ඇත්තටම හැක් කලාද නැත්නම් හැක් වුනාද

 පසුගිය දවසක අපිට අසන්න ලැබුනු පුවතකින් දැක්වුනේ  ලංකාවේ  හැකර්ලා කණ්ඩායමක් Symantec, Apple, Facebook, Microsoft වැනි ලොව සුපතල සමාගම් සහ SLT,Dialog,SLIIT ,UCSC ඇතුල සමාගම් සහ ආයතන විශාල ගණනක් හැක් කලා කියන කාරණය.මොවුන් තමන්ව හදුන්වා දෙනු ලබන්නේද Anonymous Srilanka  යන නමිනුයි,මෙමගින් ඔවුන් උත්සාහ කර තිබුනේ තමන්ද ලොව සුපතල යන Anonymous Hackers කණ්ඩායමේ සාමාජිකයින් බව පෙන්වීමටය.


ලංකාවේ  ජනමාධය මගිනුත් මේ සදහා විශාල ප්‍රචාරයක් ලබා දුන්නේ ලංකාව ගැන උදම් අනීමක්ද සමගයි.අන්තර්ජාතිකව මෙයට ප්‍රචාරයක් ලබා දුන්නේ ලොව ජනප්‍රියතම තොරතුරු තාක්ෂණ සමූහයක් වන www.cnet.com ය. 
ඔවුන්ගේ ලිපිය බලන්න මෙතනින් බලන්න.


මොවුන් ප්‍රසිද්ධ කර තිබුනේ අදාල වෙබ් අඩවි වල DNS records පමණකි.ඔවුන් එය මේ පිලිබද කල ප්‍රචාරය මෙතනින් බලන්න.
නමුත් වෙබ් අඩවියක  DNS records ප්‍රසිද්ධ කිරීම හැක් කිරීමක් ලෙස සැලකීමටත් එය මහා මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස පැවසීමත් කොතරම් අනුවණ ක්‍රියාවක්ද?
උදාහරණක් ලෙස බැන්කුවක් කොල්ලකන්න යන අයෙක් බැන්කුවේ ලිපිනය සොයාගත්තා වැනි වැඩක් මොවුන් සිදු කර ඇත,බැන්කුවක ලිපිනය ඔයා ගන්න සොයා හොරෙකු විය යුතු නැත,එය කාටත් සොයා ගැනීමට අපහසු නැත.එය ප්‍රසිද්ධ කර ඇති තොරතුරකි.
මෙය ඉතා පහසුවෙන් DNS lookup Tools හෝ DNS lookup වෙබ් අඩවි මර්ගයෙන් කරගත හැකිය. 


පහත රූපසටහනේ දැක්වෙන්නේ නම් dnsinfo වෙබ් අඩවිය හරහා ලබාගත් www.dhanushkasline.com වෙබ් අඩවියේ DNS  සහ DNS ZONE Tranfer Record  කිහිපයයි.




මීට අමතරව බොහෝ වෙබ් අඩවි සහ මේ සදහා පවතින අතර මෙය ඉතා ප්‍රාථමික මට්ටමේ හැකින් ක්‍රියාවක් බව කාටත් පැහැදිලි වේ.
ලංකාවේ නමටද කැලලක් ඇති කරමින් ලොවට විහිලුවක් වු මේ ක්‍රියාව සිදු කිරීම සම්බන්දව , වග කිව යුත්තා කවුද? 
මේ පිලිබද මෙරට ප්‍රසිද්ධ ගොසිප් අඩවියක සටහන් වුනේ මෙලසයි. 





Comments

  1. නියමයි..!!!
    මාත් බැලුවා අපෙ උන්ට පුලුවන්ද ඔච්චර ලොකු වැඩක් කරන්න කියල.
    කයිවාරු තමා

    ReplyDelete
  2. ඕක දැන් සාමාන්‍ය දෙයක්නේ. තොරතුරු තාක්ෂනය ගැන වැඩි දෙයක් නොදන්නා අය බය කරන්න "අපි ඔයාව හැක් කළා" කියලා කියනවා. එහෙම නැතිනම් ඔය මොකක් හරි phishinig සයිට් එකක් දාලා විස්තර ටික හොරකන් කරලා ලෝකෙට ඇහෙන්න කෑගහනවා. දෙකේ පන්තියේ වැඩ බව ඔය කෑගහන කට්ටිය දන්නේ නෑනේ. අපිටත් පුළුවන්, ඒත් දෙකේ පන්තියේ වැඩ කරන්නේ නෑ.

    ReplyDelete
  3. අනික dns වල ලීක් වෙන්න දෙයක් තියෙනවද. මොකද isp ඕක හංගගෙන නෙවෙයිනේ ඉන්නේ.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහස් මට සවියකි

Popular posts from this blog

New Apple IPhone 3G S Comes Out

ජීව්තයට බුදුදහමෙන් බිදක්

“හිස් පුද්ගලයන්ගේ නින්දා අපහාස කිසිසේත්ම ගණන් ගත යුතු නැහැ”