Hypervisior වගේමයි. මේ ක්‍රම දෙකම දැන් ඉතාම ප්‍රචලිතයි.මේ ක්‍රම දෙකේ වෙනස පහත රූපයේ තියනවා.


Software Virtualization  ගැන ලිපියකුත් එක්ක ලගදීම අයේ එන්නම්







Comments

  1. ඉතා වැදගත් ලිපියක්. බොහොම ස්තුතියි.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”