FOSS නිසා ගොඩ යාම

මේ දවස් වල අපේ office එකේ පොඩි කලබලයක් තියනවා.ISO 270001 (Information Security ) කියල  Certification එකක් ගන්න තමයි උත්සාහය, මේකෙදි සියලුම illegal (unlicences) සහ Crack Software ඉවත් කරන්න වෙලා තියනවා.ඒවා ඔක්කොම ඉවත් කලාම ඉතුරු වෙන්නේ  OSඑකයි,Office එකයි,Oracle වගේ තව දෙක තුනකුයි විතරයි.අපි මෙච්චර කල් Database Access Tool එකක් විදිහට පාවිච්චි කලේ TOAD.මේ ගෙම්බ ඉවත් කලාම අපිට PL-SQL ඉතුරු වුනේ විතරයි.ඒක Oracle එක්ක install වෙන Command line Tool එකක්.දැන් අපිට හෙනම ප්‍රශ්නේ. TOAD සල්ලි වලට ගන්න බැලුවා, ඒක මිල ඇහුවොත් තරුපේනවා.$2600 එක licence එකකට.සෙල්ලම් නෑ නේද? ඊට පස්සේ තමයිනිකමට වගේ  FOSS හොයන්න පටන් ගත්තේ.FOSS හොයන්න අපිට ප්‍රධාන ස්ථාන දෙකක් තියනවා.
http://sourceforge.net/


http://alternativeto.net/


මම මුලින්ම ගියේ source forge  එකට,Search කලා TOAD කියලා.TOAD වෙනුවට යොදාගන්න Software පුලුවන් 10 වඩා list උනා.
DbVisualizer 
Tora 
වගේ කිහිපයක්ම එතන තිබුනා.
මම මේ සියල්ලම අත්හදා බැලුවා, කියන්න පුදුමයි මේවා සියල්ලේ තියන Features, TOAD  වලට වඩා සෑහෙන ඉදිරියෙන් තිබුනා.
ඊට අමතරව මේවා Performance, Realibity  එහෙමත් සෑහෙන්න ඉහලයි.
මේ දෙකෙන් මම පාවිච්චි කරන්න තීරණය කලේ TORA. මොකද DBVisualizer වල TORA සාපේක්ෂව memory usage එක ඉහලයි.

දැන් අපි කිසිම අවුලක් නැතුව කලින් තිබුනටත් වඩා හොදින් කරනවා.
අපි එක එක Crack, Illegal Software හොයනවට වඩා ඉතාම පහසුවෙන් හොද FOSS හොයාගන්න පුලුවන් බව නම් ඉතාම පැහැදිලියි. මුදල් පසුපස දිවයන සමාජයක මෙවැනි සෑදීමට තම කාලය ,ධනය සහ ශ්‍රමය කැප කරන දහස් ගනනක් දෙනාට මම හිස නමා ආචාර කරනවා.

Comments

  1. DBVisualizer(http://www.dbvis.com/) කියන්නේ Open Source software එකක් නොවේ. නමුත් එහි Free Community Edition එකක් ඇත.
    TOAR හි මුල් නිර්මාණකරුවා TOAD නිර්මාණය කරන සමාගමට බඳවා ගන්නා ලදී.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”